මේ ආණ්ඩුව චූන් පාන් වාහනයක් වාගේ හඩ විතරයි වැඩ නෑ

මේ ආණ්ඩුව චූන් පාන් වාහනයක් වාගේ හඩ විතරයි වැඩ නෑ….

පක්ෂය ගොඩනගන්න නම් රට හදන්න නම් අපේ දුරකතනයට නැතිනම්  ටෙලි පෝන් එකට ජන්දය දෙන්න.මේ රටේ ජනතාව කියන්නේ කුමක්ද ?  මේ පාර අලියාට ජන්ද නැ. රනිල් එපා. සජිත් තමයි උවමනා කියා ජනතාව ඉල්ලනවා යැයි, සමගි ජන පෙරමුණේ  ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීය.

එ මහතා එසේ කීවේ ගාල්ල,යක්කලමුල්ල,බද්දේගම,හබරාදුව,නෙළුව, තවලම,බලපිටිය,අක්මීමන ප්‍රදේශ රැසක දී පැවැති ජන හමු රැසකට එක් වෙමිනි. (අද 24 දින)

ගයන්ත කරුණාතිලක මහතා මෙසේද කීය.

අපේ ජන්දයෙන් මනාපයෙන් බලයට ආ මෛත්‍රිපාල සිරිසේන අපේ පක්ෂයේ භේද බින්න කර ජනතාවට කරන්නට ගිය කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කරන්නට ඉඩ දුන්නේ නැ. කකුලෙන් ඇන්දා. මම නිර්පාක්ෂික දේශපාලඥයෙක් කියා බලයට ආ මෛත්‍රි සති කිහිපයක් යන්නට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති කම අරගෙන අපටම ගැහැව්වා. දැන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ද නිලතල අරගෙන යළිත් ජන්දය ඉල්ලනවා.

ජනපති කම් දරලා. යළිත් මන්ත්‍රිකමකකට තරග කරන මහින්ද මෛත්‍රි බලයට ඇති කෑදර කම මේ ජන්දය ඉල්ලිම තුලින්ම පේනවා. දැන් රාජපක්ෂ පවුල සමඟ රාජපක්ෂ පාලනය එක්ව එකතු වී සිටින මෛත්‍රිපාල පිළිබඳව කිසිදු විස්වාසයක් රටේ ජනතාවට නෑ. රාජපක්ෂ පාලන පිළිබඳව ජනතාවට විස්වාසයක් නෑ.

රනිල් වික්‍රමසිංහ ඩීල් කාරයා පිළිබඳවත් එයා එක්ක සිටින හය හත් දෙනාගේ ඩීල් කල්ලියත් පිළිබදව ජනතාවට විස්වාසයක් නෑ.මේ ඩීල් කාරයෝ නිසා එජාප එජාපාක්ෂිකයන් පවා දි තියනවා.

ජනතාවට විස්වාසයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක විතරයි.රට ඉල්ලන්නේ ජනතාව ඉල්ලන්නේ ජනතාව ආදරය කරන්නේ ඩීල් නැතිව කටයුතු කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස නායකතුමා විතරයි. අපි දුරකතන කාරයෝ මේදා වැඩිම ආසන ප්‍රමාණයක් ගන්නවා. ගියවර ජන්ද ප්‍රතිපලය මත අපට ආසන 102ක්ම ලැබෙනවා. මේවර වෙනත් බලවේග සියලුම එක්ව අපි ආණ්ඩුක් හදනවා එහි අගමැති සජිත් ප්‍රේමදාස මැතිතුමායි.

රාජපක්ෂ  වරුන්ට මෙදා කොරොනා නිති නිසා ජන්ද තියන්න නොහැකි අනාගෙන තියනවා. කොරොනා නිසා රාජපක්ෂ පවුලට කොර උනා. වෙනදා ලංකාවේ සියලුම ලංගම බස් අරගෙන මැතිවරණයට සෙනඟ ඇඳ අපිට බලය තියනවා කියා ඔලුගෙඩි පෙන්වා ජනතාව රවටා බලයට ආ රාජපක්ෂ පවුල් කල්ලියට අද එහෙම කරන්න නොහැකිව තියනවා. කොරොනා නීති රාජපක්ෂගේ ජනතාව රවටන ක්‍රමය වෙනස් කරන්න පටන් ගෙන තියනවා.

ලංකාවේ සියලුම සංවර්ධන කටයුතු කඩා වැටි තියනවා. ජනතාවට ජිවත් වෙන්න බැ. බඩු මිල අහසට නොවෙයි දිවිය ලෝකය දක්වා ඈතට ගොස් මිල වැඩිවෙලා.අපි නම් දැන් සැපද කියලා අහන්නේ නෑ. රාජපක්ෂලා රටත් කෑවා ගමත් කෑවා රටම නැති කළා. ජනතාවට තුන්බිය ඇති කළා.

නියමිත දිනයට ගුවත් තොටුපොලවල් වැසුවේ නම් මේ කරදරය අපට එන්නේ නැ ලංකා ඉතිහාසයේ රාජපක්ෂ පාලකයන් අතරේ ගත් කල අදක්ෂම පාලකයා ඝෝඨාභය රාජපක්ෂ පාලනය බව මේ දින කිහිපය තළ දැකිය හැකිය.

මාස හතරක් පහක් වෙනවා. රට පාලනය අරගෙන කිරපු දෙයක් නැ. කයිවාරු ගැහනවා විතරයි. වැඩක් නැ සද්දේ විතරයි. වැඩක් නෑ. හරියට මේ ඝෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව චුන් පාන් වාහනයක් වාගේ ශබ්දය විතරයි.ඇහෙන්නේ වැඩක් නැ. චුන්පාන් කාරයන් වෑන් එකත් හොයා ගන්නා බෑ. හඩ තියනවා. පාන් කාරයා. සොයා ගන්න බෑ. ජනතාවට අද පාන් කියා ගන්නවත් බෑ. මෙතරම් ජිවිත වියදමක් ජනතාවට දරාගන්න බෑ.

මේ නොහැකියාව ඇති රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්නට කාලය මේදා ඇතිකර ගන්නාට අප පියවර ගත යුතුයි. අපි දුරකතාන කාරයෝ බලයට ආ විගස ජනතාව සහන සලස්සනවා. ජනතාවට රටටම සංවර්ධනය ගෙන එනවා.

මේදා අලුත් ආකාරයට ජන්දය තියන්න වෙලා. එක් පක්ෂයකට එක් කාර්යාලයයි.නමුත් අද කොරොනා නීතිය අනුව ජන්දය තියන්නට සිදු වෙලා.ජන්ද පොලෙත් නීති තියනවා.එජාප අපට අලියත් දුරකතනයය දෙකෙන්ම සිටිනවා. අපි එකම පිලක් ද පිල් දෙක්කද තීන්දුවක් ගත යුතුයි. අපි දෙකට බෙදිලා නෑ. අනු නවයක් සජිත් එක්ක රනිල් එක්ක සියයට එකයි. එවිට අපි බෙදිලා නෑ. ඩීල් කාරයෝ සුව පිරිස එක් පැත්තක අපි ජනතාව ඉල්ලන පිරිස වැඩි පිරිසක් අපි එක්ක සිටිනවා.

ගමේ නගරයේ රටේ සියලුම පැත්තෙන් ගත් කළ අපිට දෙකට බෙදිලා නෑ. සජිත්ට බලය වැඩියි.දිර්ඝ කාලිනව අපි පැරදුනා රනිල්ට ජය ගන්න බැරි උනා. වසර 25 කින් එජාප තනියම අපට ජනපති කමක් අපට ගන්න බැරි උනා.

අපිට තියනවා ප්‍රශ්නයක් අපි දින්න උපමනායි.අපිට ජනතාවට සේවය කරන්න බලයක් උවමනායි.සිරිසේන අපි පත් කළා. නමුත් අපට කිසිදු සේවයක් උනේ නැ.අපි දින සියයක වැඩ සටහන සාර්ථකව කලා.නිවැරදි කටයුතු ජනගත කළා. මෙහි දී මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ප්‍රශ්ණ ආ විගස එයට පියවරක් ගත්තේ නෑ. හවුල් ආණ්ඩුක් ගැහුවා. එකෙන්ද එජාප සිදු වු සෙතක් නෑ.මෛත්‍රිපාල ඒ අයගේ පක්ෂයේ අයට මැති ඇමති කම් දුන්නා ඒ අය රස්සාවල් දුන්නා අපිට මේ රස්සාවල් දෙන්න විදියක් උනේ නෑ.හවුල් ආණ්ඩුව අවුල් උනා. අගමැති ජනපති අතර නයි මුගටි ගැටුමක් හට ගත්තා දින පනස් දෙකේ අගමැති වරයෙක් මෛත්‍රිපාල සිදු කළා. හොර ආණ්ඩුව පහකර ගත්තේ අධිකරණ බලය මත අපට යළිත් බලය ගන්න හැකි උනා.

අපි පාසල් දරුවන්ට ටැබ් දෙන්න කටයුතු කළා.නමුත් එය සිදුකරන්න දුන්නේ නැ. එහෙම උනානම් මේ පාසල් පවත්වන්නේ නැති මේ කොරෝනා කාලයේ ළමයින්ට ඉගෙන ගන්න තිබුනා. එය ක්‍රියාත්මක කරන්න දුන්නේ නැ. ජනතාවට ඉඩම් අයිතිය දෙන්න කටයුතු කළා. නමුත් ඒ සියල්ලටම  මෛත්‍රිපාල අවස්ථාව දුන්නේ නෑ.ජනතාවට සෙත සලසන දේවල් කරන්න දුන්නේම නෑ.

එජාප ඇතුලේ අරගලයක් තිබුනා. නමුත් ව්‍යවස්ථාව අනුව රනිල් කියනවා.තමා යාවජීව නායකයා කිය කියා හිටියා.අලුත් අයෙකුට එන්න දුන්නේ නෑ නායකත්වය දිගින් දිගටම කල් ඇරියා වැඩක් කරන්න දුන්නේ නෑ. සජිත්ට නියෝජ්‍ය නායක කම දුන්නා බලයක් දුන්නේ නෑ.අපේක්ෂක කම දුන්නේ අන්තිම අවස්ථාවේ දීයි.

රට ඉලන්නේ සජිත් බව අප පක්ෂයට රනිල්ට කීවා. නමුත් බැරිම තැන සජිත්ට බලය දුන්නා.සංවිධානයක් කරන්න නොහැකි ආකාරයට කටයුතු කළ නමුත් ලක්ෂ 56ක් ගත්තා. ඩීල් ගහන්න ගිය නිසා රනිල්ගේ ක්‍රියා නිසා සජිත්ට ජන්ද නැති උනා. මහා බියක් ඇති කරන්නට සිතා මතාව රනිල් කටයුතු කළා.  

රනිල් වික්‍රමසිංහ ජාතික සංධානයක් හදමු කීවා. ඒ සියල්ලම අනුමැතිය දුන්නා. පස්සේ එකත් කුහක කල්ලියක් රනිල් ලග සිටියා ආණ්ඩුවට කත් අදිනවා. ඒ සුළු පිරිස තමයි සිරිකොත අල්ලාගෙන මේ වැරදි වැඩේ දැන් ද සිදු කරන්නේ මේ ඩිල් කාරයෝ දැන් රටම දන්නවා.රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් ගහනවා.

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 80ක් සමග පක්ෂයේ සියලුම දක්ෂ අය තනතුරු ලාබින් සියල්ලම සජිත් එක්ක එක් උනා. සජිත්ට පමණයි රට හදන්න හැකියාව තියෙන්නේ. යාව ජිව නායකත්වය වෙනස් කරන්න හැකියාව රනිල් වෙනස් කරන්න දෙන්නේ නැති නම් ජනතාව ජනමතයෙන් මේ නායකත්වය රනිල්ගේ යාවජීව නායකත්වය  වෙනස් කරනවා.පක්ෂයේ වෙනසක් සමග රටේ පාලන ක්‍රමයේද වෙනසක් සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ සිදු කරන්නට ජනතාව සමගින් අපි කටයුතු කරනවා. ජනතාව මේ සඳහා ජනවරම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබාදෙන්නට පියවර ගන්නවා.

පොරොන්දු කඩ කළ ආණ්ඩුව ඉවරයි. සහන දෙනවා කී රාජපක්ෂ ආණ්ඩුව සිදුකරලා නෑ.  බඩු මිල වැඩියි. සැමන් ආණ්ඩු ඉවරයි. පෝර මිල අඩු කරනවා. නොමිලයේ දෙනවා කීවා. ලක්ෂයේ රස්සාවල් දෙනවා කිවා . ගාමට් වහලා. වතු කරයේ ජනතාවට දෙන්න 1000 ක් දුන්නාද ආණ්ඩුව එකතැන පල් උනා ක්‍රීඩා පිටිය හදන්න නොදුන් නිසා ක්‍රිඩා පිටිවලින් ගසා කන්න හොදටම දන්නා රාජපක්ස ආන්ඩුව දැන් ක්‍රිඩකයන්ට ගහන්න පටත් ගත්තා.

කරුණා අම්මාන්ගේ කතාව නිසා සිංහල ජනතාව රණ විරුවන් අවතක්සේරු කළා. රනවිරිවන් 3000 ක් මැරුවා කියනවා. මේ ගැන කතා කරන්න කිසිවෙක් නැ. ජනතාව මේ ගැන බලාගෙනයි ඉන්නේ.මේ ගැන දුරකතන අය අපි කීවා නම් මහා කතාවක් කියනවා. නමුත් එය ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරු අපේක්ෂකයෝ පාක්ෂිකයෝ කතාවක් අද නෑ. මේදා පොහොටුව ජන්දය නොදෙන්නට මේයම ඇති කියා අපි කියනවා.

සජිත් සමග දුරකතනය දිනවමු. ජනතාව දිනවන්න දිනවලා දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.ජනතාවාදී ආණ්ඩුව අපි හදනවා. මේ ආණ්ඩුව පාණ්ඩුව වාගේ තියෙන්නේ. නමුත් අපි ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුව සකස් කරනවා.සජිත්ට පමණයි ගමනයක් යන්නට හැකිය. පාක්ෂිකයන් රැක ගන්න හැකියාව තියනවා. දුෂණයෙන් තොරව රට සංවර්ධනය කරන්න හැකි නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි. මේ නිසා අගෝස්ත් 05 වැනි දා මේ රටේ සජිත් මැතිතුමාගේ පාලයක් ඇති කරන්නට ජනතාව බලා සිටිනවා යැයි සමගි ජන පෙරමුනේ  ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *