මිනුවන්ගොඩ රෝහලේ වැඩ නැවතිලා වර්ජනයට දින අටයි විසදුම් නැහැ

මිනුවන්ගොඩ රෝහලේ වැඩ නැවතිලා වර්ජනයට දින අටයි විසදුම් නැහැ රෝහල් අධිකාරීවරයාගේ අත්තනෝමතික පාලනයට විරෝධය පළකරමින් රෝහල් සේවකයන් ආරම්භ කල වැඩ වරජනයට අද දිනට දින අටක් ගත වුවද කිසිම බලධාරියෙකු නිළධාරියෙකු මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිත රෝගීන් සදහා පමණක් නේවාසික ප්‍රතිකාර සිදුකරන මිනුවන්ගොඩ රෝහලේ මේ වනවිට කිසිම කොරෝනා රෝගියෙකු නොමැති බවත් රෝහලේ කටයුතු සියල්ල අඩපන වී ඇති බවත් වාර්තා වන අතර මේ හේතුවෙන් දෛනිකව රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් දැඩි අපහසු තාවයකට පත්ව ඇත රෝහලේ අධ්‍යක්ෂ වරයාගේ දැඩි සේවක තහංචි හමුවේ සමස්ත සේවකයන් තුලින් දැඩි විරෝධයක් මතුව ඇති නිසා රෝහලේ කටයුතු අඩාලව ඇත

මිනුවන්ගොඩ රෝහලේ සේවකයන්ගේ දින අටක අඛන්ඩ විරෝධයට සහය පළකරමින් ගම්පහ වතුපිටිවල සහ මීරිගම රෝහල් වල සේවකයන් ද අද දිනයේ රෝහල් වලින් පිටතට පැමිණ විරෝධය පලකරන ලදී දිගින් දිගටම රෝහල් සේවකයන්ගේ විරෝධය හමුවේ වත්මන් පාලන අධිකාරීවරයා මුනිවත රැකීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ රෝහලේ සේවකයන් විමතිය පලකරන අතර මෙතරම් විරෝධයක් මතුව තිබෙන අවස්ථාවක බලධාරීන් එදෙස නොබලා සිටීමෙන් සිදුවන්නේ තවදුරටත් ගැටලුව දිග්ගැස්සීම බවත් රෝහල් සේවකයන් පෙන්වා දෙයි

රෝහලේ අධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස සේවකයන් ඉල්ලා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *