බුදු ගුණයෙන් දරුපල දෙන අපූරු මිනිසා සොයා ගිය ගමන

අසීමිත වු බුදුගුණ බලයෙන් මව්කුසට ගඳබයා කැඳවන විශ්මිත උපාසක සොයා ගිය ගමන!

ලොවක,රටක,දේශයක ජනතාවට සෙතසහන සැල සු අසීමිත බුද්ධ භාෂිතයෙන් දේශනයෙන් දහම් සූත්‍ර බලයෙන් ජනතාවට සෙන සහන සලසන විශ්මිත උපාසකයෙක් ගාල්ල,ඉමදුව,දීගොඩ ගම්මානයෙන් අපට හමු වූහ.

හෙතෙම දීගොඩ ලයනල් උපාසක මේ වන විට 75වන වියේ පසුවේ. වෘත්තියෙන් තැපැල් පියුම් කරුවකු ලෙස සේවය කළ හෙතෙම වසර පනහක කාලයක සිට ගමේ පන්‍සලේ විහාරස්ථානයේ සිට ගරු කටයුතු ස්වාමින් වහන්සේලාගේ අනුදැනුම මඟ පෙන්වීම මත බුදු දහම හදාරා භාවනා කිරීම ප්‍රගුණ කරගෙන සිටින උපාසක ඇත්තෙකි.හෙතෙම දියමත,ගස්ගල්,වැලි මළුවේ ද උස් හා පහත් ස්ථානවල භාවනා කිරීම නැතහොත් බවුන් වැඩීම ප්‍රගුණ කල උපාසකයෙකි. මේ ලයනල් උපාසක විවාහ වී දැනට දරුවන් දීගතල දී අනගාරික ජීවිතයක් ගමේ පන්සල ආශ්‍රය කරගෙන ජීවත් වන සුවිශේෂ වු උපාසකයෙකි.

මෙම උපාසකයා බුදු ගුණයෙන් මහා විශ්කම් සිදුකරන අසනා දැකිනා උපාසකයෙකි.මොහු හමුවන්නට එන පිරිස් ඉතා විශාලය. මෙම පිරිස් අතර විදේශිකයෝ ද අපමණ පිරිසකි.
නිදන්ගත රෝග සුවපත් කිරීම,දරුපල නොමැති කාන්තාවන්ට බුදුගුණ මහිමයෙන් දරුවන් මව්කුස තුළට ලඟාකර දීම,බෝධි පූජා ආදි කොට ඇති ආගමික කටයුතු සිදු කරන්නට හැකි අති දක්ෂයෙකි. හෙතෙම මේ සියල්ලම සිදු කරන්නේ උතුම් වු නිවන ප්‍රාර්ථනා කරගෙනයි. මේ සඳහා කිසිදු මුදලක් අය කරනනේ නැති ලයනල් උපාසක සත්තකින්ම අපේ කාලයේ ජීවකයෙකි.
සත්ත්වයකු උප්පත්ති ලබන ආකාර සතරක් පිළිබඳව ධර්මයේ පෙන්වාදී ඇත.

එනම් අණ්ඩජ – (බිත්තරයක් ඇතුලේ හටගෙන මෙලොවට බිහිවන සත්ත්වයන් ). ජලාබුජ (මනුෂ්‍යයන් මෙන් ගර්භාෂයක හට අරගෙන මෙලොවට උපදින සත්ත්වයන්ය), සංසේසජ (කුණු කසළ එකතුවන තැන්හි උප්පත්තිය ලබන සත්ත්වයන්) ය. ඕපපාතික (දෙවියන්, බ්‍රහ්මයන්, නිරයේ හා පේ‍්‍රත විෂයෙහි උප්පත්ති ලබන්නන්, එනම් ස්වභාවයෙන් ඉබේ පහළවන සත්ත්වයන්ය). මේ සතර ආකාරයෙන් ම උපත ලබන සත්ත්වයන්ගේ මරණයට පත්වීම හා නැවත ඉපදීමේ කතාව පෙර කතා කළ පරිදිම ය. ඒ නිසා අප විසින් කළ යුතු වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය මෙනෙහි කිරීම ය

මේ ලයනල් උපාසක සිදු කරන මහා විශ්කම් අතරේ දරුවන් නැති අම්මා වරුන්ට දරුවන් බුදු ගුණයෙන් බුද්ධ භාෂිතයෙන් හා ගාථ වලින් සිදු කරන්නේය. එය විහාරස්ථානය ආශ්‍රිතව සිදුකරන අතර දිවා හෝ රාත්‍රිකාලයේ මේ විශ්වයේ සරණා ගඳබයා ගෙන් වීම සිදු කරයි.
එය අපමන වු බුදු දහමේ ශක්තියෙන් සිදු කරයි.මේ සඳහා ආගමික වත් පිළිවෙත් සිදු කිරීම පමණක් සිදු කිරීමෙන් පසුව මේ මහා විශ්මිත කටයුත්ත සිදු කරයි.පැයකට ආසන්න කාලයක් තුළ විස්වයේ සැරිසරණ ගඳභයා මව් කුසට ගෙන එන්නේ කැඳවන්නේ අසිමිත වු බුදු ගුණයෙනි.


සැලෙනා බෝ පත් සිලි සිලි නාදයෙන් බුදු ගුණ ගයද් දී බෝ මළුවේ නින්නාදවන අසීමිත වු දහම් සුවඳ සතර අත පැතිරෙමින් තිබේ. බුදුන්ට දැල් වූ පහන් තාලයට ඒ මේ අත නැළවේ. තොටිල්ලක දරුවෙක් සුවසේ නිදියන තාලයට පැද්දෙන මේ පහන් ආලෝකය සුන්දරය. බුදු කුටිවල අපමන වු ආලෝකයක් සතර දිග ඉතිරි පැති රි ගොස්ය. මල් පහන් සුවඳ දෙනෙතට ගෙන දෙන්නේ පහන් වු සිත සමාධිගතවන ආකාරයෙනි.එක්වරම අහස පුරා සරණා ගඳබයා මේ වත් පිළිවෙත් කරන අතර තුර දරුවන් නැති සොවින් පෙළෙන අම්මාගේ දුකට සතුට ගෙන දෙමින් මව් කුසට පැමිනෙන්නේ සතර දිගන්තයේම මහා වු සුවඳක් එක් කරවමිනි.

පළමුව මව් පදවිය අහිමි කාන්තාව හා ඇයගේ ස්වාමියා හා පවුලේ වැඩිහිටින් පන්සිල් ගත යුතුය.ආගමික වතාවත් සිදු කරන්නේ ඉන් පසුවයි.විශ්වයේ සරණා වු ගඳබයා කැඳවිමට හැකි මේවන විට ලංකාවේ සිටින එකම පුද්ගලයා වන්නේ ලයනල් උපාසක තැනයි.හෙතෙම තවත් වෙනත්,හාස්කම් රැසක් සිදු කරන්නට හැකියාව,දක්ෂතාවය,නිපුනත්වය සපිරි අයෙකි.
ලයනල් උපාසක පවසන්නේ මෙය අසීමිත බුදු ගනය මගින් සිත දියුණු කිරීම තුළින් මේ සටහන කියවන ඔබට ද සිදුකල හැකිය යන්නයි. එයට ආගමික භක්තිය බුද්ධියෙන් තේරුම්ගෙන ප්‍රගුණ කළ යුතුව ඇත.
මහත්තයා බුදුගණ සහිතව ආගමික වත් පිලිවෙත් සිදු කරන කොට විස්වයේ සරණා වු ගඳබයාට මෙම අසීමිත බුදුගුණ ඇසෙන්නට පෙනෙන්නට හැකි වෙනවා. මල් සුවඳ සුවඳ හා පහන් ආලෝකය විශ්වය දැක්වාම බුදුගුණ පැතිරි යනවා.
ඒ අනුව. ඒ සවඳ හා පහන් ආලෝකය දිගේ විහාරයට වෙහෙරට ගඳබයා එනවා.ගඳබයා පැමිණි විගස බුදු ගුණ අසාගෙනම අදාළ මවගේ කුසයේ ගඳබයා ලැගුම් ගන්නවා.

මේය සිදු කරන්නේ ආගමික බලයෙන්.සිංහලද,දෙමිළ ද, මුස්ලිම් ද , ජාති භේද නෑ. ආගම් බේද නෑ. ඕනෑම දරුපල නැති කාන්තාවකට මේ ආකාරයේ ආගමික වත් පිළිවෙත් සිදු කිරිම තුළින් දරු පල ලබාගත හැකියි. මේ ක්‍රමනන්ගේ ආගමික ශක්තියෙන් සෙත සැලසු පිරිස ඉතාම විශාලයි.
මෙයට අමතරව තවත් විශ්මිත නිමිති පවසන්නටද ලයනල් උපාසකට හැකිය. ගැබිණි මාතාවකගේ කුසයේ සිටින්නේ පුතෙක්ද,දියණියක ද යන්න මට දේහලක්ෂණ අනුව පවසන්නට හැකියි.
එයට ද මා සතුව ක්‍රමයක් තියනවා. මාව ඔබට පරික්ෂා කරන්නත් හැකියි. පළමුව මාස පහක් ගත වු මවක‍් වෛද්‍ය වරයෙක්ට පෙන්වා ස්කෑන් පරික්ෂණයක් කරගෙන එම වෛද්‍ය වාර්තාව අතේ තබාගෙන මා හමු වන්න එන්න. මම එම මාතාව පළමුව පන්සිල් වල පිහිටුවා දෙවනුව කුසයේ සිටින දරුවා හෝ දැරිය ද පන්ච ශිලයේ පිහිටුවනවා. මෙහි දී කුසයේ සිට දරුවා පන්සිල් ගන්නා අතර තුර මවගේ කුසයේ සිට මව් කුස තුලසිට ශබ්ධයක් ඇති කරනවා.ඒ විවිධ වාර ගණනක් මෙය සිදු කරනවා මේ අනුව. මව සිදු කළ යුත්තේ ඒ වාර ගනන මතකයේ රදවාගෙන පන්සිල් ගැනීමෙන් පසුව ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව දරුවා මව් කුස සිට ශබ්ධ නැගු එම වාර ගණන කීමයි.

ඒ අනුව මට පැවසිය හැකියි මවගේ කුසය්යේ සිටින්නේ පිරිමි දරුවෙක්ද ගැහැනු දරැවෙක්ද කියා. කුසයේ සිටින්නේ පුතෙක්ද දුවෙක්ද කියා. එය පෙර ඔබ ලබා ගත් වෛද්‍ය වාර්තාවට අනිවාර්යෙන්ම ගැලපෙනවා.
ආගමික දහමේ ඇති ශක්තිය කිරණ ලෙස විශ්වයට තුල පැතිරෙනවා.මේ අනුව, විදෙස් රටවල සිටන දරුවන් නැති අම්මාවරුන්ට ද බුදුගුණ විවිධ සුත්‍ර දේශනා මහිමයෙන් දරුවන් මව්කුසට කඳවිම සිදුකල හැකියි. එයට පරිගණක තාක්ෂණය භාවිතා කර අදාළ වැඩිහිටින් සමඟ ඒ කාන්තාව සම්බන්ධ කරගෙන මේ ආකාරයට ආගමිත වතාවත් සිදු කර ගඳබයා මව්කුසට ගෙන්වා ගත හැකියි.
මෙය මහා පිංකමක් පිංවත් දරුවන් මෙහිදි බිහි වෙනවා.මේ දරුවන් ආගමට දහමට,රටට,ජාතියට ගරුත්වයක් ඇති නිවී සැනසුනු දරුවන් වෙනවා.මේ දරැවෝ දඩබ්බර නෑ. එයයි මේ දරුවන්ගේ වි‍ශේෂත්වය වන්නේ. නිවුන් දරුවන් ද ඇතිවිය හැකියි. මෙහි දි මෙය වඩාත් සංකිරණ වෙනවා.ආගමික පරිසරයක් තුල මව්කුසට කැඳවන දරුවන් සුජාත දු පුතුන් වෙනවා.

මේ සියල්ලම මා සිදු කරන්නේ ආගමික බලයෙන් එම කාන්තාවගේ වැඩිහිටියන් ඇය සමඟ සිටින අවස්ථාවේ දී පමණයි. මම නිවසේ සිටිය ද විහාරස්ථානයේ සිටිය ද ඕනෑම වේලාවක පැමිණ මෙම වතාවත් සිදුකරන්නට හැකියි.
මම මුදල් අය කරන්නේ නෑ. මට තැපැල් සේවයෙන්. විශ්‍රාම ගැනිම නිසා විශ්‍රාම වැටුපක් මට හිමිවෙනවා.ඒ නිසා එය ඇත්තටම මට හැසෙනවා. මම මුදල් වටේ වැට ගහන්නේ නෑ. මා හමුවන්නට එන ඕනෑම පුද්ගලයෙකුට මම උපකාර කරනවා.ඉමදුව නගරයට ඇවිත් දීගොඩ පන්සල ගාවට ආවම මගේ නිවස තියනවා.
මෙයට අමතරව, නිදත්ගත රෝග ඇති පුද්ලයන්ටද මම සහන සලසනවා. මේ කිසිවක් සඳහා මා කිසිදු මුදලක් හෝ වරදානයක් පරප්‍රසාදයක් ලබා ගන්නේ නෑ.ආගමේ නාමයෙන් මෙම සත් කටයුත්ත සිදුකරනවා.මට ඉන් ලැබෙන බලය එන්න එන්නම වැඩිවෙනවා එය මට දැනෙනවා යැයි,ගාල්ල ඉමදුව, දීගොඩ ලයනල් උපාසක පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *