DIG නාලකගේ වැඩතහනම් කිරීමට හේතුවක් තිබිය යුතුයි.

ඝාතන තැතට ජනපති උපදේශකයන්ගෙන් සැර පිළිතුරුක්

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත සම්බන්ධ හෙළිදරව්ව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසය තිබෙන නමුත්, සිද්ධියේ සත්‍ය, අසත්‍යතාව පරීක්ෂණවලින් හෙළි කිරීමට පෙර එය අසත්‍යයක් ලෙස යටපත් කිරීමට උත්සාහ කිරීම ගැටලුවක් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය‍.

මේ පිළිබඳ හෙළි වූ දින සිට මේ දක්වා දිග හැරුණු පරීක්ෂණ තොරතුරු අනුව එහි යම්කිසි තීරණාත්මක බවක් තිබේ යැයි හැඟෙන බවද හෙතෙම පෙන්වා දුන් අතර, අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනමට ලක්කිරීම ඊට නිදසුනක් ලෙස පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය වක්‍රව හෝ ඍජුව යටපත් කිරීමට උත්සහ කිරීම, අවතක්සේරුවට ලක්කිරීම, හරසුන් ප්‍රකාශක් ලෙස යටපත් කිරීමට උත්සහ කිරීම ගැටලු සහගත බව පෙන්වා දුන් අතර මෙය දේශපාලන හෝ වෙනත් පුද්ගල කුමන්ත්‍රණයක් හෝ විය හැකි බව සඳහන් කෙළේය.

මීට අදාළ හඬ පටයේ කට හඬ අදාළ පොලිස් නිලධාරියාගේ හා හෙළි කළ පුද්ගලයාගේ කට හඬට සමාන බවට රස පරීක්ෂක වාර්තාව විද්‍යාත්මකව තහවුරු කර තිබීම ද ඝාතන සිද්ධියේ ඇති තීරණාත්මක බව තවදුරටත් හඳුනා ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.මෙහිදී විදේශිකයකු සම්බන්ධයෙන් ද හෙළිව ඇති අතර සිද්ධිය ප්‍රලාපයක් ලෙස බැහැර කළ නොහැකි බව කීවේය.

මාධ්‍ය මගින් මේ කරුණ හෙළි කිරීම පිළිබඳ හෙතෙම ස්තුතිය පළ කළ අතර තව දුරටත් මෙම කාරණය යටපත්වීමට නොදී එහි සත්‍ය අසත්‍යතාව හෙළිකර ගැනීමටත් ජනතාව දැනුවත් කිරීමටත් සහාය වන ලෙසද මාධ්‍යයෙන් ලක්තිලක මහතා ඉල්ලා සිටියේ ය.කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ (18) පැවැති ජනාධිපති ඝාතන සිද්ධිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවේදී ශිරාන් ලක්තිලක මහතා එම කරුණු අනාවරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *