මාවනැල්ල අලූත්නුවර දේවාලය අවට කොරෝනා රෝගින් නැහැ

අසත්‍යක්!!!! “කටකථා වලට රැවටෙන්න එපා” //දේවාලයේ ප්‍රධාන කපුමහතා කියයි

කෑගල්ල සමන් විජය බණ්ඩාර

මාවනැල්ල අලූත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය අවට ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වු බවට රට පුරා පැතිර යන කට කතාව සාවද්‍ය ප්‍රකාශයක් වන බව සෞඛ්‍ය අංශ මෙන්ම දේවාලයේ තේවාව භාර දම්සිරි බණAඩාර කරුණාරත්න මහතා අද 20 මාධ්‍ය වෙත පැවසිය.
දේවාලය වසා දැමිමට දුන් ප්‍රචාරය නැවත එය විවෘත කර පසු මාධ්‍ය මගින් ලබා නොදිම හේතුවෙන් දිවයිනේ නම් දෙසින් පැමිණි බැතිමතුන් දේවාලයට නොපැමිණෙන නිසා දේවාලයේ කාර්ය මණ්ඩලය දේවාලය අවට කඩ හිමියන් ඇතුලූ දේවාලය කෙන්ද්‍ර කොට ගෙන විවිධ ජීවන වෘත්තින් සිදු කරන බොහෝ දෙනෙක් මේ වන විටත් අන්ත අසරණ තත්වයට පත් වි ඇති බව ඒ මහතා පවසන අතර පෙරේදා දින එක් බැතිමතෙකු පමණක් අලූත්නුවර දේවාලය පැමිණ ඇත්තේ එම බිය තාමත් සමාජයේ පවතින නිසාය.
පසුගිය ඔක්තොම්බර් 16 වන දින බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ සේවකයෙකු මාවනැල්ල අලූත්නුවර දේවාලයට පැමිණිම හේතුවෙන් එම දේවාලය සෞඛ්‍ය අංශ සහ දේවාලයේ කාර්ය මණ්ඩලයේ අනුදැනුම මත වසා සතියක කාලයක් එහි කටයුතු නවත්වා පි.සි.ආර් පරික්ෂණ සිදු කර අතර එම පරික්ෂණ වලින් කිසිදු රෝගියෙකු නොමැති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර ගත්තාය.
දේවාලය වසා දැමිමෙන් පසුව පාලූවට ගොස් තිබුණු එම පුදබිම වෙත නැවත බැතිමතුන්ගේ පැමිණිම ක්‍රමයෙන් ආරම්භ වනවාත් සමගම ඒ අවට තිඛෙන පූජා භාණAඩ වෙළෙදසැල් සහ හෝටල් ආදියද යලිත් විවෘත කර ඇත මාවනැල්ල අලූත්නුවර දේවාලයේ තේවාව භාර දම්සිරි බණAඩාර කරුණාරත්න මහතා පවසන්නේ දේවාලය සතියක් වසා දැමිමෙන් පසුව අලූත්නුවර පුදබිමේ සහ ඒ අවට කොරෝනා ආසාදිතයින් වාර්තා වු බවට කට කතා පැතිර යෑම නිසා දේවාලය වෙත බැතිමතුන්ගේ පැමිණිම සම්පුර්ණයෙන්ම නැවතුණු බවයි.
නමුත් සෞඛ්‍ය බලධාරින්ගේ වාර්තා වලට අනුව එවැනි කිසිම කොරෝනා අසාදිතයෙකු අලූත්නුවර පුදබිම ආශ්‍රීතව වාර්තා වී නොමැති බව පෙන්වා දී තිබේ. එබැවින් අලූත්නුවර දේවාලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස වගකිව යුතු නිලධාරින්ගෙන් මෙන්ම මාධ්‍යයෙන් එතුමන් ඉල්ලා සිටි.
මේ වන විට සියලූ සෞඛ්‍ය නිතී රිති වලට අනුව දේවාලයේ කටයුතු සාමන්‍යයෙන් පවත්වාගෙන යන බවත් ජනතාවගේ භාර හාර ඔප්පු කිරිම මෙන්ම වන්දනාමානයන්ට එහි ඉඩ සලස්වා ඇති බවද කියයි.
අලූත්නුවර පුදබිමේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන අලූත්නුවර පරිපාලනය මහජන සෞඛ්‍ය පරික්ෂක පුෂ්ප කුමාර මහතා පවසා සිටියේ කොරෝනා අසාදිතයන් අලූත්නුවර පුදබිම අවටින් වාර්තා වු බවට යන ප්‍රචාරයේ කිසිම සත්‍යභාවයක් නොමැති බවයි.
අලූත්නුවර දේවලය වෙත පැමිණෙන බැතිමතුන් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද භාවිතා කරමින් මුඛ ආවරණ යොදා ගෙන නියමිත ශාරිරික දුරස්සභාවය තබා ගෙන එකට ගොනු වි නොසිට වන්දනාමාන කිරිමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුනි. එමෙන්ම දිනකට කිහිප අවස්ථාවක්ම දේවාලයේ විෂබිජ හරණය සිදු කරන බවද දම්සිරි මහතා අප සමග පැවසිය. එමෙන්ම අලූත්නුවර දේවාලය අවට වෙළෙදාම් සිදු කරන බැති මතුන්ට නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දි ඇති බව ද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *