මහින්ද ගාල්ලේ ,රනිල් හම්බන්තොට දකුණු පළාතේ දේශාපලන යටිබිම්

මෙරට දේශපාලනයේ අනාගත වාක්‍ය කියන දකුණ

ජනතා නියෝජිතයෝ අරලිය ගහ මැදුරේ දී ප්‍රශ්ණ අසද් දී අගමැති සංවිධායකවරුන් වාඩි කළේ ඇයි….

වාඩිවෙන්න, වාඩි වෙන්න. දැන් ඕය ඔක්කොම ප්‍රශ්න මෙතන කතා කරොත් අද මේක ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ නිසා පක්ෂ ඉදිරි සාමාජිකියින් බදවා ගැනීම වැනි දේ ගැන කතා කරමු. අපි කරපු දේවල් ගමට ගිහින් කියන්න. සමෘද්ධිය ඉදිරි මාස කිහිපය තුල අපි ලබා දෙනවා කියන එක කියන්න. අගමැති රනිල් සිය කරුණු පැහැදිලි කිරීම දේශණයක් ආකරයෙන් සිදුකල අතර පැමිණි පිරිසට සිදුවුයේ එය අසා සිටීමටයි.

නියෝජ්‍ය නායක සජිත් නාවේ ඇයි ………

මේ සදහා නියෝජ්‍ය නායක සජිත් නොපැමිණ තිබීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අතර කසු කුසුවක් තිබිණි.

අරලිය ගහ මැදුරේ රැස්වීම මොකද්ද ?

දකුණු පළාත් සභාවේ එජාප සංවිධායකවරුන් වන මන්ත්‍රීවරුන් මෙවර සභාව සදහා සහභාගී නොවුයේ අගමැති රනිල් විශේෂ රැස්වීමක් සදහා අරලියගහ මන්දිරය වෙත කැදවා තිබු නිසාය. දකුණේ සියළු ආසන සංවිධායකවරුන් කැදවා තිබු නමුත් දැනගන්නට ඇති පරිදි අම්බලන්ගොඩ එජාප සංවිධායක බෙනට් පනිහන්දුවට එම ආරාධනාව ලැබී නොතිඹිණි. ඒ නිසා ම ඔහුට මේ අවස්ථාවට සහභාගීවීමට නොහැකි විය. කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුල අම්බලන්ගොඩ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු ආසනයට පත් කරන ලෙස ඉල්ලීමක් කර තිබු බවට අළු යට ගිණි වෙත වාර්තා වෙයි. එම තත්වය දිවයින පුරා ආසන සංවිධායකයින් කැද වු මෙම රැස්වීම සදහා ඔහුට ආරාධනා නොලැඹීට හේතු වී තිබුනිද යන්න අනිත් පිරිස අතර කටකතාවක් පැතිර තිබිණි.

ආසන සංවිධායකයින් කැද වු අගමැති රනිල් ඉදිරි මාස කිහිපය තුල පක්ෂ ප්‍රතිසංවිධානය කර යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන් අනාවරණය කරන ලදී. දැන් ගමට යන්න, බල මණ්ඩල පිහිටුවන්න. බලමණ්ඩල වලට නියෝජිතයින් නම් යවන්න එපා. පක්ෂ සාමාජිකයින් බදවා ගන්න කටයුතු කරන්න. අපේ ම කියලා ඉන්න සාමිජිකයින්ගේ පටන් ගන්න. අගමැති රනිල් විස්තර කරද්දී ආසන සංවිධායකවරුන් කීප දෙනෙකු සමෘද්ධි නොලැඹීම්, ගම්පෙරලිය, එන්ටප්‍රයිසස් ශ්‍රීලංකා වැඩ සටහන් වල ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළේය.

ජනතා නියෝජිතයෝ අරලිය ගහ මැදුරේ දී ප්‍රශ්ණ අසද් දී අගමැති සංවිධායකවරුන් වාඩි කළේ ඇයි….

වාඩිවෙන්න, වාඩි වෙන්න. දැන් ඕය ඔක්කොම ප්‍රශ්න මෙතන කතා කරොත් අද මේක ඉවර කරන්න වෙන්නේ නෑ. ඒ නිසා පක්ෂ ඉදිරි සාමාජිකියින් බදවා ගැනීම වැනි දේ ගැන කතා කරමු. අපි කරපු දේවල් ගමට ගිහින් කියන්න. සමෘද්ධිය ඉදිරි මාස කිහිපය තුල අපි ලබා දෙනවා කියන එක කියන්න. අගමැති රනිල් සිය කරුණු පැහැදිලි කිරීම දේශණයක් ආකරයෙන් සිදුකල අතර පැමිණි පිරිසට සිදුවුයේ එය අසා සිටීමටයි.

කොණ්ඩය රැවුල කපන්න දැන් හැකිය මහින්ද රාජපක්ෂ කියයි.

මේ අතර හිටපු ජනපති මහින්ද ගාල්ල මාජුවන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ නිර්මාණය කරන ලද චෛත්‍ය වහන්සේගේ කොත නිරාවරණය සදහා පැමිණියේ පසුගිය සතියේ දීය. මෙම අවස්ථාව සඳහා රමේෂ්, මොහාන් , චන්දිම , ගීතා, සම්පත් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ද සහභාගී වී තිබිණි. මෙම චෛත්‍යය සාදන අවස්ථාවේ සිට කොණ්ඩය හා රැවුල නොකපපු තරුණයෙකු සිටි අතර විවෘර්ත කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද ඔහු හමුවිය. ආ දැන් ඔයාට කොණ්ඩේ රැවුල දෙකම කපන්න පුළුවන්. කී ජනාධිපතිවරයා ගුරුසිංහගොඩ හා උඩලමත්ත විහාරස්ථාව දෙක සදහා යාමට සුනාම් වුවද ආරක්ෂක අංශ වලින් එල්ල වුයේ දැඩි විරෝධයකි. මේ අය කියනවා නේ රෑ වෙලා කියලා. හිටපු ජනපති රමේෂ් , චන්දිම, මොහාන්, සම්පත් ඇතුළු පිරිසට කීව ද ඔවුන්ගේ අවශ්‍යතාවය වුයේ කෙසේ හෝ අදාල විහාරස්ථාන දෙක සදහා ද හිටපු ජනපති මහින්ද රැගෙන යාමයි. ඔව් මලගෙදර වැඩ කටයුතු නිසා මට ඒ පන්සල් දෙකේම උත්සව වලට යන්න බැරවුනා. යමු මුය. කමක් නෑ. කී හිටපු ජනපති මහින්ද සවස් වුව ද ඒ ස්ථාන දෙක සදහා යෑමට පිටත් විය. උඩලමත්ත විහාරස්ථානයේ දී ලැබුණු තේ පැන් සංග්‍රහය නිසා පිරිසට නිදහසේ ටික වේලාවක් කතා කිරීමට අවස්ථාව ලැබිණි.

උතුරේ අඥාපති වරයා ආවා කල්ලිය ගැන ප්‍රකාශයක් දාලා තිබුණා.

උතුරේ අඥාපති වරයා ආවා කල්ලිය ගැන ප්‍රකාශයක් දාලා තිබුණා. කතාව අතර සම්පත් කීවේ හිටපු ජනාධිපතිවරයාටය. ඔව් ඔව් මේ දැන් දකුණට එක නීතියක් උතුරට එක නීතියක් නේ. ආවා කල්ලි වගේ ඒවා නැති කරන්නත් අවසර ගන්න වෙලා ඕකනේ අද තත්ත්වය තේ පානය අතර තුර මහින්ද රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් හා කතා කළේය.

මහින්ද ජනපති ලඟට යන්න ජනතාව පොරකති……

කෝ ඔය අයට එන්න දෙන්න. කමක් නෑ මේ අපේ අයනේ. හිටපු ජනපති මහින්ද තේ බොන ස්ථානයට පැමිණීමට උත්සාහ දරණ පළාත් පාලන මන්ත්‍රීවරුන් නවතාගෙන සිටින ආරක්ෂක අංශ වලට ඒ උපදෙස දුන්නේ තේ පානය අතරතුරමය. ඒ සැනින් පැමිණි පළාත් පාලන ආයතන මනත්‍රීවරුන් හිටපු ජනපති මහින්ද සමඟින් ඡායාරූප ගැනීම සදහා එහි ඇතිවුයේ ලොකු පොරයකි. එතනින් ගුරුසිංහ ගොඩ විහාරස්ථානයටත් ගිය හිටපු ජනපති මහින් ද නැවත තංගල්ල බලා යන විට රෑ බෝ වී තිබිණි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තිසර ගුණසිංහට කී සුභ ආරංචිය කුමක් ද?

සංවිධායකවරුන් ඉවත් කිරීම හා නව සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් පුගිය බ්‍රහස්පතින්දා රැස් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය වු අතර එහ දී හබරාදුව සංවිධායකවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු නන්ද ගුණසිංහ මහතාගේ පුත් තිසර ගුණසිංහ යෝජනවා වී තිබිණි. නිශාන්ත, ෂාන් මෙන්ම තරුණ පෙරමුණේ ශාන්ත බණ්ඩාර ද මේ පත්කිරීම සම්බන්ධයෙන් එකඟත්වය පල කර තිබිණි. ඒ අනුව තිසර ද ශ්‍රීලනිප මහලේකම්ගේ ලේකම් විසින් ලබාදුන් ඇමතුමෙන් කියවුයේ පසු දා සවස 6 ට ජනාධිපතිවරයා හමුවීම සදහා පැමිණෙන ලෙසයි. මොකද සුබ ආරංචියක් ද? තිසර අසද්දී ලේකම්වරයා කීවේ ඔව් ඔව් සුබ ආරංචියක් ඇවිල්ලාම බලන්නකෝ කියාය.

ජනපති මෛත්‍රී තිසරට කතා කරයි…..

ඒ අනුව සිකුරාදා සවස හබරාදුව ව ආසන සංවිධායකවරයා ලෙස තිසර ජනපති මෛත්‍රීගෙන් පත්වීමලබා ගත්තේය. තිසර ඔයා දැනට යන සංවර්ධන වැඩ ටික එහෙමම කරගෙන යන්න මීට අමරතරව ලොකු ප්‍රොජෙක්ට් කීපයක් ආසනයේ පටන් ගන්න. මම ඒවාට මුදල් දෙන්නම්. ජනපති මෛත්‍රී තිසර ට සංවිධායකදුරය මෙන්ම හබරාදුව හා ඉමදුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු වල සම සභාපතීත්වය ද පිරිණමමින් කීහ.

දුමින්ද දිසානායක හමුවෙයි

හොදයි සර් මම ඒ විදියට වැඩේ කරන්න නම්. බොහෝම ස්තූතියි කී තිසර මුලින්ම ගියේ ඇමති දුමින්ද දිසානායක හමුවීමටයි. ඇයි ආවේ නැත්තේ. එතනට ගිය තිසර ගේ චෝදනාත්මක ප්‍රශ්නයක් එල්ල වුයේ ඇමති දුමින්දටයි. නෑ මම ඕන වැඩ ටික කරා. දැන් හරි අපිට පක්ෂයට ඉස්සරහට ඕන ඔයාලා වගේ තරුණ නායකයින්. කී දුමින් ද නව ආසන සංවිධායක තිසර ට තවත් උපදෙස් කීපයක්ම ලබාදුනි.

මේ අතර සංවිධායකදුරයෙන් ඉවත් කරන ලද චන්දිම පසුගිය සති අන්තයේ ගාල් දිස්ත්‍රික්කයේ පන්සල් කිහිපයක පැවති උත්සව කිහිපයකට සහභාගී වී තිබිණි. මේ අවස්ථා කිහිපයේ දීම චන්දිම ට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයන්ය. ඔබතුමා ආපු එක ගොඩක් වටිනවා. ගාල්ලෙන් නායකයෙක් හැදීගෙන ආවා විතරයි අපි හිතුවා ඔබතුමා නැති වෙයි කියලා. දැන් අපිත් එක්ක මේ ගමන යමු. අපිට ලොකු හයියක් ඔබතුමාගේ පැමිණීම. පැමිණි ස්ථාන කිහිපයේ දීම චන්දිම ට ලැබුණු මේ ප්‍රතිචාරය ච්නිමත් පුදුම කරන්නට විය. බැලුවම සර් සංවිධායකකම නැතිවුනාම නේ මිනිස්සුන්ට සර් ගේ අගය වැඩිවෙලා තියෙන්නේ. මේ ගිය ඡන්දේ අපිට විරුද්ධව හිටපු අය. චන්දිම ලඟ සිට හිතවතෙකු එසේ කියද්දී චන්දිම කීවේ මිනිස්සු දන්නවා ගාල්ලට වැඩ කරේ කවුද කියලා. යනුවෙනි.

දකුණු අධ්‍යාපන ඇමති කලේ කුමක් ද?

දකුණෙ ඇමති චන්දිමා පසුගිය සතියේ ඇත්කදුර සිරි සීවලී විද්‍යාලයට හා කරන්දෙනිය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පැමිණි තිබුණේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන දෙකක් විවෘත්ත කිරීම සදහාය. පළමුව ඇත්කදුරට ගිය ඇමති චන්දිම එය විවෘර්ත කොට පැමිණෙන විට දවල් වී තිබිණි. කරන්දෙනිය විද්‍යාලයේ ද ඇමති චන්දිමා පිළිගැනීම මහ ඉහලන් සංවිධානය කර තිබිණි. පළාත් සභාව තුල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී චම්ලි ද මේ සදහා එක් වී තිබිණි. එහි ළුලකය නිරාවරණය කිරීමෙන් පසු පළමු මහලේ පංතිකාමර වෙත ඇමති චන්දිමා රැගෙන යාමට සංවිධායකයින් කටයුතු කර තිබිණි. ඒ අතර ආරාධිතයින් යන දෙපැත්තේ ප්‍රාථමික අංශයේ දුවා දරුවන් ද රැදවීමට ඔවුන් කටයුතු කර තිබිණි. පංතියෙන් පංතියට ගිය ඇමති චන්දිමා ඇතුළු ආරාධිතයින්ට පළමු මහලේ අවසන් කාමරයක සංග්‍රහයක් ලෑස්ති කර තිබෙන බව සංවිධායකයින් පැවසීය.

චම්ලි, මේ වෙලාවේ මේ ළමයින්ට හොදටම බඩගිණි ඇති . දැන් බලන්න වෙලාව කීයද කියලා. අනිත් අයටත් ඇහෙන සේ ඇමති චන්දිමා එසේ කියමින් පේලියට සිටි සියළු සිසු දරුවන් සංග්‍රහ කාමරයට කැදවේවේ අමුත්තන් වෙනුවෙන් සකස් කර තිබු සංග්‍රහ මේසය එම දරුවන්ට භුක්ති විදින ලෙස කියමිනි. ඇමති චන්දිමාගේ ආරාධනයෙන් පැමිණි සියළු දරුවන් අමුත්න්ගේ සංග්‍රහ මේසය භුක්ති වින්දේ අනිත් අයටත් අපුරු අත්දැකීමක් ලබා දෙමිනි. දරුවන් සංග්‍රහය භුක්ති විදින තුරු ඇමති චන්දිමා, මන්ත්‍රී චම්ලි ඇතුළු ආරාධිතයින් සිනා සෙමින් ඒ දෙස බලා සිටීම පැමිණ සිටි දෙමාපියන් ඇතුළු අනිත් පිරිසට ද නව අත්දැකීමක් ගෙන දෙන්නට විය. දරුවන් සංග්‍රහය භුක්ති විදීමෙන් පසු අමුත්තන් සංග්‍රහ කාමරය වෙත ගියේ ඉතිරි වුන සංග්‍රහය භුකිත් විදීම සදහාය.

එජාප නායන අගමැති රනිල් සදුදා හම්බන්තොට

එජාප නායන අගමැති රනිල් සදුදා හම්බන්තොට පැමිණ තිබුණේ 177 වන උදාගම්මාණය වන ඩී.එස් සේනානායක ගම විවෘර්ත කිරීම සදහාය. නිවාස 70 වකින් සමන්විත වු මෙම නිවාස වෘපෘතිය ඇමති සජිත් ගේ අමාත්‍යංශය යටතේ නිර්මාණය වුවකි. ඇමති ගයන්ත සමඟින් මේ අවස්ථාව හා එක් වු අගමැති රනිල් ලංකාවට ඉදිරි වසර තුල ගෙවීමට ඇති ණය මුදල හැකි නම් පවසන ලෙස පවසමින් සිය කතාව නවතා මදකට එහා මෙහා විය. කෙසේ නමුත් එහි දී කිසිවෙකු පිළිතුරු නොදුන් නිසා නැවත පැමිණි අගමැති රනිල් රුපියලේ බාල්දු වී ගැන ත් ණය වාරික ගැනත් විශේෂ හෙලිදරව්වක් කරා. මෙහි ආරාධිතයන් සදහා තේ පැන් සංග්‍රහය සුදානම් කර තිබුණේ නිවාස ව්‍යාපෘතියේම නිවසක් තුලය. මෙහි දී ඇමති සජිත් විසින් පළාත් සභා හා පළාත් පාලන එජාප මන්ත්‍රීවරුන් අගමැති රනිල් ට හදුන්වා දුනි. ඒ අවස්ථාවේ දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක නිලමේ එහි නොසිටි අතර ඇමති සජිත් ඕනෑකමින්ම මන්ත්‍රී ගාමිණී මඟහරින්මින් හදුන්වා දීම සිදුකිරීම නිසා මන්ත්‍රී නිහාල් කෑ ගසා කීවේ සර් අපේ ගාමිණී මන්ත්‍රීතුමාත් ඉන්නවා යනුවෙනි. නිහාල් ගේ කතාව අගමැති රනිල්ට නොඇසුනා හෝ නොඇසුනා වගේ සිටියා විය යුතුය. කෙසේ නමුත් මන්ත්‍රී ගාමිණී නිහාල්ට අතින් සංඥා කලේ එසේ නොකරන ලෙසයි. පිටතට පැමිණි මන්ත්‍රී ගාමිණීගෙන් පළාත් පාලන මන්ත්‍රීවරයෙක් මේ ගැන විමසීය, නෑ ඉතින් මම ඔතන හදුන්වලා දුන්නට වැඩක් නෑනේ.

රනිල්ගේ මිනිහා සජිත්ගේ මිනිහා කවිද මේ පෙරලිකාර මන්ත්‍රි තුමා…..

මම සජිත් මිනිහා නේ ඒ නිසා ප්‍රශ්නයක් නෙවෙන්න මාව හංඟන්න ඇති. කී ගාමිණී යන්නට ගියේය. දකුණේ එජාප මන්ත්‍රීවරුන් මෙහි දී අගමැතිවරයාගෙන් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීමට සිතා සිටිය නමුත් එය සාර්ථක නොවීය. උත්සවය අවසන් වී එයින් නික්ම ගිය දකුණේ පෙරලිකාර එජාප මන්ත්‍රීවරයෙකු වන ගාමිණීට දුරකථන ඇමතුමක් ලැබිණි. කෙහොම ද අගමැතිතුමා ආවද? ඔව් ඔය ඇවිල්ලා ගියේ. ගාමිණී ගේ හඩ හොද නැති නිසා ඇමතුම ගත් පුද්ගලයා නැවත ඒ සම්බන්ධයෙන් විමසීය.

රනිල් පොර ටෝක් එකක් දීලා ගියා වැඩක් නෑ මල්ලි……රනිල්ගේ කතා විතරයි වැඩ නෑ මල්ලි…..

ඔව් ආවා. ලොකු කතාවක් කරා. හම්බන්තොටට ආයෝජන ගේනවා කිව්වා, ගම්පෙරලියෙන් අපි දියුණු වෙනවා කිව්වා. අර එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා වලින් ගොඩක් අය ණය අරගෙන කිව්වා. ඉතින් අපි අහගෙන හිටියා. මීට අවුරුදු 03 කට කලිනුත් කිව්වේ හම්බන්තොටට අච්චර ආයෝජන ගේනවා මෙච්චර ආයෝජන ගේනවා කියලානේ. කෝ ඉතින් ඔය එකක්වත් අපේ එජාප පාක්ශියාගේ ඇඟට දැනෙන්න වැඩක් වුනේ නෑනේ. බොරුවට කතා විතරයි. අදත් ඉතින් ඒකම තමයි.

ආවා කල්ලිය ද ගියා කල්ලිය ද රෝයල් රජ කල්ලියද හොරකල්ලිය ද රාජපක්ෂ කල්ලියද….මලිලි…..

හැබැයි ඉතින් අපේ පක්ෂයේ රෝයල් කල්ලිය හිතාගෙන ඉන්නවා 2020 අපේ ජනාධිපති කෙනෙක් පත් කරගෙන 2025 වෙකම් පාලනය කරන්න. අපි දන්නවානේ ඉතින් ගමේ රටේ තියන තත්ත්වය. කී ගාමිණී ඇමතුම විසන්දි කළේය.

දකුණු පළාති ඇමති පාසල්  යයි.

දකුණේ ඇමති චන්දිමා මෙවර අපොස සාමාන පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් දරුවන් සමත් කර වීම සදහා නව වැඩපිලිවෙලක් පසුගිය මාසයේ සිට ආරම්භ කර තිබිණි. දකුණේ මෙතෙක් ජාතික මට්ටමට ලඟා නොවු කොට්ඨාශ 07 ක ප්‍රතිළුල ඉහල නැංවීම සදහා රැකියා විරහිත පංති සාමාර්ථ ඇති උපාධිධාරීන් තෝරා ගෙන එම උපාධිධාරීන්ට පාසල් වලින් නම් කරන ලද අඩු දස්කම් ඇති දරුවන් 07 දෙනෙකු බැගින් ලබා දී පාසල් කාලයෙන් පසු ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම මෙම වැඩ සටහනයි. ඉගැන්වීම සහ කියාදීම ලෙස නම් කර ඇති මෙහි දී මෙම උපාධිධාරීන්ට සිදුකරන්නට ඇත්තේ කියාදීමයි. ඒ අනුව ගණිතය විද්‍යාව හැර අනිකුත් සියළු විෂයන් සමත් කිරීම දක්වා අදාල දරුවන් රැගෙන යාම ඔවුන්ට පැවරේ. ඉගැන්වීම පාසලේදී ගුරුවරුන් විසින් සිදුකරන අතර කියාදීම මෙම උපාධිධාරීන්ට අයත් කාර්යක් වේ. මේ වන විට දකුණේ සාර්ථකව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් පවසන්නේ. උදේ පාසලට නොඑන ළමයි පවා මේ වැඩේට හවස පාසලට එන බවයි. ඇමරිකානු පුරවැසියෙකු වන ඇමති චන්දිමා මෙලෙස මෙම කටයුතු කරන උපාධිධාරීන්ට මසකට රු .10000 ක දීමනාවක් ලබා දෙන අතර එය ලබා දෙන්නේ ඇමරිකානු ක්‍රමයටයි. ලංකාවේ මාසික වැටුප් ලබාදුන්න ද සාමාන්‍යෙයන් යුරෝපීය රටවල වැටුප් ලැබෙන්නේ සතියෙන් හෝ සති දෙකෙනි. ඒ අනුව මෙහි දී ද අදාල උපාධිදාරීන්ට සිය වැටුප නොහොත් දීමනාව ලැබෙන්නේ සති දෙකකට වරක් ඇමරිකානු ක්‍රමයටය.

දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී සන්සදයේ දී ඇත්තටම මොක ද උනේ…..

දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී සන්සදය මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ විපක්ෂ නායක නිලමේ ගේ හම්බන්තොට නිවසේ දී ය. පසුගිය පස් වතාවක් කල් ගොස් තිබු මෙම එජාප සන්සදය මෙවර ද කල් ගියේ නිලමේ ට බදගිරිය විහාරස්ථානයේ පෙරහැර සදහා සහභාගී විය යුතු නිසා බව එජාප මන්ත්‍රී සන්සදයේ ලේකම් සංජීව් ට දන්වා තිබිණි. මේ සන්සදය නම් තියන්න වෙන එකක් නෙවේ මේ 06 වෙනි වතාවට කල් ගියේ එජාපයේ ගාල්ලේ මන්ත්‍රීවරයෙකු කී විට හම්බන්‍තොට මන්ත්‍රීවරයෙකු කීවේ කෙහොමත් මෙහෙම ගියොත් මේ පළාත් සභාව ඉවර වෙනතුරු අපිට මන්ත්‍රී සන්සදය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි.

එජාප අලකලංචිය කුමක් ද?

මෙවර දකුණු පළාත් සභා රැස්වීම සදහා එජාප මන්ත්‍රීවරුන්ගෙන් පැමිණ සිටියේ ආසන සංවිධායක දුර නොදරන අය පමණි. දකුණු පළාත් සභාව ආරම්භයට පෙර ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් වන ඡන්න, ෂම්මු , පියසිරි හා සමිත් ස්වාමීන් වහන්සේ විසින් ඉන්ධන මිල වැඩි වීමට සහ රුපියල බාල්දුවීමට කරන ලද විරෝධය නිසා යම් උණුසුමක් පළාත් සබාව ආරම්භයට පෙර ඇති වුවද මෙවර සභාව වෙනදා මෙන් උණුසුම් මුහුණුවරක් ගත්තේ නැත. දකුණු පළාත් සභාවේ බොහෝ විට රජයට විරුද්ධව කිසියම් දෙයක් කරන මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේ මන්ත්‍රී චන්නය. කෙසේ නමුත් මෙවර ෂම්මු, පියසිරි හා සමිත ස්වාමීන් වහන්සේ ද විරෝධතාවයට එක්වී තිබිණි. කෙසේ නමුත් චන්නගේ විරෝධතාවය වෙනමත් ෂම්මු, පියසිරි හා සමිත හිමියන් ගේ විරෝධතාවය වෙනමත් ආරම්භ වු නමුත් පසුව එක්කාසු වී එකට පළාත් සභාව වෙත පැමිණියේය.

පොහොට්ටුවේ දිනන පළාත් සභාවේ මහ ඇමති කම හම්බන්තොටට

දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා කාටවත් කියන්න එපා යැයි කියමින් පලාත් සභාවේ මාධ්‍යවේදින්ට  අමුතු කතාන්දරයක් කීවේය.

දන් බලන්න එජාප, එජනිස., ජවිපෙ. රට රටවල් වල දුෂණ හා වැරදි පළාත් සභාවේ කතා කරනවා. හරියට බැලුවොත් පළාත් සභාවේ දුෂණ එමටයි. මේ ගැන කිසිවෙක් කතා කරන්නේ නෑ. ඒ අයගේ වගකීම් ඉටු කරන්නේ නෑ.ඔන්න ඇත්ත තත්ත්වය. මම හිතන්නේ මම තමයි ධුරාවලිය අනුව ඉදිරියෙන්ම සිටින පුද්ගලයා දකුණු පළාතේ සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මට තමයි සුදුසු දකුණු පළාත් සභාවේ ඊලඟ මහ ඇමති ධුරය. ඒ කියන්නේ හම්බන්තොටට තමයි අයිති විය යුත්තේ දකුණ හදන හැටි මම දන්වා.

පනිට්ටු ගෑස් සිලිණ්ඩර් අරගෙන සභාවට

එදිනම එනම් 25වන දින ඒකාබද්ධ විපක්ෂයේ චන්න සාලිය, ඒ.ජී.සී පියසිරි, බද්දේගම සමිත යන මන්ත්‍රිවරු ගෑස් සිලිණ්ඩර හා පනිටිටු ආදිය අරගෙන ආවේ යහපාලන ආණ්ඩුවට විරෝධය ප්‍රකාශ කරන්නටය.

විජයදාස රාජපක්ෂ හා වජිර අබේවර්ධන ඇමතිවරුන් පාර දීගේ යයි.

විජයදාස රාජපක්ෂ හා වජිර අබේවර්ධන ඇමතිවරුන් හදිසියේ ගාල්ලට ආවේ ගාල්ල නගරයේ  අතර මග නවතා දමා ඇති පාලමේ වැඩ ආරම්භ කරන්නටය.මෙහිදි දෙදෙනාම එකම රථයකින් පැමිණියේ ය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට මීටර් 100ක් පමණ පා ගමනින්ම පාලම බලන්ට ආවේය. මම කතාකරන්නේ නෑ විජේ ඔයාම කතා කරන්න විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට මාධ්‍ය වේ දීන්ට  කතා කරන මෙන් වජිර කිවේ මේතුමා තමයි සුදුසුස්සා මේ අවස්ථාවේදි කතා කරන්ට කියා.පසුව දෙදෙනාම එකම වාහනයකින් ගාල්ල නගරයෙන් පිටත්ව කොළඹටයි.

හේමකුමාර නානායක්කාර ආණ්ඩුකාර වරයා  පුතා ට කියා දුන් පාඩම

හබරාදුව එජාප සංවිධායක නිතිඥ, ශාස්ත්‍රාචාර්ය තාරක නානායක්කාර මහතා පසුගිය 27 වන දින පැවැති ජන හමුවේ දි කීවේ දැන් බලන්න මහජන දිනයට 150 ක් විතර ජනතාව මම හමුවන්නට එනවා.ඒක හොඳ ප්‍රවණතාවයක් කියාය.

එහි දී යතුරු ලියනය කරන ස්ථානයට ආ තාරක නානායක්කාර මහතා කීවේ අපේ අප්පොච්චි මට කියා දුන් පාඩමක්  තියනවා. යමෙක් උපකාරයක් ගන්නට ආවාම ඒ මහතා කියා සිටී කියා ලියන්න. ඒක තමයි හේමකුමාර නානායක්කාර මගේ අප්පොච්චී මට කියාදුන් පාඩම කියමින් ලේකම්වරයා සකස් කරමින් සිටි ලිපියක් නැවත සකස් කළේ එසේ කියමිනි.

ගාල්ල දිස්ත්‍රික් හිටපු එජනිස මන්ත්‍රිගේග් පුතාට හබරාදුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක කම

හබරාදුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ මහතා පසුගිය සතියේ ගියේ කතරගමයි. ඒ වන්දනාවේය. නව ආසන සංවිධායක කම ලැබුණු ගමන් මම ඔන්න ආගමික වැඩවලින් තමයි වැඩේ ආරම්භ කරන්නේ කියා.

මහින්ද මහත්මයා මහින්දෝදය හැදුවා. ගයන්ත ඇමති කියයි.

මේ රජය මගින් අධ්‍යාපනයට අති විශාල මුදලක් මේ වන විටත් වැය කර තිබෙනවා. ජේ. ආර්. මහත්මය පොත් දුන්නා. මහින්ද මහත්මයා මහින්දෝදය හැදුවා.

අම්බලන්ගොඩ ප්‍රජාපතියේ දැරියන් මාධ්‍ය ආයතන නිවේදිකාවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා  ඇමති ගයන්ත කරුණාතිලක අම්බලන්ගොඩදී කීය.

දකුණු මහ ඇමති වැරදි වහ ගන්න මාධ්‍යවේදින්ට සංතෝසම් දෙනවා දොළ පිදෙනි දෙනවා.

දකුණේ මහ ඇමති ශාන් විජයලා ද සිල්වා මහ ඇමතිතුමා තොරාගත් මාධ්‍යවේදීන්  කිහිප දෙනෙක්ට එයාට සුදු ගාන්න වැරදි නොලියාවා ගන්න ලැප්ටෝප් දීලා තියනවා.මම ලෙඩේ අදිනවා.මේයා මහජනතාවගේ සල්ලිවලින් ලැප් දුන්නා. හරියට එයා දෙනවා වාගේ දෙනවා නම් ගාල්ල, මාතර. හම්බන්තොට සියලුම මාධ්‍යවේදීන්ට  ලැප් දිය යුතුයි. මම ප්‍රශ්ණය අහන්න හදනකොටම මහ ඇමති පළාත් සභාව දවසේ මාරු උනා. හරියට ගැරඩියා වාගේ. මම ලබන සුමානයේ පළාත් සභාවේදි ප්‍රශ්න කරනවා ලැප් ගැන.සාරි බෙදනවා, පොත් බෙදනවා.හැටිට බෙදනවා, ඩයිරි බෙදනවා. මනාප ලබා ගන්න හැබැයි මේ චන්න ශාලිය දකුණු පළාත් සභාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නාමයෙන් කියන්නේ මහ ඇමති ගෙදර යවන්නේ ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයේ දී කියා මම කියන්න කැමැතියි යැයි මාධ්‍ය වේදින්ට  කිවේ පළාත් සභාවේ ආපන ශාලාවේදීය.

ආණ්ඩුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ගිය  16 කණ්ඩායමේ 06 දෙනෙකුගේ ආසන සංවිධායකදුර ඉවත් කිරීම පසුගිය සතියේ සිදුවිය. ඒ අතර දකුණේ ප්‍රධාන දේශපාලඥයින් දෙදෙනකු ද විය. මාතර ලක්ෂමන් යාපා ට සිය හක්මන ආසනය අහිමි වෙද්දී ගාල්ලේ චන්දිම ට වසර 18 ආසන සංවිධායකදුරය දැරූ හබරාදුව ආසනය අහිමි වී තිබිණි.

වසර 18 ආසන සංවිධායකදුරය දැරූ හබරාදුව ආසනය අහිමි

මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් නෙයෙකුත් ප්‍රකාශ නිකුත් වී තිබුණ ද නිල වශයෙන් ඔවුන්ට සිකුරාදා වන විටත් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර නොතිඹිණි. මේ අතර මාධ්‍ය මඟින් මේ යන කතාව සම්බන්ධයෙන් චන්දිම , සුසිල් ගෙන් ප්‍රශ්න කර තිබිණි. ඔව් ඉතින් දැන් හැම එකම පත්තරෙන් නේ දැන ගන්නේ අපිටත් මේක නැතිවුනා කියලා පත්තරෙන් තමයි දැන ගන්න වෙන්නේ. සුසිල් කී වේ ගණනකට නොගෙනය.

හබරාදුව නව සංවිධායකට ජන්ද 1000වත් ගන්න බෑලු

ඔව් මටත් ආරංචි හැටියට ඡන්ද 1000 ක් වත් ගන්න බැරි කෙනෙක් හබරාදුව සංවිධායක කරලා දාලලු. චන්දිම කී විට සුසිල් කීවේ ඒක තමයි මේ අය මේ පක්ෂය එජාපයට බදු දෙමින් සිටන බවයි. ලක්ෂ්මන් යාපා ද මේ සම්බන්ධයෙන් සුසිල් හා ජෝන් සමඟත් චන්දිම සමඟත් කතා කර තිබිණි. කමක් නෑ අපි ඇමති කම් අතහැරලා ආවේ මේක බලාපොරොත්තුවෙන් නේ. ඉස්සරහට අපි ජනතාව ඉන්න නියම වමේ පක්ෂය සමඟ වැඩ කරමු. ලක්ෂ්න්, ජෝන් , මෙන්ම චන්දිමත් එසේ කතිකා කරගෙන තිබිණි.

පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ චන්දිමම තට්ටු කළේ ඇයි.

සංවිධායකදුර ඉවත් කිරීමෙන් පසු චන්දිමට හිටපු ජනපති මහින්ද පාර්ලිමේන්තුවේ දී මුණ ගැසිණි. ආ ඔයත් ඉවත් කරලා නේ. චන්දිම ගේ පිටට තට්ටුවක් දැමු හිටපු ජනපති මහින්ද කීවේ අපි ඔක්කොම ඉවත් කරානේ. ඒත් අපි ඉන්නේ ජනතාව ඉන්න පක්ෂය එක්ක. දැන් ඔයත් ඉන්නේ ජනතාව ඉන්න පක්ෂය එක්ක. ඔයා කොහොමත් ජනතාව එක්ක ඉන්නවා නේ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *