කාන්තාව පැදවූ ත්‍රීරෝද රථය පෙරලී ඇය සහ දරු දෙදෙනා මරුට // cctv සහිතයි

වේයන්ගොඩ මල්ලහැව මාර්ගයේ කොට්ටල ප්‍රදේශයේදී අද සවස කාන්තාවක විසින් පදවාගෙන ගිය ත්‍රීරෝද රථය පාරෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එම රථය පදවාගෙන ගිය කාන්තාව සහ ඇයගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත සිද්ධියෙන්තවත් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.ඇයගේ සැමියා සිධියෙන් සුළු තුවාල ලබා ඇත

ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචි ඇය තවත් යුවලක් සමග කුරුණෑගල බලා පිටත්වීම සදහා යන අතර තුර මෙම අනතුර සිදුව ඇත එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පස්දෙනෙකු ගමකර ඇති අතර මියගිය කාන්තාවගේ පිරිමි දරුවන් දෙදෙනා වයස අවු 9 සහ එකහ මාර වයස් වල පසු වෙති.තුවාල ලැබූ පිරිස වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති අතර එම අවස්ථාව වෙන විටත් මව සහ දරු දෙදෙනා මියගොස් සිටින ලදී සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි

https://www.youtube.com/watch?v=6ad1otRd0Dc&t=6s

Leave a Reply

Your email address will not be published. Required fields are marked *