කෝටි තුනක හෙරොයින් ගුවන් තොටින් අල්ලයි

ගමන් මල්ලේ පතුලෙහි අදාල හෙරොයින් තොගය සගවා තිබියෙදී

අද අලුයම 1.46 ට QR 668 දරණ ගුවන් යානයෙන් පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි වයස අවු 39 ක පකිස්තානු ජාතිකයෙකු සතුව තිබී රුපියල් කෝටිතුනක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.426 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි .

මෙම පකිස්තානු ජාතිකයා සිය ගමන් මල්ලේ සුක්ෂම ලෙස සගවා මෙම හෙරොයින් රැගෙනවිත් ඇත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ විශේෂ පරික්ෂාවට ලක් කිරීම නිසා ගමන් මල්ලේ පතුලෙහි අදාල හෙරොයින් තොගය සගවා තිබියෙදී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදාල පකිස්තානු ජාතිකයා රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග බව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *