ආණ්ඩුවේ කයිවාරු විතරයි රට පුරාම දැවැන්ත පොහොර හිගයක්

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියයි

ආණ්ඩුවේ කයිවාරු විතරයි රට පුරාම දැවැන්ත පොහොර හිගයක් තියෙනවා බලයට එන්න එදා ගොවීන්ට නිකන් දෙනවා කියූ පොහොර අද සල්ලිවලටවත් ගන්න නැහැ ඉතින් කොහොමද ගොවි ජනතාවගේ සහන මේ ආණ්ඩුව දෙන්නේ අද වගා කරපු ගොවීන් අනාථ වෙලා ගොවින් කියා සිටින්නේ වෙළඳපොලේ යුරියා පොහොර හිඟයක් මාස තුනක පමණ කාලයක් සිට පවතින බවයි . සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම ආණ්ඩුව බලයට පත් වූයේ ගොවීන්ට නොමිලයේ පොහොර ලබා දෙන බව පවසා බවත් මේ වනවිට පොහොර මිලදී ගන්නට වත් නොමැති තත්ත්වයට පත්වී තිබෙන බවත් ය.

නොමිලේ දෙන කතාව නිසා බොහෝ පොහොර ගෙන්වන ව්‍යාපාරිකයින් පොහොර ගැනීම ප්‍රමාද කළ බවත් ඇතැම් ගොවීන් වගාවෙන් ඉවත්ව නොමිලේ පොහොර ලබාගෙන වගා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ය.
අවසානයේ දී හිඟය බරපතල ලෙස රටට දැනෙමින් පවතින නිසා රජය කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර ගොවීන්ට පොහොර ටික ලබාදිය යුතු යැයිද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට එක් වූ ගොවීන් කියා සිටියේ තමන් අවස්ථා ගණනාවක් මාසයක පමණ වැඩි කාලයක සිට වෙළඳසැල්වලටත් පොහොර පවතින යැයි කියන ස්ථානවලට ඇවිදිමින් විශාල මුදලක් වියදම් කරගෙන තිබෙන බවයි. පොහොර නොමැතිව වහ බොන තරමටම ගොවීන් පත්ව ඇති බවද දැඩි කණස්සල්ලෙන් යුතුව ඇතැම් ගොවීන් මේ දී ප්‍රකාශ කරන්නට වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *