මුදල් ලබාගත් අය අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයා සිටිනවා. කැෆේ සංවිධානය

තවත් පුද්ගලයන් 150 වැඩි පිරිසකට මුදල්

වාර්තාව : උදන්ත නාගොඩ

පර්පචුවල් ට්‍රෙශරීස් සමාගමෙ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ට අයත් ඩබ්ලඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම විසින් මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබාදුන් පුද්ගලයන් අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇතිබව පැවසීය.
තවත් පුද්ගලයන් 150 වැඩි පිරිසකට පර්පචුවල් ට්‍රෙශරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් මුදල් ලබාදී ඇතිබව පැවසීය.ඔවුන් සම්බන්ධයෙන් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන ජනතාව අවධානයෙන් බලාසිටින බව වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *