පිලිපීන ජාතිකයන් පිරිසක් රැගෙන යාමට එරට නෞකා දෙකක් පැමිණෙයි

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

පිලිපීන නාවික හමුදාවට අයත්  BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz  යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා කොළඹ වරායට ‍පෙරේදා (29) සේන්දු විය.

පිලිපීන ජාතිකයින් සිය නෞකාවන් වෙත නංවා ගැනීමෙන් හා සේවාවන් ලබා ගැනීමෙන් අනතුරුව මෙම නෞකාවන් ඊයේ (30) දින කොළඹ වරායෙන් පිටත් විය.

පිලිපීන ජාතිකයින් පිරිස රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් මෙම නෞකා වෙත ලබා දීමේ කාර්යය සදහා නාවික හමුදාව සහය දැක්වීය. දැනට රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව විෂබීජහරණයට ලක්කර මෙම පිරිස නෞකා වෙත ලබාදුන් බව නාවික හමුදාව කියයි.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් ලොව සියළුම රටවල් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීම හේතුවෙන් සිය මව් රට බලා යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි රැකියා සදහා සහ සංචාරයන් සඳහා පැමිණි පිලිපීන ජාතිකයින් පිරිසක් මෙසේ පිලිපීනය බලා රැගෙනයාමට මෙම නෞකාවන් පැමිණ තිබිණි.

මෙහිදී අදාල නෞකාවන් සඳහා අවශ්‍ය සැපයුම් අවශ්‍යතාවයන්ද කොළඹ වරායෙන් ලබා ගැනීමට ඔවුන් කටයුතු කරන ලද අතර පවතින වසංගතය තත්ත්වය මත එම නෞකාවන්හි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමටද නාවික හමුදාව කටයුතු කළේය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *