ඇදිරි නිතිය වෙලාවේ ගාල්ලේ නිවාස 5 බිදලා // දෙදෙනෙකු භාණ්ඩ සමග අත්අඩංගුවට

ඇදිරිනිතිය තිබියදි නිවෙස් බිද  නිවෙස්වල තිබු භාණ්ඩ සොරකම්කිරිම්වලට සම්බන්ද  සැකකරුවන් දෙදෙනෙකු සොරකම්කරණු ලැබු භාණ්ඩවලින් කොටසක් සමග  අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.

 පොද්දල පොලිස් බල ප්‍රදේශයට අයත් නාවින්න හ ඒ ආශ්‍රිත ප්‍රදේශවල නිවෙස් 05ක් බිද  රුපියල් ලක්ෂ 05ක ආසන්න භාණ්ඩ සොරකම්කොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. රුපවාහිණියන්ත්‍ර, ජේනරේටර්, ගෘහ උපකරණ ගැස් සිලින්ඩර්, පිත්තල ඇතුළු පෞරාණික භාණ්ඩ රැසක් මෙම සැකකරුවන් දෙදෙනා විසින් සොරකම්කොට ඇති බැව් පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නාවින්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මොවුන් 32 හා 37 යන වයස්කාණ්ඩවල පසුවන අතර  ප්‍රධාන සැකකරු යුධ හමුදාවෙන් පලාගොස් ඇති සෙබලෙකු බව පොලිසිය පවසයි. ඔශු එක් දරු පියෙකි. මොවුන් දෙදෙනා දැඩිලෙස මත්කුඩු පානයට ඇබ්බැහිවි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුවන්  දෙදෙනා විසින් මැණික් ගල් , රන්භාණ්ඩ  හා ලි සොරකම්කොට ඇති බැව් පොලිසිය පවසයි. එම භාණ්ඩ සොයාගැනිම සදහා පොලිසිය පරික්ෂණ පවත්වයි.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. පොද්දල පොලිස් ස්ථානාධිපති සංජිව, පො ප කේ.එච්.එස් පාලිත, පො සැ පො සැ28721 නිමල්  රංජිත්, පො සැ 10406 රුක්මන්, පො සැ 35552 කළුපහන, පො සැ 59079 ගමගේ, පො කො 7058  සුනෙත් යන නිලධාරින් විසින් මෙකි වැටලිම කරණු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *