ගම්පහ ශිෂ්‍යත්ව හපන්නු ජයමග පැමිණි මග කියයි // ඡායාරූප සහ වීඩියෝ සහිතයි

අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරුන් වීම

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ පළමු වෙනියා සහ දෙවනියා ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිවී ඇත. ඒ වේයන්ගොඩ ශාන්ත මේරී විද්‍යාලයේ සනුප දීමත් පෙරේරා (ලකුණු 199) සිසුවා

පාසලේ එදිනෙද පාඩම් වැඩ නොපාමව ඉටුකරමින් විෂය භාහිර ක්‍රියාකාරකම් ද සිදු කල බවත් කාල සටහනකට පාඩම් වැඩ සිදු කිරීම නිසා පාඩම් වැඩ අතපසු නොවූ බවද ඉදිරියේදී තමන් ඉදිරියට වෛද්‍ය වරයෙකු වීමට බලාපොරොත්තු වන බවද සදහන් කරන ලදී .පාසලේ විදුහල්පතිතුමන් සදහන් කලේ සමස්ත ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය තම පාසලට හිමිවීම සම්බන්ධයෙන් තමන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය සතුටු වන බවයි .

මෙම සිසුවා පාසැල තුලදී මෙවැනි ඉලක්කයක් වෙත යාහැකි සිසුවෙකු වශයෙන් හදුනාගෙන සිටි බවයි ඔවුගේ දෙමව් පියන් සදහන් කලේ තම දරුවා එදිනෙදා පාසලේ වැඩ නිසි වෙලාවට අතපසු වීමකින් තොරව සිදුකල බවත් විභාගය ආසන්නයේදී වැඩි කලබලයකින් තොරව දරුවා විභාගයට ඉදිරිපත් කිරීම තුලින් මෙම ප්‍රතිපලය හිමිවූ බව සදහන් කරන ලදී.

 මිනුවන්ගොඩ රෙජිරණතුංග ප්‍රාථමික විද්‍යාලයන් සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි සිසුවිය මුළු දිවයිනෙන්ම දෙවැනි ස්ථානය ලබාගෙන ඇත මේ අනුව මෙවර ශිෂත්ව විභාගයේ වැඩි ගෞරව ගම්පහ දිස්ත්‍රික්කය හිමිකරගෙන ඇත.

 

දෙවැනි ස්ථානය ලබාගත් සේනුජි අකිත්මා ප්‍රකාශකලේ තමන් විෂය බාහිර කටයුතු සහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර වැඩිපුර කල බවත් එදිනෙදා වැඩකටයුතු අතපසු කිරීමකින් තොරව සිදුකිරීම නිසා මෙම ප්‍රථිපලය ලබාගැනීමට හැකිවූ බව සදහන් කරන ලදී අනාගතයේදී වෛද්‍යවරියක් වීම බවද ඇය ප්‍රකාශ කරණ ලදී මෙම ජයග්‍රහණයේදී තම දෙමව් පියන්ගෙන් ලැබුණු සහයෝගයත් රෙජිරණතුංග විද්‍යාලයේ විදුහල් පතිතුමිය සහ ආචාර්ය මණ්ඩලය තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිදු කල කැප කිරීම නිසා මෙවන් ප්‍රථිපලයක් ලබාගැනීමට හැකිවූ බව සදහන් කරන ලදී.

රෙජිරනතුංග විද්‍යාලයේ විදුහල් පතිනී එල් එච් ටී ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රකාශ කලේ

තම විද්‍යාලයේ පසුගිය වසර කිහිපය තුළම ඉහළ ප්‍රථිපල ලබාදුන් බවත් මෙවර ප්‍රථම වතාවට දිවයිනෙන්ම සමස්ත දෙවන ස්ථානය ලබාගැනීම සම්බන්ධයෙන් සතුටු වන බවත් තමන් මෙම සිසුවියගෙන් මෙවැනි ප්‍රථිපලයක් අපේක්ෂා කල බවද සදහන් කරන ලදී සේනුජි අකිත්මා සිසුවියගේ දෙමව්පියන් ද අද උදෑසනම පාසලට පැමිණ සිටින ලදී අයගේ මව අකිත්මා අමාලි වන අතර පියා සුජීව හෙට්ටිආරච්චි වෙති ඔවුන් කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. පන්තිභාර ගුරුතුමිය ගර්ටි එදිරිසිංහ වෙයි එතුමිය ප්‍රකාශ කලේ තම ගුරු ජීවිතයේ තමන් භාරයේ සිටින සිසු දරුවෙකු ලබාගත් ඉහළම දක්ෂතාවය සේනුජි විසින් ලබාගත් බව සදහන් කරණ ලදී.

මෙම අවස්ථාවට රෙජිරණතුංග විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල් පති ප්‍රමිලා ගීතානි සිල්වා මහත්මිය සහ පාසල් සංවර්ධන කමිටුවේ සභාපති ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඇතුළු පාසලේ ගුරු බවතුන් සහ සිසු දරුවන්ද සෙනුජි අකිත්මා සිසුවියට සුභපැතුම් එක්කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *