මාධ්‍ය තුළ පාතාලයක් තියෙනවා //රන්ජන් මව්බිමට එරෙහිව බර අවි ඔසවයි

මාධ්‍ය තමයි රන්ජන් කියන පුද්ගලයා සමාජගත කලේ

රංජන් රාමනායක අද තැනක ඉන්නවනම් මෙ ඉන්නෙ මාධ්‍ය මිතුරුන්ගේ ශක්තියෙන් මාධ්‍ය තුළ යම් සුළුතර පාතාලයක් තියෙනවා මේරටේ සමස්ථ මාධ්‍ය සමග නොවෙයි මගේ අරගලය තියෙන්නේ ස්වාධීන මාධ්‍ය එක්ක මගේ කිසිම අවුලක් නෑ එම සුළුතර මාධ්‍ය පාතාලය විසින් බොරු ප්ලෑන් කරලා බොරු අංකුර උපද්දවලා ඊට පස්සේ පත්තරවල හෙඩ් ලයිට් වලට අරගෙන ශීර්ෂ පාඨ වලට අරගෙන හැමදාම උදෑසනට පුද්ගලික නාලිකා වල පත්තර මල්ලිලා ලවා පත්තර කියනවා ඒක හරිම භයානක තත්වයක් ඒක සමාජගත වෙලා ඊට පස්සෙ ඒක ගොබෙල්ස්ගේ න්‍යාය විශේෂයෙන් මව්බිම පත්තරේ වාර්තා කලා උසාවියේ සෝපානයේ දී රන්ජන් පිස්සු කෙලියා කියලා.

මව්බිම පුවත්පත මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී  රංජන් වර්චස් උණා කීවා ඒත් එතන සිදුවුණු සිදුවීම ඇතැම් මාධ්‍ය වේදීන් ඇස්දෙකෙන් දැක්කා විතරක් නොවෙයි ඒ සම්බධයෙන් නිවැරදි වාර්තා ඉදිරිපත් කලා. හැබැයි ඒ පලාතෙවත් නොහිටපු ඔය මට මඩගහන පත්තර වල කට්ටිය එතන සිද්ධ නොවුණු සිදුවීම වාර්තාකලා එක දිගටම මේවගේ දේවල් දාද්දි පත්තර මල්ලිලා උදේ ඇවිල්ල කියනවා මිනිස්සු ඉස්සරහා මෙන්න මෙහෙමයි කියලා ඒක හොද තත්වයක් නොවෙයි.

දැන් ඉතිං අපේ ප්‍රශ්නය මේ පුවත්පත් කොමිසම විසදලා දෙවි ඉතින් එහෙම තත්වයක් තියෙන රජයක් තියෙන නිසා අපිට පුළුවන් පත්තර කොමිසම ගැන විශ්වාසයක් තියන්න ලංකාවේ ඉහලම පෙලේ සාදෙකදී ඉහලම පෙලේ යුධ හමුදා නිලධාරීන් සාකච්ඡාවේ දී ප්‍රකාශ කලා ලසන්ත වික්‍රමතුංග වත් බය කරන්න ගියේ වැඩේ වැරදුනා අර ප්‍රේෂ් ගන් එක වැඩිපුර ප්‍රේෂ් වෙලා ඒක නිසයි මැරුණේ කියලා කීවා මම නම් ගම් හෙළිකරන්න කැමති නැහැ එක සදාචාර සම්පන්න නැහැ උපාලි තෙන්නකෝන්ගේ සිද්ධියත් මෙහෙමයි එහෙමයි පෝද්දල ජයන්තගේ සිද්ධියත් එමමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *