ආලෝකය ලබා දෙන පහන් නිපදවන්නන්ගේ අඳුරු කථාව .

අලුත් පරම් පරාව කර්මාන්තයට එන්නේ නෑ .

අප මේ කියන්නට යන්නේ වෙසක් මාසවල දි වැඩිපුරම දැල්වනු ලබන මැටි පහන් ගැනය. මැටි පහන් කර්මාන්තය කරන,ජනතාව ගැනය. නැතහොත් ඒ කර්මාත්ත කරුවන් ගැනය. පස් මැටි සමඟ හටන් කරන අහිංසකයෝ වළ පල්ලේය.ඔවුන් ගැන හොයන්නට රටෙත් එකෙක් නැත. ගමෙත් එකෙක් නැත.ගම සුපිරි කරන්නට කතා රටපුරා යහපාලනයක් ඇතිකරන බව කියනා නමුත්, සිහින මවන අපට රට පුරා පහන් හදන කුඹලුන්ට සරණක් වන්නට කිසිවකු නැත.

පහණ යැයි කියන්නේ ගල්වලින් සකස් කරන පහණ ගැනයි. සඳකඩ පහන කියා කියු විට එය යමෙකට පසක් වේ.නැණ පහන යනු දැනුම නැමැති පහන කරා යන්නයි.සඳ පහන දැල්වෙන්නේ පොහොය දිනවල දීය. ගඳපාන නම්වු පානක් ඇත්තේ කැලයේ ය.විථි පහන් දල්වන්නේ මහ පාරේ ය.සමහර යුවතියන් සාහිත්‍යෙය් දි පහනට උපමාකර ඇත්තේ සාහිත්‍ය කරැවන්ය.පොල්තෙල් පහන් ද දැකිය හැකතිය පොල් මිල නිසා පොල් තෙල් මිල ද ඉහළ ගොස්ය. ෆාම් ඔයිල් ගැන ද රට පුරා කතාන්දර ඇත.ගල් පහන, පිත්ල පහන, ඇති අතර පන්සලේද කෝවිලේ ද. දෙව් මැඳුරුවල ද පහන් දල්වයි.ඇලඩින්ගේ පුදුම පහන ගැන ද  මහා කතාන්දරයක් ඇත.මේ මදිවාට මැටි පහන මොඩ් කර පහනේ ගරැත්තය කෙළසා ඇතිබවද වෙළෙඳ පොලේ දැකිය හැකිය.

පහන යනු අඳුර දුරුකර ආලෝකය ලබා දෙන්නකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුළද පහන් දැල්වූ බව සඳහන් වේ. පහන උපමාකොට ධර්මදේශනා පැවැත්වූ අතර පහන් පූජාවෙන් ලැබෙන ආනිශංස ගැනද විවිධ සූත්‍රවල සඳහන් කොට ඇත. අප පහනක් දල්වන්නේ බුදුරජාණන් වහන්සේගේ අඳුර දුරලීමට නොවේ. අවිදු මෝහ අන්ධකාරයේ සිටින අපට ප‍්‍රඥාව නැමැති ආලෝකය ලබාගැනීම පිණිසය සක්කාය දිට්ඨිය විචිකිච්චාව ,ශිලබ්බත පරාමාශය ,කාමච්ජන්දය ව්‍යාපාදය රූපරාගය ,අරූපරාගය මානය උද්ධච්ඡය අවිජ්ජාව යන ලෞකික හා ලෝකෝත්තර දස සංයෝජන ධර්මතාවයන් අවබෝධයෙන් මුදාහැර චතුරාර්‍යය සත්‍ය අවබෝධ කරගෙන ආර්ය්‍ය අෂ්ථාංගික මාර්ගය අනුගමනය කරමින් උතුම් වූ නිර්වානාවබෝධය සඳහා ප්‍රවේශ වීමටය. එමනිසා පහනක් ඇති තැන අඳුරක් නැත.  

පොදුවේ පහන්” දැල්වීම ලෙස පැවැසුවද මේ දල්වන පහන් වර්ග රාශියකි. බොහෝ සිද්ධස්ථානවල පහන් රාශියක් දැල්වීමට පහසු වන ලෙස පහන් වැටඉදිකර ඇත. ශ්‍රී පාදයකිරිවෙහෙරරුවන්වැලි සෑය ආදී බොහෝ ස්ථානවල අවුරුද්ද පුරා නොනිමෙන “‍දොළොස්මහේ” පහන ඇත. එසේම මෙසේ දල්වන පහන් මැටි පහන්පිත්තල පහන් වෙනත් ලෝහවලින් සැදූ පහන් ශෛලමය පහන් (ගල් පහන්) මෙන්ම ඈත අතීතයේදී භාවිත කර ඇත. දැනුදු ග්‍රාමීය ප්‍රදේශවල පිරිත් පින්කම් සඳහා භාවිත කරන විශේෂ පහන් වර්ගයක් ඇත. එනම් ගස් ලබු ගෙඩිය දෙකට කපා ඇට ඉවත් කර පොල්තෙල් දමා පහන් දැල්වීමය. මේවා ඉතාම සුවඳවත්ය. එසේම අතීතයේ මලකැට පහන් වර්ගයක් විය.

ඒ කැකුණ මද තළා රෙදි කැබලි සමඟ මුසුකොට තනාගන්නා පහන් විශේෂයකි. මේවා බොහෝ වේලා දැල්වෙන අතර ඉතාම සුවඳය. මදුරුවන් පලවාහරී. වර්තමානයේ පහසුවෙන් දැල්වෙන්නේ විදුලි පහන්ය. මේ පිත්තල පහන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිරිවවුලපමුණුවගඩොලාදෙණිය මේ පිත්තල පහන් සෑදීමට ප්‍රසිද්ධය.අඟල් දෙකක් පමණ සිට අඩි හය හතක් උස පිත්තල පහන් නිර්මාණය කෙරේ.

පහන් දැල්වීම බුදුන්වහන්සේටදෙවියන්ට පමණක් නොව යක්‍ෂභූතපිසාචකුම්භාණ්ඩයන්ට සහ මියගිය ඥාතීන්ටද සිදුකෙරේ. බුදු කුටිය තුළ දැල්වෙන්නේ බුදු පහනය. දෙවියන් සඳහා දේවාලයේදී හෝ දේව රූපය ඉදිරියේ පහන් දල්වමු. නිවාසවල හෝ ව්‍යාපාර ස්ථානවල ඇති භූමි දෝෂ ඉවත් කිරීමට ඔවුන් සඳහා පහන් දල්වමු. මියගිය ඇත්තන් වෙනුවෙන් ඔවුන්ට පින් පිණිස සොහොන් කොත් අවට පහන් දල්වමු. එසේම උත්සව අවස්ථාවල අමුත්තන්ට ගරු කිරීම සඳහා පහන් දල්වති. එදත් අදත්, වෙසක් නත්තල් වෙනුවෙන්ද වෙසක් පහන්නත්තල් පහන් දල්වමු.

අපි පහන් කර්මාන්තයේ යෙදෙන කිහිප දෙනෙකු සමග සාකච්චා කළෙමු.මේ ඔවුන්ගේ අදහස්ය.

බෙලිඅත්තේ.ජී.සිරිසේන මහතා 60

බෙලිඅත්ත,මිහිදුපුර,මැද ගොඩ ඉහල ගොඩපහල ගොඩවීරකැටියකෝම්පෝරුව ,කටුවන ,රන්නදෙනගමකිරින්ද පළාත් වල තමයි අපේ පැත්තේ මැටි පහන්  හදන්නේ. මැටි ගන්න තැනක් නෑ. පොල් රෝගය නිසා පොලුත් නෑ.පොල් ලෙලිත් නෑ.

අපේ කරමාන්තයට  සහයෝගයක් නෑ. ණය ආධාර ලබා දෙන්නේ නෑ.අර පයිල් මේ පයිල් ඉල්ලනවා. අපි අසරණයි අපි පහනෙන් බිමට වැටෙනවා.ඒ වෙනකම් අපි ගැන හොයන්න කවුරුවත් නෑ.නගරවල පොළවල් වලට ගියාම බිම් කුළිය දිනකට රුපියල් 500 ක් 600 ක් ගන්නවා. අඩි දහයේ දහයේ කෑල්ලට තමයි එහෙම ගන්නේ.පොළවල් පහසුකම් අඩුයි. සමහර තැන්වල පසුකම් තියනවා.  වතුර නෑ. ලයිට් නෑ.වැසිකිලි පහසුකම් අඩුය. මදුරුවෝ වැහි වැහැලා. අපිව කන්න හදනවා. කිසිම පහසුකමක් නැති වුණත් ප්‍රාදේශීය සභා වලින් බදු නම් අය කරනවා තියන හැටියට හොද්දක් බතක් උයාගෙන කෑවයින් නොකෑවයින් කනවා.කූඩාරම් ගහගෙන අවුවැසි  නොතකා සකස් කරන පහන්,වළංපහන් විකුණන්ටද ගමින් ගමට නගරයෙන් නගරයටද පොළෙන් පොලට කඩපොලෙන් කඩ පොළටද ගමන් කරන්නටද මේ ජනතාව පුරුදුව සිටිති.ශාස්තරේට පහන් හදන්න ඕනෑ ප්‍රමිතියක් තියෙන්න ඕනෑ. අපි ගමේම විකුණනවා.පිටින් එන මුදලාලිලාට දෙනවා තොඟ පිටින්.උත්සව කාලෙට නගර වල පොලවල් වල දමලා විකුණනවා. මාර්ග දිගේ මැටි පහන් විකුණාගෙන යනවා.අපේ අය අපේ අත්තා මුත්තා කිරි කිත්තාගේ කාලේ පටන් තමයි මේ රස්සාව කරන්නේ. කර්මාන්තය කාලයක් නැත්තටම නැති වුනා.නමුත් අපේ මහා ඇයෝ රස්සාව ආරක්‍ෂා කරගෙන ආවා.අපිත් එය ආරක්ෂා කරගෙන යනවා.

ටී.සුමනාවතී මහත්මිය 50 මෙසේ කීවාය.

පොලියට සල්ලි අරන් තමයි හැමෝම රස්සාව කරන්නේ.සහයෝගය දෙන පිරිස අඩුය. මැටි ලොරි පටවන්න රුපියල් දෙදහක් තුන්දාහක් ගන්නවා. ප්‍රවාහන කුලිය රුපියල් අටදාහක් විතර වෙනවා. මැටි අණන්න මැටි පටවන්න බඩු හදන්න පොරණු සකස් කරන්න ශ්‍රමය කුලිය වැයවෙනවා. ශ්‍රමයට රස්සාව කරන්න බෑ. මිල නියම කරන්න බෑ. එහෙම කරොතින් පහන් වලට මිල කියන්න බෑ.ගංගා ඇළ දොළවලින් තමයි මැටි ගන්නේ. මේ කාලයේ  මැටි පහන් වලට ඉල්ලුම වැඩියි.ඒ නිසා වඟකීම පහන් හදන්නේ ඇතුවයි හදන්නෙ. සද්ධාව භක්තිය පහන දැක්කම ඇත්වන ආකාරයට තමයි මැටි පහන් සකස් කරන්නේ. මැටි වලට,දර වලට,දහයියා වලට,පොල් ලෙලිවලට,පිඳුරු වලටප්‍රවාහන වියදමමැටි ගන්න එක,මැටි නැති එක,මැටි පටවන්නමැටි බාන්න,වළං පටවන්න,අර සභා මේ සභා බදු,පරිසර නීති ප්‍රශ්නත් අපට තිබෙනවා. කෙහොම නමුත් අප මේ මැටි කර්මාන්තය කරගෙන යනවා. අපට මැටි නැති එකත් ප්‍රශ්නයත්.තරුණ පිරිස මේ කර්මාන්තයට එන්නේම නෑ. පහන් හා මැටි වළං කර්මාන්තයට කිසිවකු සහයෝගයක් ලබා දෙන්නේ නෑ.තාක්ෂණය නව නිෂ්පාදන ක්‍රමයන් සොයා ඉදිරියට යන්නට හැකි නම් තරුණ පිරිස සමඟ මේ නිෂ්පාදන  කර්මාන්තයද ඉදිරියට ගෙනියන්න හැකි වෙනවා.

පී.කේ ධර්මසිරි මහතා 50 පාරම්පරික කර්මාන්ත කරුවෙකි.

අපට සහයෝගයක් නෑ.විවිධ වැඩසටහන තියනවා කියනවා.සටහනක් තිලුණා. අද නෑ.ණය ආධාර ලබා දෙන්නේ නෑ.අර පයිල් මේ පයිල් ඉල්ලනවා. අපි අසරණයි අපි වළදෙන් බිමට වැටෙනවා.ඒ වෙනකම් අපි ගැන හොයන්න කවුරුවත් නෑ.ප්‍රවාහන කුළිය තමයි ඉතිං වැඩි. එක එක දුරගනන්වලට ගියාම ගමන් වියදම වැඩයි එක් මුරයකට රුපියල් 12 000ක් විතර වැය වෙනවා. හම්බන්තොට ඉදලා තමයි අපි ගාල්ලට මේ පළාතට මේ පහන් ගෙනාවේ. පොළ බදු කුළිය හැම අවුරුද්දකටම වෙසක් පොසොන් වලට අප විවිධ වු ස්ථානවලට යනවා. එනරම් වෙළදාමක් නෑ. මැටි පහන් වෙනුවට විදුලි පහන්විදුලි බුබුළු වැල් ආදිය,ඉටි පන්දම් විවිධ වු මල්වෙඩි ආදිය ගන්නවා. නමුත් මැටි පහනක්,පහන් පත්තු කරාම තිබෙන සිරියාව සැනසුම වෙනත් පහන් පත්තු කළාම දැකිය හැකි නෑ. වෙසක් කූඩුබකට්,වෙසක් කොඩි අතර මැටි පහන්ද දැල්වු විට ඇතිවන්නේ අමුතුම සිරියාවකි. මැටි පහනක් රුපියල් එකයි ශත විසි පහකට තමයි අපි වැඩපොළෙන් දෙන්නේ. රුපියල් විස්සට හයක් හතක් දෙනවා.කඩවල දී නම් රුපියල් පහක් විතර වෙනවා. අනෙක බිදෙන කැඩෙන ප්‍රවණතාවය වැඩියි. පටවන කොට බාන කොට මැටි පහන් බිදෙනවා වැඩියි. කොහොම නමුත්අතර මැදි ඇත්තෝ තමයි වාසි ගන්නේ. ඒ ඇත්තෝ ඉතිං වාහන අරගෙනතෙල් ගහගෙන රියදුරු කූලීමලි දීලා විකුණනවා. ඈත පළාත්වලට අරගෙන ගිහිල්ලා තමයි විකුණන්නේ ඒ අයටත් ඉතිං වියදම වැඩියි. ඒ නිසා මැටි පහන් විකුණලා ගන්න ගතමනාව එතරම් වාසියක් නෑ.

කෙසේ නමුත්අපට ආලෝකය ලබා දෙන්නා වු මැටි පහන් සකස් කරන කර්මාන්ත කරුවෝ අගය කළ යුතුය.අපට එලොව මෙලොව ජිවිත ආලෝකයට සහනයට සහයෝගය ලබාදෙන මැටි පහන් කරුවෝ සැමදාම දුකේය. ඒ අයට කිසිදු දිනක ආලෝකයක් ලැබෙන්නේ නැත.මේ ඇත්තෝ  අනුනට ආලෝකය දී ජිවිත ආලෝක කරනොගත් මැටි පහන් කරුවනගේ කතාන්දරයයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *