“සගවන්න දෙයක් නැහැ” පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නවා රටම දැක්කා”

ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි

මම කිසිදා එජාපයට යන්නේ නැහැ සන්ධානය විදියට ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් සන්ධානයක් විදියට තරග කිරීමට යෝජනා වුණා දුමින්ද දිසානායක හැමදාමත් හරිතැන හරි තීන්දුව ගන්නවා ඒ තීන්දුව රට වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් කටයුතු කරනවා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.කෙසේ හෝ ඔවුන් නැවතත් ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප‍්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු කියා සිටී.ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *