තිසර ඔහොම යං, 2020 ලෝක කුසලානය මව් බිමට

මාලි නායකත්වයේ ගුණය ප්‍රගුණ කරමින් ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු තිසර පෙරේරා මීට සුළු මොහොතකට පෙර නවසීලන්තයට එරෙහිව සිය ප්‍රථම එක්දින ශතකය වාර්තා කිරීමට සමත්වන ලදී .මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම ශතකය මෙය වේ එමෙන්ම එක්දින තරගයක් කණපිට පෙරළිය හැකි පිතිකරුවෙකු වශයෙන් නම් දරා සිටින තිසර පෙරේරා අද සිදුකල ප්‍රවේගකාරී පිතිකරණය එක්දින තරග රැසක අත්දැකීම් ඇති චන්දිමල්ට හොද පාඩමක් කියා දීමකි එනම් තමන්ගේ සුපුරුදු පහර මිස අනවශ ලෙස ආරක්ෂා කාරී වීම දැවී යාමට හේතුවක් වන නිසාය.

තිසර අද එල්ල කල හයේ පහර 13 තුන අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහලට දැමීම සදහා ඉවහල් වනු ඇත. සීත රටවල තණතිලි වල පන්දුවට පහර දීමේ භීතිය මෙයින්වත් මැකී යනු ඇත. මේ අනවශ භීතියට හසුව තරග කීයක්නම් අප පරාජය වී ඇත්ද ??ඉන්දියාවෙන් පාඩමක් ඉගැනිය යුතුය එනම් තමන්ගේ සුපුරුදු පහර සුපුරුදු රිද්මය සහිතව ක්‍රීඩා කිරීම තුලින් ලබා තිබෙන ප්‍රගතියයි.

චන්දිමාල්ට හැදෙන්නට අවශ්‍ය තරම් අවස්ථාව ඕනෑ තරම් දී ඇත තිසර තම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අත්දැකීම් එක්ක සිදුකරන ක්‍රීඩා විලාශය අතිශය ප්‍රසංසනීය වෙති.කුසල් මෙන්ඩිස් යම් තරමකට තම විශ්වාශය සෑම තරගයකදී ඇතිකර ගනු ලබති .ඔහුගේ ක්‍රීඩා කාලය සහ චන්දිමාල් ක්‍රීඩා කල කාලය කොතරම් පරතරයක් තිබේ ද ???එළබෙන ලෝක කුසලානය කරා යන ගමනේදී තිසර, කුසල්, දසුන්, මෙන්ඩිස් දික්වැල්ල ,දනුෂ්ක හොද පෙරහුරුවක් තබමින් සිටිති .කෙසේ හෝ නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තරග 2/0 ලෙස පරාජය වුවද එම පරාජයන් දෙකම ගෞරවනීය පරාජයන් වෙති .

අපේ පිතිකරුවන්ගේ දක්ෂතා පෙරට ඒමක් දක්නට ලැබුණි දැන් තිබෙන්නේ මෙතනින් ඉදිරියට කණ්ඩායම ස්ථාවර කරමින් මෙම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සමග තවත් ක්‍රීඩකයන් ආදේශ කරමින් තරග වලට ඉදිරිපත් වීමයි කෙසේ හෝ ලසිත් මාලිංග කණ්ඩායම සහ ක්‍රීඩකයන් සමගින් මේ ගෙනයන රිද්මය තුල ජයග්‍රාහී ගමනක සුබ පෙරනිමිති බව කිව යුතු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *