“ගම්පහට විකල්ප නැහැ” තියෙන්නේ හදපිරි මනුස්ස කම විතරයි!!

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක චමින්ද සිල්වා කියයි

මගේ දේශපාලන ගමන අවුරුදු 15 කට එහා ගිය ගමනක් මම දේශපාලන ගමන ආරම්භ කලේ මිනුවන්ගොඩ නගර සභාවෙන් මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක වරයෙක් වශයෙන් ආරම්භ කල ගමන 2013 දී බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වෙනවා මා ඉදිරිපත්වූ සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරන්න ලැබීම තුල සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාව මිනුවන්ගොඩ සමගි බලයේ සංවිධායක බවට පත්කරලා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ

චමින්ද සිල්වා කියන්නේ මිනුවන්ගොඩ විතරක් නොවෙයි ගම්පහ දිසාවේ ජනතාව දීර්ඝ කාලයක ඉදලා දන්නා කියන කෙනෙක් ඒ නිසා මට අලුතෙන් චරිත සහතික දෙන්න අවශ්‍ය නැහැ මම කල කී දේවල් ජනතාව දන්නවා අපේ පාක්ෂිකයෝ වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විපක්ෂයේ සිට කල කාර්ය භාරය වගේම පසුගිය ආණ්ඩු සමයේ ජනතාව වෙනුවෙන් කල දේවල් මැනලා බලන්න කියලා ජනතාවට නැවත ආරාධනය කරනවා

මිනුවන්ගොඩ නාලන්ද බාලක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන කාලයේ ඉදලා සමාජ සේවය වෙනුවෙන් කටයුතු කල මට එදා එජාපය සමග එකතුව වැඩකරන්න ආරාධනය කළා එදා ඉදලා පක්ෂය සහ පාක්ෂිකයන් ආරක්ෂා කරමින් අද සුවිශේෂී තැනකට පැමිණ තියෙනවා එදා 2019 දී ජනාධිපතිවරණයේදී අපි වැඩ කලේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා වෙනුවෙන් කටයුතු කල අපි ඉන් මාස කිහිපයකට පසුව එන මහ මැතිවරණයේදී එතුමා සමග අලුත් ගමනක් වෙනුවෙන් වැඩ කරන්න දුරකථනය ලකුණින් තරග කරනවා

මගේ දේශපාලන පක්ෂය එජාපය වුනත් අද අපි තරග කරන්නේ දුරකථනය ලකුණින් මොකද අපේ පක්ෂයේ කෘත්යදිකරී මණ්ඩලය අනුමත කල සන්ධානය මගින් අපි තරග කරනවා අපි කොහොමද ලක්ෂ 55 ක ජන වරම හෑල්ලුවට ලක් කරන්නේ එදා පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් සජිත් මහත්තයා වෙනුවෙන් වැඩ කලේ නැහැ හැබැයි එතුමා ඒ සියලු අභියෝග හමුවේ ඡන්ද ලක්ෂ 55 ගන්නවා එදා අපේ පක්ෂයේ සිටිය ජනප්‍රියම පුද්ගලයා සජිත් එතුමා නොවන්නට අපි ලබන පරාජය මෙතන ලියන්නත් බැහැ

එහෙනම් අපි මොකද කරන්න ඔනෑ කියලා අපේ පාක්ෂිකයන් සමග සාකච්චා කළා සියලු දෙනා කීවේ සජිත් සමග ගමනක් යෑමට අවශ්‍ය බව එතුමා හොරකම් මැරකම් නොකරපු දුප්පතාගේ හිතවතා එතුමා තරම් ජන දුක හදුනන නායකයෙක් අපේ පක්ෂයේ නැහැ ඒ විතරක් නොවෙයි පක්ෂය වෙනුවෙන් කැපවුණු අපි වගේ තරුණයන් ඉස්සරහට ගෙනල්ල තනතුරු දීලා වගකීම් දීලා තියෙනවා

අපි එජාපය සමග තරහ නැහැ හැබැයි අපේ පක්ෂයේ බොහෝ පිරිසක් තනතුරු තියාගෙන පසුගිය අවුරුදු 5 ජනතාවට කල සේවය ප්‍රමාණවත් නැහැ පක්ෂියා ගැන බැලුවේ නැහැ එහෙම කණ්ඩායමක් සමග නැවත ගමනක් යාමට ජනතාව අපේ පාක්ෂිකයන් කැමති නැහැ අපි යන්නේ බොහොම පිරිසිදු අභියෝගාත්මක ගමනක් ඒ ගමන දුෂ්කරයි කටුකයි එහෙත් අපි ජයග්‍රහණයෙන් එම ගමන කෙලවර කරනවා වසර 25 පහකට වැඩි කාලයක් විපක්ෂයේඉන්න වුණේ මොන හේතුවකටද කියලා මම දන්නේ නැහැ

එකසත් ජාතික පක්ෂය 1948 දී ආරම්භ කරලා නායකයන් කීදෙනෙක් පක්ෂයට නායකත්වය දුන්නද ඒ සියලු දෙනා පක්ෂය ජයග්‍රාහී මාවතට රැගෙන ගියා එහෙත් වත්මන් එජාප නායකයා පක්ෂයේ අනෙක් නායකයන් ඩී එස් සේනානායක,ජේ ආර් ජයවර්ධන ආර් ප්‍රේමදාස අපේ පක්ෂය ඉහලින්ම ඔසවා තැබුවා අනෙත් නායකයන් ද පක්ෂය සහ පාක්ෂිකය ඔසවා තැබුවා ඔවුන් පක්ෂය වටා ගොනුකරගෙන තමයි ගමන ගියේ බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂයේ නායකයා වෙලා 1994 ඉදලා දෙවරක් අගමැති කම අරගත්තා ඒ වෙනුවෙන් අපි දැවැන්ත කැපකිරීම් කළා එහෙත් බලය රැකගන්න බැරිවුනා පක්ෂයට දෙවරක් ජනධිපති අපේක්ෂකයන් ගේන්න බැරි වුණා ඉතින් අපි මෙහෙම ඉන්නවා ඇති

අද මිනුවන්ගොඩ විකල්ප නැහැ තියෙන්නේ එක පමණයි ඒ හද පිරි මුනුස්ස කම රැගෙන යන ගානක් විතරයි මිනුවන්ගොඩ දේශපාලන නායකයන් ගැන සහ ඔවුන් කරපු කියපු දේවල් ජනතාව දන්නවා මගේ ගමන එහෙම නොවෙයි වැඩක් කරන්න පුළුවන් තැන මම ඉන්නවා බොරු පොරොන්දු නැති ජනතාව රවටන්නේ නැති දේශපාලන ගමන නවතන්න මිනුවන්ගොඩ දේශපාලන අධිකාරිය වසර ගණනක ඉදලා කටයුතු කළා

ඒ හැම වෙලාවේම ජනතා ආශීර්වාදය ඇතිව මම ඉහලින් ජයග්‍රහණය කළා මෙවරත් එහෙමයි මිනුවන්ගොඩ ජනතාව දන්නවා චමින්ද කියන්නේ කවුද කියල එතන පක්ෂ බේදයක් නැහැ ජාති බේදයක් නැහැ ආගම බේදයක් නැහැ තියෙන්නේ එකයි ඒ මනුස්ස කම විතරයි එක චමින්ද සිල්වා ඉහලින්ම සපුරා තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *