අද දහවල් 12 සිට දුම්රිය නවතී

අඛණ්ඩව වැඩ වර්ජනය ආරම්භ කරන බව

ඊයේ දිනයේ ආරම්බ කිරීමට නියමිත දුම්රිය වර්ජනය අද (09) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කරදෙන බවට අමාත්‍ය සරත් අමුණුගම මහතා ලබාදුන් පොරොන්දුවක් මත ඊයේ මෙසේ වැඩවර්ජනය පැය 12 කට තාවකාලිකව නවතා දැමුණි.සිය ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් අද (09) මධ්‍යහනයේ සිට දුම්රිය වර්ජනය සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ගමන් ඇරඹෙන සියලුම දුම්රිය මේ මොහොතේ දී නවතාදමා ඇත.
ඊයේ (08) මධ්‍යම රාත්‍රි 12 සිට ආරම්භ කිරිමට නියමිතව තිබූ මෙම වැඩ වර්ජනය  අද මධ්‍යහන 12 දක්වා පැය 12 කින් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති කටයුතු කළේය.කෙසේ වෙතත් පොරොන්දුව ඉටු නොවුණහොත්  අද දහවල් 12 සිට අඛණ්ඩව වැඩ වර්ජනය ආරම්භ කරන බවද එම වෘත්තීය සමිති සඳහන් කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *