කරුණාට එරෙහිව අදත් පාර්ශව ගණනාවක විරෝධය මතුවෙයි

කරුණා අම්මාන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේද දසතින් විරෝධය පල වුවද පසුගිය කාලයේ සෑම අවස්ථාවකම මාධ්‍ය හමු තබමින් රජය සහ අදාල ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන ස්වාමීන් වහන්සේලා නිහඩ වීම ගැටළුවක් ව ඇති කාලයක අද දිනයේ කරුණා අම්මාන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පාර්ශව ගනනාවක් පොලිස් මුලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරණ ලදී කරුණාට එරෙහිව එසේ පැමිණිලි මතු වෙද්දී අනුරාධපුරය සහ නුවර ප්‍රදේශයේ විරෝධතා සහ මාධ්‍ය හමු රැසක් පවත්වන ලදී

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” විසින් අලිමංකඩ දී යුද හමුදා සෙබලුන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

නො. 964/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ලිපියේ ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඬිගල්ලේ විමලසාර හිමියන් විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 1 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණී.

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සදහන් කලේ කරුණා අම්මාන්ගෙන් යුධය කරගෙන යාමට කිසිම සහයක් නොලැබුන බවත් සියලු මෙහෙයුම් තමන්ගේ නායකත්වයෙන් යුධ හමුදාව විසින් සිදුකර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූ බව සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *