මේක ශ්‍රී ලංකාවේ ආර්ථිකේ හදවත රැකගන්න කරන සටනක්

ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවසූ

මේක ජාතික සටනක්. මේ සටන අනිවාර්යයෙන් දිනන්න ඕන. මේ වරාය සේවකයින්ට බනිස් ගෙඩිය ඉල්ලල කරන සටනක් නෙවෙයි. මේක වරාය සේවකයින්ට පඩිය වැඩිකරන්න කියල ඉල්ලන සටනකුත් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ආර්ථිකේ හදවත රැකගන්න කරන සටනක්.ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවසූ හ.

එදා කැප්පෙටිපොළල මාතෘභූමිය ආරක්‍ෂා කරගන්න සටන් කළෙත් ජාතික සටනක්. අද වරාය සේවකයො සියලුදෙනාමක් සටන් කරන්නෙ මේ ජාතික සම්පත රැකගන්න කරන ජාතික සටනක්.

අපි ගමින් ගමට යනව මේ සටන ජයග්‍රහණය කරන්න ජනතාව දැනුවත් කරන්න. හෙට නිඛිණි පෝහෝය. හෙට බණ මඩුවෙ මාතෘකාව වෙන්නෙ මේ වරාය සටන. වෙන මාතෘකා නැහැ. අපිට කුඩාපොළ හාමුදුරුවො උගන්නල තියෙන්නෙ එහෙමයි. ඒ නිසා මේ වරාය රැක ගැනීම සඳහා කරන සටන ජයග්‍රහණය කළ යුතුයි.”

එහිදී මාධ්‍ය ඇමතූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ මහතා.

“රට මහ ණය බරක ගිලිල ඉන්නව. ඒ ණය අර්බුදයෙන් ගොඩඑන්න පුලුවන්කමක් තියෙන්නෙ මේ ආයතන රජය සතුව තිබුනොත් විතරයි. එහෙම වෙද්දිත් රටේ ජාතික සම්පත් විකුණල කරන්නෙ මොකක්ද? මේ දේ රටේ පාලකයොන්ට තේරෙන්නෙ නැද්ද?. මේක තේරෙන්නෙ වෘත්තීය සමිතිවලටද?. ඔය ආණ්ඩුවෙ මේක තේරෙන මහ ආර්ථික විශ්ලේෂකයො නැද්ද?

දැන් මේ සටනට විශාල සිවිල් සංවිධාන ප්‍රමාණයක සහයෝගය ලැබිල තියෙනවා. රටේ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් මේ සටනට සහාය ලබාදීල තියෙනවා. අපි කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රශ්ණෙ අද නැත්නම් හෙට විසඳන්න. එහෙම නැත්නම් ආණ්ඩුවට රිදෙන්න පාඩමක් උගන්වනව මේ සියලු වරාය සේවකයින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *