අද දින අසාධිතයින් 760 යි සමස්ථ මරණ 150 ඉක්මවයි

අද (13) පෙ.ව 6.00 වන විට ගතවූ පැය විසිහතර තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 760 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 04 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි විදේශීය පුද්ගයෙකු ලෙසද වාර්තා වේ.

ඉතිරි පුද්ගලයින් 755 දෙනා දේශියව හඳුනාගත් ආසාදිතයින් බවද කොවිඩ් – 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය කියයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර එම ආසාදිතයින් 397 කි. එයට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55 ක් හදුනාගෙන තිබේ. ඉතිරි ආසාදිතයින් 167 දෙනා වාර්තාවන්නේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලිනි.

අද (13) පෙරවරුව වනවිට ගත වූ පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 දෙනෙකු මියගොස් තිබෙන අතර එම පුද්ගලයින් දෙදෙනා ඉඹුල්ගොඩ සහ කොළඹ 15 ප්‍රදේශයන්හී පදිංචිකරුවන්ය. එම මරණ 02 ත් ලංකාව තුළින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (13) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 6754 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවත් පෙරේදා (12) දිනය තුල පමණක් පීසීආර් පරික්‍ෂණ 17425 ක් සිදුකර ඇති බවත් කොවිඩ් පාලන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අද (13) උදෑසන වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 28498 කි. එයින් පුද්ගලයින් 19896 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ (12) දිනය වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 32134 ක් වාර්තා විය. එයින් පුද්ගලයින් 23303 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ. පෙරේදා (12) වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 8682 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියහ. ඊයේ (13) උදෑසන 6.00 වන විට ගත වූ පැය 24 තුල රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 473 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *