සුනාමි ඇසිඩ් අක්කා වසර 13කට පසුව අල්ලයි.

සැකකාරිය (4) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 

තම නිවස අසළ අසල්වැසියෙකුට ඇසිඩ් එල්ලකර මරණිය තුවාල සිදු කොට වසර 13ක්  තිස්සේ සැඟවී  සිටි හැට හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල නීතිය  බලගැන්වීමේ ඒකකය පවසයි.තුවාලකරු සහ සැකකාරියද හික්කඩුව කලුපෙ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.සුනාමියෙන් පසුව ආධාර වශයෙන් ලැබුණ පරිප්පු සහ පිටි තොගයක් විකිණීම සම්බන්ධයෙන් තුවාල ලැබු පුද්ගලයා සහ සැකකාරිය අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් 2005 මැයි මස 5 වන දින සැකකාරියගේ නිවස අසලදී ඇය සැඟවී සිට මොහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත. ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව සැකකාරිය ගමෙන් පලා ගොස් ඥාතීන්ගේ නිවෙස්වල සිට වරින්වර හික්කඩුව කලුපෙ පිහිටි නිවසට පැමිණ දරුවන් පිළිබද සොයා බලා ආපසු ගොස් තිබේ. මේ අතර පොලිසියට ලැබුණ තොරතුරක් මත සැකකාරිය එසේ නිවසට පැමිණ සිටින විට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය (4) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

ගාල්ල නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. කේ.එච්.එස් .පාලිතපො.සැ. 28032 මෙන්ඩිස්,58808 ප්‍රේමසිරි,60658 මදුසංක,37882බන්ඩාර,/ 89790,  බන්ඩාර, 9203 නිෂානි යන නිළධාරීන් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *