හැපුණු ඩිපෙන්ඩර්ය මතට තවත් ඩිපෙන්ඩර්යක් කඩාවැටේ

අහුන්ගල්ලේ අධිවේගී ඩිපෙන්ඩර් අනතුර // එක් දරු පියෙකු මිය ගොස් ඇත

ගාලු කොළඹ මහා මාර්ගයේ අහුන්ගල්ල, වතුරෙගමදී ඩිපෙන්ඩර් රථ දෙකක් ඊයේ (15) අලුයම දුරකථන කණු දෙකක සහ තාප්පයක හැපීමෙන් එක් දරු පියෙකු මිය ගොස් ඇත. ඩිපෙන්ඩර් රථ දෙක කොළඹ පැත්තේ සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ බළපිටිය, වැල්ලබඩ පදිංචි බෝදාහන්දි චානක මනෝජ් ද සිල්වා (36) නැමති අයයි. මියගිය අය ඉදිරියෙන් පැමිණි ඩිපෙන්ඩර් රථය පදවාගෙන පැමිණි අය බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මියගිය අය මළ ගෙදරක යන බව කියා පෙරෙදා  (14) රාත්‍රි 9.00 ට පමණ බළපිටියේ වැල්ලබඩ නිවසින් පිටව ගොස් ඇති අතර ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී ඊයේ (15) අළුයම මෙම අනතුර සිදුව තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි. මියගිය අය පදවාගෙන ආ ඩිපෙන්ඩර් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් තාප්පයේ හැපී තිනෙ බවත් ඒ පසු පස වේගයෙන් පැමිණි අනික් ඩිපෙන්ඩර් රථයද එහි රියැදුරාට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන්  මෙම රථයේ ගැටී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුපස ඩිපෙන්ඩර් රථයේ පැමිණි එහි රියදුරාද අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (15) බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක (5,00000/-) පොලිස් බැදුම්කර දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. මෙසේ මුදාහරිනු ලැබ ඇත්තේ අංක 15, රන්දොඹේ, බළපිටිය ලිපිනයේ පදිංචි අරුමාදුර චෙහාන් චතුරංග ද සිල්වා නැමති අයයි..

මොහු අත්අඩංගුවට ගන්නා විටදී බීමත්ව සිටි බවද අහුන්ගලග්ල පොලීසිය කියයි. අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීම මත රථවාහන අංශය වැඩි දුර පරීක්ෂණ වත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *