මිග් යානා වංචා නඩුවේ උදයංග ඇපමත නිදහස් කරයි

නඩුව අවසන් වනතුරු බන්ධනාගාර ගත කරන ලෙස නියෝගක් දී තිබුණි

මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු බවට පත්වූ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා නඩුව අවසන්වනු තුරු ඇප ලබා නොදෙන බව සඳහන් කරමින් මිග් යානා ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. අද දිනයේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කළ ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වැනිදා දක්වා කල් දෙමින් උදයංග වීරතුංග මහතා පෞද්ගලික ඇපයක් මත අද දින මුදාහැරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අතර මෙහි පළමු චූදිතයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට රටේ ජනාධිපති බැවින් ඔහුගේ ජනාධිපති මුක්තිය සලකා ඔහුව එම නඩුවෙන් ඉවත් කර ඇත.

උදයංග වීරතුංග මහතා පොදු දේපල පනත යටතේ ගැණෙන වැරදක් කර ඇති බවට පසුගිය වසරේ පෙබරවාරි 26 වනදා පැවති නඩු වාරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ අතර පොදු දේපළ පනත යටතට ගැනෙන වැරදි සඳහා තම අධිකරණයට ඇප නියම කළ නොහැකි බැවින් නඩු විභාගය අවසන් වන තුරු උදයංග වීරතුංග මහතාව රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන බව එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කර තිබිණි.

එසේම මෙම විමර්ශනය පසුගිය වසර 05 තිස්සේම කරගෙන ගිය, හදිසියේ ස්ථානමාරු කර යවා ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න මහතා මෙම විමර්ශන සඳහා නැවත සම්බන්ධ කරගන්නා ලෙස තමන් වැඩබලන පොලිස්පතිවරයා වෙත පිස්කල්වරුන් හරහා නිවේදනයක්ද යොසු කර තිබිණි.

උදයංග වීරතුංග මහතාගේ ඥාතියකු වන නෙළුම් දුමින්ද මනම්පේරි නමැත්තා මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කරන හෙයින් ඔහුව අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ඊට අධිකරණයෙහි අවසරය හිමි වී නැත.උදියංග වීරතුංග මහතා වසර ගණනාවක් තිස්සේ, මෙම නඩුවට සහභාගී නොවෙමින් විදේශගතව සිටි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *