සමස්ථ කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 1,797 දක්වා ඉහළට

අද දිනයේ වාර්තාවූ කොරෝනා අසධිතයන් 48 දෙනා සමග මෙරට සමස්ථ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1,797ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයන් 940 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 839 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 11 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 56 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *