UFO ශරීර යෝග්‍යතා පුහුණු ශාලිකාව කොළඔ කිංසි පාරේ විවෘත කෙරේ

මෙරට ශරීර පුහුණූව අවකාශය තවත් පුඵල් කරමින් කොළඹ නගරයේ ශරීර යෝග්‍යතා පුහුණුව පිණිස ඉහලම මට්ටමේ පහසුකම් සැලසීමේ අරමුණින් ශරීර යෝග්‍යතා පුහුණු ශාලිකාවක් කොළඔ කිංසිපාරේ අංක 75 A දරණ ස්ථානයේ UFO Personal Training Studio  නමින් විවෘත කොට ඇත. ශරීර යෝග්‍යතා පුහුණූව පිණිස කැපවී සිටින සැමදෙනාටම අඩුවශයෙන් වසර අටක අත්දැකීම් සම්භාරයක් හිමි කණ්ඩායමක හිමාල් අලහකොන් ගේ සංකල්පයක් අනුව එය ආරම්භ කෙරිණ. මෙම කණ්ඩායමට නායකත්වය දෙන්නේ  කොළඹ ප‍්‍රභූන් වෙනුවෙන් ශරීර යෝග්‍යතා  පුහුණුවෙහි පුරෝගාමියෙකු ලෙස වසර 20 කට අධික අත්දැකීම් සමුදායක් ලබා සිටින රග්වාන් රොෂාන්ය. සම්මානනීය නිළි යශෝධා විමිලධර්ම UFO සන්නාම තානාපති ලෙස හිමාල් අලහකොන් විසින් හඳුන්වාදී ඇත. තමා රග්වාන් මහතා සමග දීර්ග කාලයක් මුළුල්ලේ වැඩකර ඇති බව ඇය පවසයි. සියලූම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි මෙහි ශරීර යෝග්‍යතා පුහුණුකිරීම් පැවැත්වෙයි. ගර්භණී කාන්තාවන්ට දරු උපතට පෙර කාලය තුළදී පහසුව පිණිස පුහුණුකිරීම් , පාසල් සහ විද්‍යාලීය  ක‍්‍රීඩා සඳහා ක‍්‍රීඩා පුහුණුව සහ විශේෂිත අරමුණු සඳහා විශේෂයෙන් සැලසුම් කළ පුහුණුකිරීම් මෙහි පැවැත්වෙයි. පුහුණුවීම් ලබන පිරිස්වලට ගැලපෙන පරිදි UFO ශාලිකාව සකසා ඇති පුහුණු වැඩසටහන්වලදී සිරුරේ බර අඩුකිරීම, කායබලය ගොඩනැගීම ,ඉරියව් , සුනම්‍යතාව, ස්ථායිබව, සමතුලිතතාවය සහ සුවදායි ජීවනරටාවන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *