පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා ගැනීමට නම්

සහරාන් ඇතුළු කාණ්ඩයමට පඩි ගෙවූ හැටිත් එම කණ්ඩායම හමුදා ග්‍රහණයෙන් ගිලිහුණේ කවදාද සහරන්ලාගේ පළමු ඝාතන සිදුවීම සිදුවන්නේ කුමන්ත්‍රණ කාරී අගමැති පත්කිරීමෙන් පසු වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය වීමත් එම පරීක්ෂණ එල්ටීටී මහවිරු සමරුවට සමඝාමීව සිදුවූ බවට පරීක්ෂණ වෙනතකට යොමු වුනේ කෙසේද 2018 අප්‍රේල් 4 වෙනිදා තොරතුර ලැබෙනවා නැවත එම තොරතුර අප්‍රේල් 20 වෙනිදා සවස ලැබෙනවා නැවත 21 වෙනොදා උදේ ලැබෙනවා මේ සම්බන්ධ තොරතුරු නොපැමිණියේ කෙසේද??

ප්‍රහාරය වූ දිනයේදී ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරා ගැනීමට නොහැකිව දෙහිවල හෝටලයේ බෝම්බය පුපුරා ගැනීමට පෙර බෝම්බය පුපුරාගත් ජමීල්ගේ නිවසට බුද්ධි අංශ නිලධාරියෙකු ඔහුගේ නිවසට යාමට තිබු තොරතුරු මොනවාද මෙම ප්‍රහාරය ISIS සංවිධානයට මෙහි වගකීම ගන්නා ලෙස දුරකථන ඇමතුම දුන් පුද්ගලයා අත්අඩංගුවේ සිටිනවා ඔහුට දුරකථන ඇමතුම් දුන්නේ කවුද කටුවා පිටිය පල්ලියේ බෝම්බය පුපුරගත් පුද්ගලයාගේ බිරිද සාරා ලංකාවෙන් පිටවූයේ කෙසේද??

මෙම ගැටළු ටික විසදෙනවානම් මෙහි සත්‍ය කුමක්ද කියා සොයා ගත හැකියි එකක් තමයි මෙම දිසාවට පරීක්ෂණ යොමුවෙලා නැහැ නැතිනම් ආණ්ඩුව හිතා මතාම පරීක්ෂණ යටගහන්න හදන වෑයමක් නොවෙයි විසදිය යුතුයි එදා ආණ්ඩුවේ ජනාධිපති වරයා රටේ ප්‍රධානියා සහ එවකට ආරක්ෂක අංශයේ ප්‍රධාන පුද්ගලයන් කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා මෙම ප්‍රහාරය කුමන්ත්‍රණයක් තිබෙන බව සදහන් වෙනවා එම ගැටළු නිරාවරණය නොවන තාක් රට තවමත් අනාරක්ෂිත තැනක සිටිනවා එම නිසා වහාම ආණ්ඩුව මේගැන සොයා බැලිය යුතු නොවේද??

තම බිරිද ස්වාමියා දරුවන් අහිමි වින්දිතයන්ට ඉටුකරන යුක්තිය කුමක්ද එම වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීමේ ගැටලුව විසදීම වෙනුවට ආණ්ඩුව අදුරේ අතපත ගෑම පිළිගත හැකිද මෙම ප්‍රහාරයේ සැබෑ චුදිතයන් සෙවීමේ අරගලය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිටිනවා ඒ වෙනුවෙන් කටයුතු කරනවා එම වින්දිතයන් සමග අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට සිටිනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මතුකරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *