රන්ජන් හඩ පටවලින් පාර්ලිමේන්තුවේදී පහර දෙයි!! සභා තොමෝ නිහඩයි!!!

මහින්ද මහත්තයාගේ හඩ පටත් තියෙනවා හොරු වෙනුවෙන් හිරේ ගියාට දුකක් නැහැ

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් හඩ පට ගැන හිදරව් කරන ලදී බන්ධනාගාර නිලධරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අද දින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන ලදී .


සංවාද කිරීම සාමාන්‍ය දෙයක් මම විතරද පෙම් වතුන් සමග කථා කලේ මම මුළු ජාතියෙන්ම සහ මේ හඩ පට ගැන කියන්න තියෙන්නේ මා සමග කථා කල සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා පොලීසියෙන් ඇවිත් මේ හඩ පට රැගෙන ගියා මේ දේවල් පොලීසියේ තිබියයුතු දේවල් එක්තරා කුඩු කාරයෙකු මිනීමරුවෙකු බේරගන්න කුඩු නාලිකාවක් තමයි මේවා ප්‍රචාරය කලේ ලංකාවේ මිනිස්සු තරම් වචන වෙනස් කරන මිනිස්සු තවත් ලෝකයේ කොහෙවත් නැහැ ඒ නිසා මම සියලු දේවල් රෙකෝඩ් කළා මම මේවා පිටකරන්න නොවෙයි හිටියේ

මෙනිසා අපහසුතාවයට පත්වුණු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා මට කාගෙන්වත් චරිත සහතික කරන්න අවශ්‍ය නැහැ මේකේ ඉන්න හොරුන්ගෙන් සහතික අවශ්‍ය නැහැ අපි හොරු අල්ලන්න ආපු ආණ්ඩුව ඉතින් හොරු අල්ලන අපිට වගකීමක් තිබුනා දැන් බලන්න හොරු අල්ලන එකයි හොරයි සියල්ල එකතුවෙලා නඩුවෙන් චෝදනාවෙන් බේරෙන්න දෙන්නා සෙට්වෙනවා හොරු අල්ලන්නේ කොහොමද හිරු කුඩු නාලිකාව තමයි රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කලේ ඒනිසා මම සියලු මාධ්‍ය සාකච්චා සියල්ල පුද්ගලික කැමරා කරුවෙකු යොදවා පටිගත කරා

දුමින්ද සිල්වාට නමැති කුඩුකාරයට එරෙහි නඩුවේ මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක මහත්මිය ට මම කථා කළා එතුමියට තිබුණු තර්ජන වෙනුවෙන් මම පෙනීසිටියා එකේ වරද මොකද්ද මම හිරු එකේ පැත්ත ගත්තනම් මම මේ රටේ තවමත් ජනප්‍රියම නළුවා සියලු වරප්‍රසාද ඇතිව හොදින් ජීවත්වෙන්න තිබුනා මම හැම වෙලාවේම ගත්තේ වින්දිතයාගේ පැත්ත අපිට මොන මඩ ගැහුවත් මම සටන අරගෙන ගියා ඒ සටන මම කලේ චන්ද බලාගෙන නොවෙයි මම පක්ෂයෙන් ඉවත් කළා මම ස්වාධීනව තරග කරනවා ජනතාවට අවශ්‍යනම් මම ඇප නැතිව පරදන්න පුළුවන් මම සටන් කලේ ජනතාවගේ පැත්තේ ඉගෙන කරන සටන ඉදිරියටත් කරනවා

මගේ ජීවිතය පරදුවට තබා ඒ සටන ගෙනියනවා හැබැයි අපි ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න කථා කරන්න අගමැති තුමා කියල තියෙනවා මේ හඩ පට ගැන කොමිසමක් දානවා කියලා මම ඩබල් සැලියුට් දාන්න කොමිසමක් මම සියලු ෆයිල් සමග පරීක්ෂණ වලට එනවා මම ලංකාවේ විතරක් නොවෙයි රටින් පිටත් මේ සියලු හඩ පට සංරක්ෂණය කරලා තියෙනවා අද හොරු ගැන කථා කරන අය ලෝක හොරු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හඩ පට හය හතක් තියෙනවා හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතතය්ගේ හඩ පට මා ලග නැහැ මහින්ද මහත්තයා උසාවියට කරපු බලපෑම් මට කරපු සාකච්චා මා ලග තියෙනවා

ඇමතිවරු මන්ත්‍රීවරු බැදුම්කර හොරු කථා කරපු සියලු හඩ පට මා ලග තියෙනවා අද පියුමි හංසමාලි ගැන කථා කරනවා එයා නිසා තමයි කුඩු ගහන කොකේන් ගහන මන්ත්‍රීවරු ඇමතිවරු ගැන හෙළි වුණා ගම්පහ දිවුලපිටියේ ජනතාව වෙනුවෙන් පස් හොරුන්ට විරුද්ධව කථා කළා ආසනය නැතිවුනා සංවිධායක දුරය නැතිකළා මේ හොරු රජකරණ පාර්ලිමේන්තුවක් කුඩුකාරයෝ බාර් කාරයෝ පස් හොරු බුකී කාරයෝ ඉන්න පාර්ලිමේන්තුවක් මට මොකටද මේ අයගෙන් සහතික මට ජනතා සහතික විතරයි අවශ්‍ය ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද කියලා ගම්මන්පිල මහත්තයා දන්නවා එකේ හඩ පට මා ලග තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *