ආදරණීය මාධවේදියෙකු වූ කලහේ කුමාරදාස දිවිමගට සමුදෙයි

මියයන තෙක්ම රටට සේවය කළ කලහේ කුමාරදාස ලියනගේ මහතා

සුනෙත් ගාල්ලගේ විසින් ඔහුට උපහාරයක් ලෙස පළකර ඇත

ගුරුවරයෙක් මාධ්‍යවේදියක් මෙන්ම සාහිත්‍යධරයෙක් වු ද, හිටවන කවියෙක්ද වු සමාජ සේවකයෙක් ලෙසද වු  මියයන තෙක්ම රටට සේවය කළ කලහේ කුමාරදාස ලියනගේ මහතා 08 වන දින දිවි මගෙන් සමුගත්තේය.

මියයන විට වයස අවුරුදු වසර 90 විය. දැනට දේහය ගාල්ල,අක්මීමන,කළහේ සිය නිවසේ තැම්පත් කර ඇත. මිය ගිය කුමාරදාස මහතාගේ අවසන් කටයුතු ඔක්තොබර් 10 දින සවස 5.00 ට දඩල්ල ආදාහනාගාරයේදී සිදුකෙරේ.  ජනාධිපති සම්මානයනේ හා විවිධ කලා අංශ අතරේ විවිධ සම්මානයෙන් පිදුම් ලැබු මේ කලා කරුවා සත්තකින්ම අමුතුම ආරක සාහිත දරයෙකි.

කල….පෝෂණය හෙලයේ මහ කලා…….කෙත

මිල….කල නොහැකි තරමට ඉටු වෙලා…..ඇත

බල….වත් වෙලා මරුවා දිගු කලා…………..අත

සැල….වූ පුවත අපගේ බොඳ කලා……….නෙත

පෙරි…පෙරි මුවෙන් ආ පිවිතුරු හෙල…….බසය

පරි…..නත බවෙන් පිරි පෙන්වුව අද……..හසය

හරි….ආඩම්බරෙන් මුසු කොට කව්……….රසය

සරි…..කල මෙවන් මහ ගස් අහසට………උසය

පෙර…..දැරි කර එඩිය කවියෙන් සටන්…….වැද

සර…….සවි වරම් මැද නැති බිය මරුන්……..ටද

තොර…හඬ කවක් කොට නෙත් අද කරන්..තද

අර…….ගත් වෙහෙස අනියත සිහි කරන්…..නද

දහ…මට සොබා නතු වන මේ ලොවේ……..ඇතී

රහ…සක් නොවේ අැති වන දේ නිමා………වෙතී

මහ…ගල් පවා මතු දවසක දිරා……………….යතී

පහ…සින් දහම් විඳ සැම දුක දරා…………….ගත

ලක..තුල එලිය කල නිති හිරු සඳු…………සේම

රැක..දුන් පිනින් කව කවි කම නැති…………වීම

දුක…යලි නොවෙන්නට නවතා ඉප…………..දීම

සැක.නැත දෙපලටම අත් වේ සැන…………..සීම

ඒ මහතා පොත් පත් රැසක්ද රචනා කළ ඇති අතර ගුවන් විදුලිය,රුපවාහිනිය, පුවත්වත් වලට සම්බන්ධව විවිධ වැඩ සටහන් කළ අතර කළහේ කුමාරදාස ලියනගේ නමින් පුත්වත් පත් කළාවට ද අත්පොත් තබන්නේ දිවයින පුවත් පතෙනි.

කීර්තිමත් කවියෙකු මෙන්ම ප්‍රවීන මාධ්‍යෙව්දියකු  වූ කිවිපති කලහේ කුමාරදාස ලියනගේ මැතිතුමා ඉකුත් ඉරිදා අභාවප්‍රාප්ත විය. කෙටි කලක් අසනිප වි සිටි ඒ මහතා මිය යන විට වයස වසර 90 ක් විය.

1926 ඔක්තොබර් 6වන දින ගාල්ල කලහේ වංචාවල ගම පියසේ ජනිත ඒ මහතා වසර 35 ක් අඛණ්ඩව විදුහලපති වරයෙකු ලෙස කටයුතු කරමින් දස දහස් ගණනින් යුත් සුහුරු දරුදැරියන් කැලක් දැයට දායාද කල අභිමානවත් ගුරු නායකයෙකි.

ජනතාවාදී දැක්මෙන් යුතු නිර්මාණශීලි කිවියකු වූ ඒමහතා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මාධ්‍යයන් තුළින් සිය කාව්‍ය නිර්මාණ රාශියක් පලකොට ඇති අතර කවි පොත් රැසක් ද ජනගත කොට ඇත. ශාස්ත්‍රීය සංග්‍රහ රැසකම විවිධ තේමාවන් යටතේ ලිපි නිර්මාණ පලකොට ඇති කුමාරදාස මහතා ළමා පොත් කිහිපයකම කතුවරයාද වේ.

රුහුණු කලා හවුලේ හා අගනුවර කවි සමාජයේ ඉදිරිපෙල ක්‍රියාධරයෙකු වු ඒ මහතා කලා භූෂණ, කාව්‍ය ශිරෝමණි, කවිපති,කාව්‍ය පීතෘ, හා කලා ශංඛ යන සම්මාන වලින් පිදුම් ලැබ ඇත.

කලහේ කුමාරදාස කිවිදුන් පුතුන් හතර දෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියෙකු වූ අතර මීට වසර කිහිපයකට ඉහත මියපරලොව ගිය කුසුමාවතී දිසානායක මැතිණියගේ ආදරණිය ස්වාමි පුරුෂයාද විය.හෙළ කව් ⁣කලාව පෝෂණය කරමින් අනාගත පරපුරට දායාද කරමින් දීර්‍ග කාලයක් පුරා කවියෙන් රසවත් කර හදිසියේම අප අතරින වියෝ වූ කලහේ කුමාරදාස ලියනගේ   දයාබර කිවිඳුන්ට නිවස් සැප ලැබේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *