යටි බිම්ගත දේශපාලනයේ ඇතුලාන්තය

ජනපති කියන දේවල් වලට කිසිවෙක් උත්තර දෙන්න එපා……රනිල් කීවේ කාට ද?

අධ්‍යපන ඇමති අකිල විරාජ් පුදුම කළ කතාව කුමක්ද ?

ජනපති මෛත්‍රිපාල  සිරිසේන මහතා ඇමතු හදිසි ඇමති කැදවුයේ ඇයි.

කොළඹ අපේ ගමට ගිය ඇත්තෝ කව්ද ?

බැසිල් රාජපක්ෂට හදිසි කැදවිමක් ලැබුනේ කාගෙන්ද ?

ගාල්ලේ පැවැති ඒකාබද්ධයේ රහස් හමුව

 මහින්ද රාජපක්ෂ පායින්ම ගමනක් යයි. ඒ ගියේ කොහාට ද කියවලා බලපල්ලකෝ…..

ආවා කල්ලියට නොදෙවෙනි 16 කල්ලියට පල පල නොකියා පලා දෙන්නට රටේම පිරිසක් එක්වෙයි.

අලුතින් පත්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට හදිසියේ මතක් වු ලොවම දන්න පුද්ගලයා කව්ද?

මහින්ද රාජපක්ෂ චමල් හදිසියේ මාතර ආවේ ඇයි…..

ලොවම පවිත්‍ර කරන සුදු නෙ‍ළුම ගාල්ලේ දී පිපෙයි…..

දොස්තර රමේෂ්ට මහ ඇමති රහස දන්නවා ද?

දකුණු පළාතේ උණ ගැන උණ හැදෙන්නට මහින්ද රාජපක්ෂට කීවේ කව්ද ?

ප්‍රවීන ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ ශූරින්ගේ 65 වන ජන්ම දිනය හා නිර්මාණ දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ගාල්ලසංහිද පර්ෂදය විසින් සංවිධානය කරන ලද සුදු නෙළුම‘ සාහිත්‍ය කලා මංගල්‍යය පසුගිය සතියේ ගාල්ල හෝල් ඩී. ගෝල් ශාලාවේ දී පැවැත්විණි.  මේ සදහා මහ ඇමති ෂාන් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ මන්ත්‍රී රමේෂ් ඇතුළු පළාත් සභා නියෝජිතයන් මෙන්මමහාචාර්ය සුනිල් ආරියරත්නආචාර්ය ඩබ්.ඒ. අබේසිංහමහින්ද චන්ද්‍රසේකර මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් ද ආචාර්ය නන්දා මාලනී,විශාරද සුනිල් එදිරිසිංහකරුණාරත්න දිවුල්ගනේජානක වික්‍රමසිංහචන්දන ලියනාරච්චි ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

දොස්තර රමේෂ්ට මහ ඇමති රහස දන්නවා ද?

මහ ඇමති ෂාන් ට සහ මන්ත්‍රී රමේෂ් ගේ ආසන තිබුණේ එකම තැනකය. අපුරු රස වින්දන වැඩසටහන වේදිකාවේ යද්දී මහ ඇමති ෂාන් සමඟින් රමේෂ් සිටියේ තමන්ගේ කතාවකය. කොහොමද ගෙදර විස්තර මහ ඇමති ෂාන් කතාව පටන් ගත්තේ එසේය. වරදක් නෑ. ඔබතුමාට කොහොම ද? රමේෂ් ගෙනුත් ප්‍රශ්නයකි. වැඩ ටික කරගෙන ඉන්නවා. එසේ පටන් ගත් සාකච්ඡාව බොහෝ වේලාවක් බැරෑරැම් ආකාරයෙන් පැවැත්විණි. කෙසේ නමුත් ඔවුන් එහි දී සිදුකර සාකච්ඡාව මේ වන විටත් රහසකි.

 

මහින්ද රාජපක්ෂ චමල් හදිසියේ මාතර ආවේ ඇයි…..

හිටපු ජනපති මහින්ද සති අන්තයේ මාතර පැමිණියේ විවාහ මංගල්‍යයක් හා අවමඟුල් අවස්ථා කිහිපයක් සදහා සහභාගී වී ම සඳහාය. පවුලේ ඥාතියෙකු ගේ විවාහ මංගල්‍යයක් වු ඒ සදහා හිටපු කතානායක චමල් හා හිටපු ජනපති මහින්ද මනාල හා මනාලියගේ පාර්ෂවය වෙනුවෙන් විවාහය සදහා අත්සන් තැබීම සිදුවිය.

දකුණු පළාතේ උණ ගැන උණ හැදෙන්නට මහින්ද රාජපක්ෂට කීවේ කව්ද ?

විවාහය අත්සන් තැබීමෙන් පසු එහි සිටි පිරිස ගේ ඉල්ලීම් අනුව ඡායාරූප කිහිපයකටම පෙනී සිටි හිටපු ජනපති මහින්ද එතනින් පිටත් වුයේ අවමඟුල් කිහිපයක් සදහා සහභාගී වීම සදහාය. තමා අවමඟුල් සදහා සහභාගී වීම සදහා පැමිණෙන බවට මන්ත්‍රී අරුණට කලින් ම දන්වා තිබිණි. ඒ අනුව මන්ත්‍රී අරුණ වාහනයට නංවා ගත් හිටපු ජනපති මහින්ද අවමඟුල් උත්සව සදහා පිටත් විය. කෙහොම ද අරුණ දැන් මේ දකුණේ පවතින උණ තත්ත්වය හිටපු ජනපති මහින්ද කතාව පටන් ගත්තේ එසේය. සර් මාතර නම් තත්වය බෙහෝම දරුණුයි. මේ අය මුකුත් කරන්නේ නෑනේ. මන්ත්‍රී අරුණ ගේ පිළිතුර විය. ඒකනේ මේ අය මේකට නියම වැඩ පිළිවෙලක් නෑනේ. මෙකට මේ නිකන් ඉදලා හරි යන්නේ නෑ. වැඩපිලිවෙලක් කරන්න ඕන. මහින්ද එසේ කියා උණ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

අලුතින් පත්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට හදිසියේ මතක් වු ලොවම දන්න පුද්ගලයා කව්ද?

ආ අරුණ දන්නවද  දැන් පොඩ්ඩකට කලින් ශ්‍රී ලංකා එකට නව මහ ලේකම් කෙනෙක් පත් කරලා. මිනිහා කතාව පටන් අරගෙන තියෙන්නේ මගේ නම කියලා. මහින්ද එසේ කියද්දී අරුණ ඇසුවේ සර් මේ දැන් නම් ඕක වුනේ සර් කෙහොම ද ඕක දන්නේ කියාය. කෙසේ නමුත් ඒ කතාවට හිටපු ජනපති මහින්ද සිනා සුනා මිස පිළිතුරක් දුන්නේ නැත.  හිටපු ජනපති මහින්ද එම ස්ථානයට පැමිණෙන බව සැල වු බෙහෝ පිරිසක් අවමගුල ඇති නිවසේ මාර්ගයට වී හිටපු ජනපති මහින්ද පිළිගැනීමට එක්වී තිබිණි.

මහින්ද රාජපක්ෂ පායින්ම ගමනක් යයි. ඒ ගියේ කොහාට ද කියවලා බලපල්ලකෝ…..

මේ කට්ටියත් ඇවිල්ලානේ. මම කාර් එකේ යන එක හරි නෑ. බහිමු බහිමු. හිටපු ජනපති මහින්ද කී විට මන්ත්‍රී අරුණ කීවේ සර් මෙතන බැස්සොත් ටිකක් දුර පයින් යන්න වෙන බවයි. කමක් නෑ කමක් නෑ මේ කට්ටිය හමුවෙලා යමු කී මහින්ද පිරිස සිටි තැනින් සිය වාහනය නවත්වා ඔවුන් ද සමඟින් කතා කරමින් අවමගුල සදහා සහභාගී විය.

ගාල්ලේ පැවැති ඒකාබද්ධයේ රහස් හමුව

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ගාල්ල දිස්ත්‍රික් සංවිධානය පසුගිය සති අන්තයේ මන්ත්‍රී රමේෂ් ගේ නිවසේ දී පැවැත්විණි. මන්ත්‍රී වරුන් වන රමේෂ්, මොහාන්, සම්පත්, ක්‍රිෂාන්ත, චන්න, පියසිරි, සමිත හිමි, ඉසුරු ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් මේ සදහා සහභාගී විය. පසුගිය දා ගාල්ලේ පැවති ඒකාබද්ධයේ මැයි රැලියට සහය දැක් වු අයට ස්තූති කිරීමට මෙන්ම එහි අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම මෙහි දී සිදුවිය.

ආවා කල්ලියට නොදෙවෙනි 16 කල්ලියට පල පල නොකියා පලා දෙන්නට රටේම පිරිසක් එක්වෙයි.

යක්කලමුල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්දිම ලියනගේ මෙහි දී 16 දෙනා ගේ පැමිණීම සම්බන්ධව  විශේෂ කතාවක් කළේය. ඒ අතර යෝජනා කිහිපයක් යෝජනා විය. ඉදිරි මැතිවරණ පොහොට්ටුව යටතේ තරඟ කිරීම, 16 දෙනාගේ කණ්ඩයමේ අය සමඟ එකම වේදිකාවක අසුන් නොගැනීම, පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයින්ට අසාධාරණයක් නොකිරීම, 16 දෙනා හෝ දැනට ආණ්ඩුවේ සිටින අයගෙන් ලැබෙන මන්ත්‍රී ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කිරීම යන කාරණා මෙහ දී යෝජනා විය.

පළාත් සභාවේ ජන්දය දුන්නාට අපි විරුදධයි.

ඒ අතර කතා කර අක්මීමණ සභාපති සේන කලෙහෙවත්ත දැඩි චෝදනාවක් කළේය, පළාත් සභාවේ ඒකාබද්ධ මන්ත්‍රීවරුන් ගිය පළාත් සභා අයවැයට ඡන්දය දීපු එක වැරදියි. ඒවෙලාවේ එක පරද්දලා මේක විසුරුවන්න තිබුණා. එහෙම වුනා නම් මහ ඇමති ගෙන් මෙච්චර ප්‍රශ්න නෑ. අද හැම එකටම අවසර ගන්න වෙලා. අනිත් සභාපතිවරුත් එම චෝදනා වලට සහය පල කලේය. දැන්වත් විසුරුවන් කටයුතු කරනවා නම් හොදයි. කෙසේ නමුත් මේ චෝදනා වලට පිළිතුරු දුන්නේ මන්ත්‍රී සම්පත්ය. කතාවේ වැරද්දක් නෑ. නමුත් ඒ වෙලාවේ සියළු පළාත් පාලන ආයතන විසුරුවලා තිබුනේ. අපිට දේශපානය කරන්න මේක විතරයි තිබුනේ. අනිත් එක නවක මන්ත්‍රීවරුනුත් හිටියා. ඒ නිසා තමයි ඒ තීරණය ගන්න වුනේ. සම්පත් දීර්ඝව කරුණු පැහැදිලි කලේය.

බැසිල් රාජපක්ෂට හදිසි කැදවිමක් ලැබුනේ කාගෙන්ද ?

මීලග අදහස මන්ත්‍රී රමේෂ් ගෙනි. අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලයිස්තු වල හිටපු අයත් මන්ත්‍රීවරුනුත් එකට එක තැනකට බැසිල් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කැදවමු. ඒ අයටත් මේ ජයග්‍රහණය අයිතියි. අද සමහරුන්ගේ හිත් පවා සවුත්තු වෙලා. රමේෂ් ගේ ඒ යෝජනාව ඒකමතිකව සම්මත වු අතර එය ඉදිරි දිනක දී හික්කඩුව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය විය.

කොළඹ අපේ ගමට ගිය ඇත්තෝ කව්ද ?

මේ අතර ශ්‍රී ලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවතියේ කොළඹ අපේ ගම පරිස්‍ර යේ දීය. මෙහ දී විශේෂත්වය වුයේ 16 දෙනාගේ කණ්ඩායම ද එහ පැමිණ සිටීමයි. කෙසේ නමුත් හටපු ඇමති චන්දිම ආවේ රැස්වීම අවසන් වු පසුවය. ගාල්ලේ පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ශ්‍රී ලනිපය අපේක්ෂකයෙකුගේ අවමඟුලක් ඇතුළු තවත් අවමඟුල් කිහිපයකට සහභාගී වු හිටපු ඇමති චන්දිම ඒ සදහා යන විටම ඉදිරියට ආවේ රැස්වීම අවසන් වී පැමිණෙන ඇමති විජිතමුණි සොයිසාය. වැඩේ ඉවරයි. සොයිසා කියන විටම චන්දිම ට හමුවුයේ දකුණේ මහ ඇමති ෂාන් ය යන්න යන්න වැඩේ ඉවරයි. ෂාන් ගේ එසේ කියා පිටතට පැමිණියේ ශ්‍රීලනිපයේ උප සභාපතිවරයෙකු ද ලෙසය.

ජනපති මෛත්‍රිපාල  සිරිසේන මහතා ඇමතු හදිසි ඇමති කැදවුයේ ඇයි.

ෂාන් ට පසුගිය සතියේ නව තනතුරු කීපයක්ම ලැබුණි. ඇමති මනෝජ් විදෙස් ගත වීම නිසා ඔහුගේ අමාත්‍යංශයේ වැඩ බැලීම ද පැවරුනේ මහ අමති ෂාන්ටය. එහි වැඩ බලන අතර තුරු ශ්‍රී ලනිපයේ උප සභාපති තනතරු ද ඔහුට ලැබී තිබිණි. මෙම රැස්වීම පැවැත්වුන දිනයේ උදෑසනම ජනපති මෛත්‍රී ෂාන් අමතීය. ආ මහ ඇමතිතුමා කොහොම ද? අද එනවා නේද? ජනාධිපතිවරයා ගේ විමසීමට ෂාන් ගේ පිළිතුර ඔව් විය. ආ දවල්ට හමුවෙමු එහෙනම්. ඒ අවස්ථාවේ දී ඒ ඇමතුම ගැන ඉඟිය මහ ඇමති ෂාන් ට නොතේරුන ද නව නිළධාරීන් පත්කරන විට එම ඇමතුමේ තේරුම මහ ඇමති ෂාන් ට වැටහිණි.

රනිල් වික්‍රමසිංහ අගමැති තුමන් රහසේ කැද වු හමුව ගැන දන්නවා ද ?

එජාප දකුණු පලාත් සභා මන්තීවරන්ගේ දැඩි ඉල්ලීමක් වු අගමැතිවරයා හමුවීමේ අවස්ථාව පසුගිය සදුදා ඔවුන්ට ලැබිණි. හමුව සිදුවුයේ අරලිය ගහ මන්දිරයේ දීය. දකුණේ විපක්ෂ නායක නිලමේ සහ මන්ත්‍රි ලාල් චන්ද්‍ර හැර අනිත් සියළු මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී විය. සාකච්ඡාව ආරම්භය විනාඩි කිහිපයකින් ප්‍රමාද වුයේ නිලමේ මඟ එන බව දන්වා තිබු නිසාය. කෙසේ නමුත් දිගින් දිගටම සිදු වු නිලමේ ගේ පමාව නිසා සාකච්ඡාව ආරම්භ විය. සාකච්ඡාව ආරම්භ කලේ මන්ත්‍රී අශෝකයි. සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිය පල කල අශෝක මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීම් සහිත ලිපිය අගමැතිවරයාට ඉදිරිපත් කලේය. මැතිවරණ ක්‍රමය පැරණි ක්‍රමයට තැබීම, රැකියා දීමේ ප්‍රශ්නය, උපාධි පත්වීම්, සමෘද්ධි පත්වීම්, සහ සමෘද්ධි ලබා දීම යන කාරණා වලදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද විශේෂත්වයකින් සැලකිය යුතු බවට වු කාරණා මෙහි දී ඉදිරිපත් කෙරිණි. පළාත් සභාවේ අධ්‍යාපන ඇමති රාසපුත්‍ර නම් පසුගිය ටිකේ අපිට ටිකක් ප්‍රතිපාදන දුන්නා.

දකුණු පළාතේ සිට සිට පා ගමනින් යන්නට සැරසෙන මන්ත්‍රි කව්ද ?

නමුත් අනිත් ඒවායෙන් ඒ වගේ ලැබෙන්නේ නෑ. බෙහෝ මන්ත්‍රී වරුන්ට මෙහි දී සිය අදහස් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා අවසර ලබා දී තිබිණි. පසුගිය දා පෙරලිකාර චරිතයක් වු සහ මෙම හමුව ලබානොදුනහොත් පා ගමනින් සිරිකොතට එන බව කී මන්ත්‍රී ගාමිණී ද මේ සදහා සහභාගී වු අතර ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ දී ඔහු ඉල්ලා සිටියේ දකුණේ විපක්ෂ නායක නිලමේ ට ආසන සංවිධායක කමත් ලබා දිය යුතු බවයි. ඒ සදහා වන හේතු ද ඔහු පැහැදිලි කලේය.  ඔහුට විතරක් නෙවේ පළාත් සභා මන්ත්‍රීවරුන් ට අවම වශයෙන් සම සංවිධායක කමක් වත් දෙන්න. හම්බන්තොට ඉන්නවා පළාත් සභා මන්ත්‍රී කමක් වත් නැති සංවිධායකවරු.

රනිල් වික්‍රමසිංහ කී සිනහ කතාව කුමක්ද ?

ඒ යෝජනාව නැවත මන්ත්‍රී අශෝක ගෙනි. ආ එහෙම නම් නිහාල් මන්ත්‍රීතුමාට අයියත් එක්ක සම සංවිධායක කම දෙමු. අගමැති රනිල් සිනා සිසී එසේ කීව ද මන්ත්‍රී නිහාල් කීවේ අයියා සමඟ සම සංවිධායක කම් තමාට අවශ්‍ය නොවන බවයි. අපි බදාදාට ඇමතිවරුන් හමුවෙන්න එනවා. නමුත් ලේසි නෑ ඒ අය හමුවෙන්න. අපේ ආසන වලට රැකියා දීලා අපි දන්නෙත් නෑ.

ඉදිරි මාස කිහිපය තුල පළාත් සභා මැතිවරණ 06 ක් එනවා. රනිල් වික්‍රමසිංහ කියයි.

මන්ත්‍රීවරුන්ගේ එම චෝදනාවට ද අගමැති රනිල් පිළිතුරක් විය. ඒ ගැන නම් බලන්න ඕන. නිලමේට තියන්න ඒක කෘත්‍යධිකාරී මණ්ඩලයේ දී කියන්න කියලා.  අවසානයේ සියළු දෙනාගේ ඉල්ලීම වුයේ තීරු බදු රහිත  වාහන බලපත්‍රයයි. සියල්ල අසා සිටි අගමැති රනිල් පළාත් මන්ත්‍රීවරුන් ඇමතීය. ඔයාලා වැඩ කරගෙන යන්න. ඒ සදහා සල්ලි තියනවා. සල්ලි දෙන්නම්. දිනන්න සුදානම් වෙන්න. ඉදිරි මාස කිහිපය තුල පළාත් සභා මැතිවරණ 06 ක් එනවා. අනිත් එක අපි ඉන්නේ සභාග ආණ්ඩුවක වෙන දා තිබුණු ආණ්ඩු වගේ තනි තීරණ මේ වගේ ආණ්ඩුක දී ගන්න බෑ. ඒකත් තේරුම් ගන්න කියමින් කතාව පටන් ගත් අගමැති රනිල් ඉදිරි මැතිවරණය දිනිය හැකි බව ද ඒ සදහා වැඩි පිළවෙලක් ඇති බව ද තීරුබදු රහිත වාහනය ලබා දීම ගැන ද ඉදිරියේ සලකා බලන බව ද අගමැති රනිල් සිය කතාවේ දී පැහැදිලි කළේය.

ජනපති කියන දේවල් වලට කිසිවෙක් උත්තර දෙන්න එපා……රනිල් කීවේ කාට ද?

අවසාන වශයෙන් සාකච්ඡා වුයේ මේ දිනවල ජනාධිපතිවරයා සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධවයි. මන්ත්‍රීවරුන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ද අගමැතිවරයාගෙන් විමසන්නට විය. නෑ නෑ ඒ ගැන ඔයාලා උත්තර දෙන්න යන්න එපා. ඒක මම සාකච්ඡා කරලා විසදාගන්නම්. ඒ සදහා අගමැති රනිල්ගේ පිළිතුර එය විය. මෙහි දී ස්තූති කතාව මන්ත්‍රී ප්‍රියන්ත කලේ අගමැතිවරයාට මේ සමබන්ධයෙන් විශේෂ ස්තූතියක් ප්‍රකාශ කරමිනි. මෙම රැස්වීම සදහා දකුණු පළාත් සභාවේ විපක්ෂයේ අසුන් ගන්නා රත්ගම ශ්‍රීලනිප සංවිධායක කුරුවගේ ට ද නිලමේ විසින් ආරාධනා කර තිබිණි. කෙසේ නමුත් නිලමේ ඔහුගේ හැදුනුම් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබුනේ නැත. ඒ අනුව කුරුවගේ අරලිය ගහ මැදුර වෙත ගැනීම සදහා මැදිහත් වන්නට අශෝකට සිදුවිය. කෙසේ නමුත් පක්ෂයේ සාකච්ඡාවෙන් පසු පැවති පොදු සාකච්ඡාව සදහා කුරුවගේ ද සහභාගී විය.

දකුණු උණු වෙද්දී නිදා ගත්තේ කව්ද ?

මේ අතර මේ වන විට දකුණුට බලපා ඇති ඉන්ෆුවන්සා උණ සම්බන්ධයෙන් රජයේ නිද්‍රාශීලී පිලිවෙල නිසාම ඒ සදහා වන වැඩ කිහිපයක් ආරම්භ කිරීමට දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයට හා මාතර මාධ්‍ය වේදියෝ සංවිධායට සිදුවිය. ඒ අනුව මුඛ වාඩම් දිස්ත්‍රක්කය පුරා බෙදා දීම, මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා බලධාරීන්ගෙන් නිවැරදි තොරතුරු ලබා ගනිමින් ජනතාව දැනුවත් කිරීමට ද මෙහි දී තීරණය විය.

පෙරට පාසල් වසයි. දකුණු පළාතේ……

ඒ අනුව මාතර පෙර පාසල් සංවර්ධන පදනම පළාත් මන්ත්‍රී සරත් ද අල්විස් සහ මන්තී කංචන පදනම සමඟ කර සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවක් කැදවීය. ඒ අනුව ඔවුන් තීරණය කරේ අධ්‍යාපනයේ හෝ සෞඛ්‍ය යේ කිසිදු නිර්දේශයක් නොමැති නිසා තවත් සතියක් මාතර පෙර පාසල් වසා දැමීමටයි.

දකුණු පළාත් සභාවේ ගුරුකම් කරන මන්ත්‍රි තුමා කන්ද ? ඒස්වං හක්….

දකුණු පළාතේ නවක මන්ත්‍රීවරුන් සදහා වු වැඩ මුළු කිහිපයක් ස්ථාන 03 කදී පැවැත්විණි. පිටිගල , ඇල්පිටිය හා කොග්ගල දී මෙම වැඩ සටහන් සංවිධානය කර තිබිණි. නවක මන්ත්‍රීවරුන් ලෙස නව පළාත් පාලන ආයතනය තුල කටයුතු කිරීම හා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙහි අරමුණ වී තිබිණි. දකුණු පළාත් සභාවෙ නියෝජ්‍ය සභාපති සම්පත් මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි.

ගැරඩි වෙනුවට ධීවරයන්ට ලාමු තෙල් ගසයි…..

භූමිතෙල් මිල ඉහල යාම නිසා ධීවරයන්ට සිදු පාඩුව සුළු පටු නොවීය. මේ සම්බන්ධයෙන් ලංකා පොදු ධීවර සම්මේලනයේ ලේකම් හිටපු දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී රන්ත ගමගේ  දැඩි අරගල කිහිපයක්ම සිදු කලේය. රටපුරාම කරදිය ධීවරයින් වෙනුවෙන් කර මේ උද්ඝෝෂණ මිරිදිය ධීවරයින් උදෙසා ද කර යුතු බවට ඔවුන්ගෙන් රත්න ගමගේට යෝජනාවක් ලැබිණි. ඒ අනුව මිරිදිය බලපිටිය ධීවර ප්‍රජා ශාලාවේ දී එම හමුව සංවිධානය විය. භූමිතෙල් ඉහල යාම මිරිදිය ධීවර කර්මාන්තයට විශාල වශයෙන් බලපානවා. ඉස්සෝ කොටු , පන්දම් වලට මේක ඉතාම තදින් දැනෙනවා. මිරිදිය ධීවරයින් එහි දී කරුණු කියන්නට විය. ඒ අනුව මේ සදහා රජයේ අවධානය දිනා ගැනීම සදහා රාත්‍රී කාලයේ දී මාදු ගඟේ මෙම විරෝදය සිදු කිරීමට යෝජනා වු අතර කතා කරගත් පරිදිම ඉතා සාර්ථක විරෝධතාවයක් ඔවුන් මාදු ගඟ කේන්ද්‍ර කරගනිමින් පන්දම් දල්වමින් රාත්‍රී කාලයේ දී සිදු කලේය.

අධ්‍යපන ඇමති අකිල විරාජ් පුදුම කළ කතාව කුමක්ද ?

මේ අතර අධ්‍යාපන ඇමති බලපිටිය රේවත විද්‍යාලයට පැමිණියේ මන්ත්‍රී අශෝක ගේ ආරාධනයකටය. ගොඩනැගිල්ල විවෘර්ත කිරීමෙන් පසුව උත්සව සභාව පැවති අතර ඒ අතරේ ඇමති අකිල අශෝක ට කිට්ටු විය. ඈ මන්ත්‍රීතුමා මම දන්නෙත් නෑනේ ඔබතුමා මෙච්චර මගේ අමාත්‍යංශයෙන් අනුමත කරගෙන කියලා. ඔයා නම් මාර එක්කෙනෙක් තමයි. අකිල කී විට අශෝක කීවේ මෙහේ ගොඩක් වැඩ තියනවා. තව අනුමත් කරගන්නත් තියනවා. ඒවා නම් නවත්වන්න එපා කියාය.

කණ්ථක අස්වයා නැතුව චන්න ඇමති රජු හමුවන්නට  ගියේ ඇයි.

දකුණේ ඒකාබද්ධයේ මන්ත්‍රී චන්න ගේ උපන් දිනය අඟහරුවාදා ට යෙදී තිබිණි. පලමු සුබ පැතුම චන්නට ලැබුනේ හිටපු ජනපති මහින්දගෙනි. ආ සුබ උපන් දිනයක් ඉලන්දාරියා. කෙහොම ද දැන් කීයද? හිටපු ජනපති මහින්දගෙන් සුබ පැතුම සමඟ ප්‍රශ්නයකි. මට එච්චර වයස නෑ සර්. අපේ නෝනා කිව්වා පලවෙනි සුබ පැතුම එන්නේ සර්ගෙන් තමයි කියලා. චන්න කී විට හිටපු ජනපති මහින්ද කීවේ ඒවා මට අමතක වෙන්නේ නැති බවයි. ආ දැන් ඉතින් මේ සැරේ පළාත් සභාවට කේක් ගඩියක් ගෙනියනවද? හිටපු ජනපති මහින්ද චන්න ගෙන් ඇසුවේ පළාත් සභා සැසිවාරයේ දී චන්න පෙරලිකාර මන්ත්‍රීවරයෙකු නිසාය. කෙහේද සර් කේක් ගෙනියන්නේ කවදා හරි ඔබතුමා පාලනයට ආපු දවසට තමයි පළාත් සභාවට කේක් ගෙනියන්නෙ. මේ සැරේ ගෙනියන්නේ සේලයින් බෝතලක්. ඒ මොකද ඒ ? ප්‍රශ්නය මහින්දගෙනි. ඇයි සර් මේ උණ නිසා දරුවන් මිය යනවා. මේ සෞඛ්‍ය අංශ වලට ගානක් වත් නෑ. චන්න කී විට මහින්ද කීවේ ඒක නම් ඇත්ත බවයි.

හිට්ලර්ගේ අවතාරේ දකුණට ඇවිල්ලා

මේ අතර දකුණේ පවතින උණ ගැන මාධ්‍ය වේදියෙකු දකුණේ අධ්‍යාපන ඇමතිවරයාගෙන් විමසීය, මට ඕකට කියන්න දෙයක් නෑ. මේ සෞඛ්‍ය අංශ කියන ඒවා ඇහුවාම හිතෙන්නේ හිට්ලර්ගේ අවතාරේ දකුණට ඇවිල්ලා කියලා. ඇයි ඉතින් ඉස්සර හිට්ටරුත් එහේ හිටපු අබාධිත අය මැරුවා. මේ දකුණේ අය මැරෙන කොට මේ සෞඛ්‍ය අංශ කියනවා සංකූලතා තියන අය විතරයි මැරෙන්නේ කියලා. ඒ කියන්නේ සංකූලතා තියන අය මැරෙන්න ඕන අය ද? මේවා හොයන්නේ නෑනේ. මම හිතූ මනාපෙට සතියක් පාසල් නිවාඩු දුන්නා. ආයිත් එහෙම දෙයක් කරන්න සෞඛ්‍ය අංශ නිර්දේශ ඕන. ඇමතිවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙනි.

ආණ්ඩුකාරවරයාට ලිපියක්

මේ අතර දකුණේ පාසල් සහ පෙර පාසල් මේ සතියේ ආරම්භ වුව ද දරුවන් ගේ පැමිණීම සිදු වුයේ ඉතා අඩුවෙනි. දකුණේ මන්ත්‍රීවරුන්ට ද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ මේ සම්බන්ධව රජයට බල කිරීමට කිසිදු දෙයක් නොකිරීම සම්බන්ධයෙනි. ඒ අනුව දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් ඇතුළු මන්ත්‍රීවරුන් මේ ගැන සාකච්ඡා කරන්නට විය. දැන් තත්ත්වය අනුව මැරෙන ගාන වත් කියන්නේ නෑ. සාමාන්‍ය විදියට ඉන්නවා. නමුත් තත්ත්වය සාමාන්‍ය නෑ. මේ උණ රෝගීන් දැඩි සත්කාර ඒකක වල ඇදන් වල ඉන්න නිසා අනිත් රෝගීන් මැරෙන්නේ දැඩි සත්කාර ඒකක නැතිව. ඒවා ගැන කියන්නේවත් නෑ. මෙහෙම පළාත් සභාව කල්දාලා තියන එක මේ වෙලාවේ හොද නෑ. විශේෂ සභාවක් ඉල්ලමු. ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම මේ සම්බන්ධයෙන් දැනුවත් කර සම්පත් දකුණේ ආණ්ඩුකාරවරයාට ලිපියක් භාර දුන්නේ වහාම දකුණේ පවතින වසංගත තත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා හදිසි පළාත් සභා රැස්වීමක් කැදවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *