විශේෂ පුවත් රටතොට හිනිදුම මවක් කුරුණෑගල පියෙක් තම දරුවන් සමග මරු වැළද ගනී April 23, 2018April 23, 2018 Admin 01 0 Comments හිනිදුම දරුවා මාස 10යි කුරුණෑගල දරුවා මාස 08 යි අපේ රටේ කොතැනක හෝ දිනකට සිදුවන මෙවන් සිදුවීම් වලින් සුලභ වීමක් දක්නට හැකි. මානසික පිරිහීම, ද්‍රරිද්‍රතාවය ,පවුල් ආරවුල් මේ සිදුවීම් රැසකට පාදක වී ඇත. හිනිදුම පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 32 ක කාන්තාවක් ඇයගේ මාස 10 ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර එම කාන්තාව ද නිවස තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.හබරකඩ, හිනිදුම පොලිස් වසමේ සමඟි මාවතේ, ඇල ඉහළ ප්‍රදේශයේ මෙම නිවස පිහිටා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද(23) උදෑසන 10 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවය.එම කාන්තාව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවට අනාවරණ වී ඇත.හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. අද උදෑසන කොළඹ බලා ධාවනය වූ දුම්රියකට කුරුණෑගල පල්ලෙකොටුව ප්‍රදේශයේදී පියෙකු විසින් මාස අටක් (08) වයසැති දරුවා සමග දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණ අතර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පවුල් ආරවුලක් නිසා සිය දිවි හානි සිදු වුවාද නැත්නම් වෙනත් සිද්ධියක් පාදක වුවාද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබයි