ඇදිරි නීති බලපත්‍ර සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පත්කරයි!!!

මිනුවන්ගොඩ ගනේහිමුල්ල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කල කොරෝනා ආසාධිත කාන්තාවගේ දියණියට කොරෝනා ආසාධිත වී ඇති බව තහවරු වන අතර මේ නිසා මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයේ ජනතාව දැඩි අවධානය යොමු කිරීමේ වැදගත් කම බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයන් දෙක ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බවත් ඒ සදහා පොලිස් නිලධාරීන් 1000 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරී සදහා යොදවා ඇතිබවත් පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවාවන් සදහා අවශ්‍ය ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීම සදහා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් ස්ථානයන් තුල පොලිස් අධිකාරීවරයෙකු යටතේ ඒකකයක් පිහිටුවා ඇතිබවත් සදහන් කරයි.

පොලීසියට අමතරව ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ කණ්ඩායම්ද යොදවා ඇති අතර හමුදා මාර්ග බාධක ද ප්‍රදේශය ආවරණය වන පරිදි පිහිටුවා ඇති අතර මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් සහ නැවතී සිටින සියලු දෙනා තමන් සිටින ස්ථානයන් තුලම රැදී සිටින ලෙසත් සවුඛ්‍ය නීති නිසි පරිදි පිළිපදින ලෙසත් අවධාරණය කරයි

ඇදිරිනීති බලපත්‍ර සදහා

මිනුවන්ගොඩ ASP චින්තක පීරිස් — 071 8591617

දිවුලපිටිය SSP කොට්ටහච්චි —- 071 8591628

Leave a Reply

Your email address will not be published. Required fields are marked *