එජාපයේ නව ජාතික සංවිධානයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය ලෙස නම් කරන බව

එක්සත් ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ ගෝල්පේස් පිටියේ පැවති යුක්තියේ විජයග්‍රහණය ජනරැලියේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් පිහිටවන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය ලෙස නම් කරන බව කියා සිටින ලදී ඒ අනුව ඊයේ දින (21) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී විශේෂ හමුවක් කැඳවීමට ද තීරණය විය.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්වු සියලු දේශපාලන පක්ෂ එකතු වන බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කියැවිණි.

මේ අතර ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක මහත්වරුන්ට කටයුතු කිරිම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ වෘතීය සමිති ලේකම් දූරය ලබා දීමට කැමැත්ත පළකර ඇත .එමෙන්ම තවත් තනතුරු ගණනාවක් ඉදිරියේ ප්‍රධානය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *