කෑගල්ලේ අධිකරණ භූමියේ පිහි ඇණුමට පොලිසියේ දෙදෙනාගේ වැඩ තහනම්

කෑගල්ල සමන් විජය බණ්ඩාර

කෑගල්ලේ ප්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් ඊයේ 17 මිය යෑමේ සිද්ධිය පදනම් කර ගනිමින් පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ සිද්ධිය වු දිනයේ කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුලූ වන ගෙට්ටුවේ පුද්ගලයන් පරික්ෂණයට යොදවා ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා වන පො: සැ: 64385 පෙරුම්බඩ සුනිල් ශාන්ත සහ පො: සැ: 59513 දොන් ලෙස්ලි රොහාන් වැලිකඩ පොලිස් නිලධාරින්ගේය.

අධිකරණයට ඇතුලූ වන අය නිසි ලෙස පරික්ෂාවය ලක් කර නැති බවට පරික්ෂණ වලින් සනාථ විම නිසා කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුත්තව සේවය කර මෙම නිලධාරින්ගේ වැඩ තහනමට ලක් වි ඇත. නිසි පරික්ෂා කිරිමක් සිදු වුවානම් මහෙස්ත්‍රාත් අධිකරණය තුළට පිහියක් ගෙන යෑම සිදු විම නොවෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු අප මාධ්‍යයට පැවසිය.

කෙසේ හෝ මෙම සිද්ධියෙන් 36 හැවිරිදි මීදුම, යටගම, රඹුක්කන පදිංචි කරඳන පේඩිගේ ගයානි ප්‍රියංගිකා යන අය මිය යන ලදි. ඇය මිය ගොස් ඇත්තේ එදින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩුවක් වෙනුවෙන් මුදල් ලබා ගැනිමට පැමිණි අවස්ථාවකදි අධිකරණයට ඇතුලූ වන දොරටුව අසලදිය.

සිය ස්වාමියා විසින් ඇයගේ ලය ප්‍රදේශයට සිදු කරන ලද දරුණු පිහි ඇණුමකදිය. එම පිහි ඇණුම සිදු වි ගත රෝහල් ගත කිරිමෙන් පසුව මෙම දෙදරු මව මිය යන ලදි. පිහි ඇණුම සිදු කර ඇත්තේ හමුදා ඉංජිනේරු බළකායට අයත් සෙබළෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *