වෙසක් ලබද්දි දඩයමේ ගිය දෙදෙනා ගිනි අවි එක්ක අල්ලයි!

වෙසක් ලබද්දි දඩයම් කරන්නට ගිනි අවි අතින් ගත් දෙදෛනෙක් ගිනි අවි එක්ක අල්ලයි!

මෙරටට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ 04 ක් තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් බෝගහගොඩ,උණගස්වල  බැද්දෙගෙදරදී අත් අඩංගුවට ගත් බව අක්මීමණ විශේෂ බලකා නිලදාරිහු විසින් 06වන දින අත්අඩංගුවට ගෙන තිබේ.වයස අවුරුදු 32 – 34 යන වයස් පසුවන  සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙලිවී ඇත්තේ මෙම ගිනි අවිය භාවිතා කරමින් වන සතුන් දඩයම් කරන්නට කටයුත කළ බවයි.අදාළ සැකකරුවන් දෙදෙනා සමගින් අත් අඩංගුවට පත් ගිනි අවිය සහ උණ්ඩ හතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඉමදුව පොලීසියට භාරදි තිබේ.

ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා කියා සිටියේ ගිනි අවිය උණ්ඩ හතර සහ සැකකරුවන්  (07) දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *