විරෝධත්වයට සහ මළගෙදරට එක නීතියක් මිස දෙකක් නැහැ // මැකෝ කියයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසකට උද්ඝෝෂණයේදී පහර දීම සහ තොන්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුල් උත්සවයේදී පොලීසිය කටයුතු කල ආකාරය ගැන සමාජයේ පොලීසිය සම්බන්ධයෙන් දැඩි මතයක් රට පුරා පැතිරී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩබලන පොලිස්පති වාරයට සදහන් කර ඇති බව වාර්තා වෙයි

පොලීසිය කටයුතු කළ ආකාරය නිසා ජනතාව තුළ මෙවැනි මතයක් ගොඩ නැගී ඇතැයි ද එවැනි මතයන් සමාජ ගතවීම නිසා ජනතාව තුල පොලීසිය සම්බන්ධයෙන් ඇතිවන වැරදි ප්‍රතිරූපය එතරම් හිතකර නොවන බවත් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාට සමානව කලයුතු බැවින් එම තත්වය ඇතිකිරීම සමාජයට සුභ දායක බවද මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *