අති බහුතරයක් ළමයි ටියුෂන් නිසා ගොඩ යනවා //ජේෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අමරකීර්ති ලියනගේ

අද වන විට අපේ රටේ තිඛෙන ප්‍රධාන ජාතික විභාග තුනම

කෑගල්ලේ සමන් විජය බණ්ඩාර ගෙනෙන වාර්තාවකි

අද ප්‍රකට මධ්‍ය විද්‍යාල හැම එකක් ඉදිරිපිටම ලංකාවේ පෞද්ගලික ටියුෂන් පන්ති තිඛෙනවා. අද වන විට අපේ රටේ තිඛෙන ප්‍රධාන ජාතික විභාග තුනම පහ වසර ශිෂ්‍යත්වය, සාමන්‍ය පෙළ, උසස් පෙළ, සමත් වෙන අති බහුතරයක් ඉන්නේ ටියුෂන් වලට ගොස් පාස් වෙන දරුවෝ නමුත් මෙ කටුක යථාර්තය කන්නගර මැතිතුමා අපෙක්ෂා කරපු එකක් නොවෙයි යැයි පේරාදෙණිය විශව විද්‍යාලයේ ජේෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අමරකීර්ති ලියනගේ මහතා අරණායකදි පවසයි.

ඒ මහතා මෙ බව පැවසුයේ පසුගිය 28 වැනි දින උස්සාපිටිය මාවතගොඩ රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ 75 වන වජ්‍ර ජයන්ති සැමරුම් දේශණය සහ සමරු කලාපය එළිදැක්විම අවස්ථාවේචීය කන්නගර ප්‍රතිපත්ති, කන්නගර අධ්‍යාප ප්‍රතිසංස්කරණ සහ ගැමි දරුවා යන මාතෘකාව යටතේ විශෙෂ දේශණයක් සිදු කර අතර එය පැවැත්වුනේ එම විදුහල් භූමියේ පිහිටා ඇති අරුණ ශ්‍රී රග ශාලවේදිය. මෙම දේශණය සඳහා පාසලේ ආදි සිසුන් පාසලේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද එක්ව සිටි අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමරකීර්ති ලියනගේ මහතා මෙසේද පැවසීය.

අපේ කාලයේ උසස් පෙළට විෂයන් හතරක් තිබුණා. 1987 අපි උසස් පෙළ කලේ ඒ වෙනකොටත් පෞද්ගලික පන්ති සැහෙන්න ජනප්‍රිය තත්වයේ තිබුණා. ඒ එක විෂයකටවත් මම අමතර පන්ති ගියේ නැහැ. එක විෂයකටවත් ගියේ නැහැ. එකක් අපිට යන්න සල්ලි තිබුණේ නැහැ.

අපේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්යවරයෙක් මට මෑතකදි කියනවා. එක්දහස් නවසිය අසුගණන් වල වෛද්‍ය පිඨී ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉතා සාමන්‍ය පවුල් වල දරුවෝ නිරත හමු වුනා අද වෛද්‍ය පිඨීයේ හමුවන අති බහුතරයක් සිසුන් මධ්‍යම පන්ති වල දරුවෝ කියලා එතුමා කියනවා. එතුමා ගණන් බලා කියනවා රුපියල් දහදාහේ සිට ලක්ෂය දක්වාවත් ටියුෂන් පන්ති වලට වියදම් කර හැකි දරුවෝ ඉන්න පවුල් වලින් තමයි වෛද්‍ය සිසුන් දැන් වැඩිපුරම ඉන්නේ කියලා. ටිකක් එනවා දුප්පත් අය. මෙ ප්‍රශනය මෙ යථාර්තය අපි හන්ගාගෙන ඉන්නවාද නැද්ද ? මෙ යථාර්ථීය අපි කන්නගර මැතිතුමා අපෙක්ෂා කර එකක්ද නැද්ද ? කියන ප්‍රශ්නය අපි අහන්නේ නැතිනම් කන්නගර සමරන උත්සවය වැඩක් නැහැ.

මෙකට අපි විශව විද්‍යාල ආචාර්යවරු එක්තරා විසදුමක් යෝජනා කලා 2012 වසරේදි. ඒ තමයි. දළ ජාතික නිෂපාදනයෙන් සියට 6 ක් අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් වැය කර යුතුයි කියන කාරණය. හෝඩියේ සිට විශව විද්‍යාලය දක්වා. මොකටද මෙ වැය කරන්නේ විශව විද්‍යාල අචාර්යවරුන්ගේ වැටුප් නොවෙයි අපි කියන්නේ හෝඩියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න. උසස් පෙළ සමත් වෙන අති බහුතරයක් දෙනා විශව විද්‍යාල පද්ධතියට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට රඳවා ගන්න ප්‍රාථීමික පන්ති වල ගුරුවර ගුරුවරියෝ අතිශය මහන්සි වෙන ඉතා විශෙෂ දක්ෂතාවයක් අවශ්‍ය වන වෘත්තියක් ප්‍රාථීමික ගුරු වෘත්තිය කියලා කියන්නේ ඒ අයගේ වැටුප් තීරණාත්මකව වැඩි කරන්න. පන්තියක ඉන්න සිසුන්ගේ සංඛ්‍යාව අඩු කරන්න.

දරුවෝ විස්සක් විසි පහක් පමණ ඉන්න පන්ති කාමර හදන්න. හැම ප්‍රාථීමික ගුරුවරියකටම ගුරුවරයෙකුටම අඩු තරමින් සහායක ගුරුවරු දෙන්නෙක්වත් ලබා දෙන්න. විශෙෂයෙන් ඉංග්‍රීසි වාගේ භාෂා උගන්වන වේලාවට පන්තිය කණ්ඩායම් තුනකට වෙන් කරලා. සහායක ගුරුවරියන් සමග ඒ දරුවන්ගේ දෙවැනි භාෂා කථීන හැකියාව දියුණු කරන්න පුළුවන් අකාරයකට එක උගන්වන්න මෙ සියට හයේ ජාතික ප්‍රතිපාදන වැය කරන්න. කියලා ඉතා සවිස්තර යෝජනාවලියක් අපි හැදුවා. අද එක වෙන්නේ නැහැ.

එදා කන්නගර මහතා අමාරුවෙන් කරපු අරගලයක් තිබුණා. අගමැතිවරයාගේ පවා විරෝධතා සමග අගමැතිවරයා උදව් කලේ නැහැ. බණඩාරණායක මහත්තයාත් එච්චර උදව් කලේ නැහැ. සමහර දෙමළ මන්ත්‍රීවරු උදව් කලා එතුමාට අධි බහුතරයක් සිංහල බෞද්ධ දේශපාලඥයෝ උදව් නොකරන වේලාවක නිදහස් අධ්‍යාපන පණත අධ්‍යාපන පද්ධතිය ගොඩ නැගිම පිළිබඳ අරගලය කන්නගර මැතිතුමා ගෙනිච්චා.

එහෙත් අද වන විට අපේ රටේ තිඛෙන ප්‍රධාන ජාතික විභාග තුනම පහ වසර ශිෂ්‍යත්වය, සාමන්‍ය පෙළ, උසස් පෙළ, සමත් වෙන අති බහුතරයක් ඉන්නේ ටියුෂන් වලට යන අය. කන්නගර මැතිතුමා මේක බලාපොරොත්තු වුනේ නැහැ. අපි එහෙම යන්න වේලා තිඛෙනවා. ඒ නිසා අපි මධ්‍ය මහා විද්‍යාල, මධ්‍ය විද්‍යාල, මහා විද්‍යාල මෙ සමරණ ගමන ඒ සමරණ උත්සව පිටුපස්සේ සැගවුණු කතාවක් තිඛෙනවා.

අද ප්‍රකට මධ්‍ය විද්‍යාල හැම එකක් ඉදිරිපිටම ලංකාවේ පෞද්ගලික ටියුෂන් පන්ති තිඛෙනවා. මධ්‍ය විද්‍යාල පමණක් නොවෙයි තිත්ව විද්‍යාලය ඉදිරිපිටත් තිඛෙනවා. රාජකීය විද්‍යාලය අසලත් තිඛෙනවා. මෙ කටුක යථාර්තය කන්නගර මැතිතුමා අපෙක්ෂා කරපු එකක් නොවෙයි. කන්නගර මැතිතුමාගේ දේශණවල තිඛෙනවා. පෞද්ගලික අයිතිය යටතේ පාසල් පැවතිම සම්බන්ධයෙන් තිඛෙන අර්බුදය. අධ්‍යාපන ආයතන ලාබ ඉපයිමේ ආයතන ලෙස පැවතිම අර්බුදය එතුමා මුල් කාලයේ කථා කරලා තිඛෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඉදගෙන. සම සමාජ පක්ෂයේ ඉගෙන කතා කලානම් ගැටලූවක් නැහැ. ඇයි එහෙම කථා කලේ කියන ගැටලූව අපි ඇත්තෙන්ම අද කන්නගර මැතිතුමාගේ උරුමට සමරණ මොහොතේ ඉතා තීරණාත්මක ආත්ම පරික්ෂාවකින් යුතුව ඒක පුද්ගල හා සමූහික ආත්ම පරිත්‍යාගයකින් තොරව අපි කල්පනා කර යුතු වෙනවා.

1987 වාගේ අපේ කාලයේ මමත් උසස් පෙළ කලා ඒ වෙනකොටත් නිදහස් අධ්‍යාපන පද්ධතිය කන්නගර මහතා අපෙක්ෂා කරාට වඩා ඛෙහෙවින් කඩා වැටිලා තමයි තිබුණේ එතුමා අපෙක්ෂා කරපු සමාජ සමාන කරන යන්ත්‍රණය අධ්‍යාපනය කියලා කියන්නේ අපේ රටේ දැනුම ලබා දෙන මාර්ගයක් විතරක්ම නොවෙයි. සමාජ සමානකරණ යන්ත්‍රණයක්. ඒ නිසා තමයි අද තුන වසරට ඉගෙන ගත්ත වඩුවෙකුගේ පුතෙක් වුනත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට ඔබ අමතන්නේ මම. අපේ දෙමාපියෝ කවුරු වුනත් අපි කොයි පළාතේ ඉපදුනා වුනත් අපේ වග වාසගම් මොනවා වුනත් අපිට සාපෙක්ෂ වශයෙන් සමාන තැනකින් අවසන් කරන්න පුළුවන්. ප්‍රවේශයක් තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ නිසා තමයි පිරිමි වුනත් ස්ත්‍රීන් වුනත් ඒ පද්ධතියට ප්‍රවේශ වුනාම සාපෙක්ෂ සමාන තැනකින් අඩු තරමින් අවසන් කරන්නට හරි පුළුවන් වන්නේ.

ඒ වාගේම කන්නගර අධ්‍යාපන ප්‍රතිපත්ති වල එතුමා දේශණ වල ඉතා නිශ්චිතව එතුමා ස්ත්‍රීන් පිළිබඳව කතා කලා. කාන්තාවන් ගැන එතුමා කථා කරපු දේවල් නිදහස් අධ්‍යාපනය නිසා ඉතා වරප්ප්‍රසාද තැන් වලට ගිය කාන්තාවන්ටත් අමතකයි. එතුමා කිවා. එතුමාගේ මුලික තර්කය වුනේ ස්ත්‍රීන් හා පුරුෂයෙන් වශයෙන් තියෙන බරපතල අසමානතාව පවත්වාගෙන යනවා නම් තවදුරටත් අපි මෙ රට නිදහස් රටක්ද කියන ප්‍රශ්නය. එතුමා අහනවා. එතුමා අහනවා. විතරක් නොවෙයි.

පේරාදෙණිය විශව විද්‍යාලයේ ශාස්ත්‍ර පිඨීය අද සියට 85 සිසුන් සමහර වර්ෂ වල සියට 90 ක් ශිෂයාවෝ එහෙත් ප්‍රථම වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැමදාම මම කථා කරනවා. ඒ පිළිගැනිමේ උත්සවයේ මට විනාඩි කිහිපයක් කථා කරන්න තියෙනවා. මම ඒ හැම වර්ෂයේදිම කියනවා මෙන්න මෙක. පේරාදෙණිය විශව විද්‍යාලයේ ශාස්ත්‍ර පිඨියේ අතිබහුතරයක් ශිෂ්‍යාවන් සිටිම මෙ රටේ ජයග්‍රහණයක් අධ්‍යාපන පන්තියේ ජයග්‍රහණයක්. නිදහස් අධ්‍යාපනය නිසා සාමජ වරප්ප්‍රසාද ලබා ගත් ස්ත්‍රීන්ගේ ගණන අපමණයි.

ඒ විතරක්ම නොවෙයි ආර්ථීක ස්වාධිනත්වය ලබා ගත්ත. ස්ත්‍රීන් ගණන අපමණයි. ඒ කියන්නේ මාසයේ අන්තිමෙට තමන්ගේ අතට වැටුපක් පැමිණිම වැටුපක් ලැබිම කියන ආර්ථීක නිදහස ස්තී්‍රන්ට ලැබිම කොයි තරම් දෙයක්ද ? පිරිමින්ට නිදහසක් ස්ත්‍රී විශෙෂ නිදහසක් එක සිද්ධ වුනේ අහම්ඛෙන් නොවෙයි. නැහැ මෙ නිදහස් අධ්‍යාපනය නිසා. ඒ නිසා මම ඒ ශිෂ්‍යාවන්ට කියන්නේ. ඔබ ඇවිත් ඉන්නේ ඉතා ජයග්‍රහායි ගමනක්. ඔබ ඒ නිසා එළියට ගිහින් ඒ කථාව කියන්න. එම ජයග්‍රාහි ගමන බොහෝ දෙනෙක් කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ මෙ වාගේ දේවල් අපිට ඉබේම වාගේ ලැබිලා තියෙනවා කියලා.

දැන් බලන්න 1881 ස්ත්‍රී සාක්ෂරතාව ලංකාවේ කියද ?
සියට 3 ක් , 2016 පේරාදෙණිය විද්‍යාලයේ ශාස්ත්‍ර පිඨියට ළමයින් 777 පැමිණියා අර පළමු වෙනි ශිෂ්‍ය කණ්ඩායමේ 700 ගැණු ළමයින් 77 පිරිමි ළමයින් 1881 සාක්ෂරතාවය සියට 3 ක් වු ප්‍රජාව තුළින් සියට 85 ක් 90 ක් එනවම් ශිෂ්‍යාවෝ විශව විද්‍යාලයට මෙක අපි සමරන්න ඔනෑ ජයග්‍රහණයක් නොවෙයිද ? නමුත් ඒ ජයග්‍රහණය පිටුපස්සේ තිඛෙනවා. අර මම කියපු අදුරු කථාව. අපි අමතක නොකරන කථාව. ඒ අති බහුතරයත් දෙනාත් ටියුෂන් වලින් තමයි විභාගය පාස් වේලා තියෙන්නේ. පාසලෙන් විතරක් විභාගය පාස් වෙච්ච අය අඩුයි. අපි සමීක්ෂණ දෙක තුනක් කලා එක තමයි තත්වය. පිරිමි ළමුන් අතර ටියුෂන් ගියේම නැති අය කිහිප දෙනෙක් ඉදලා තිඛෙනවා.

අනික් අය යන්නේ අවශ්‍යතාවය නිසාම නොවෙන්න පුළුවන් මොස්තරයක් නිසා වෙන්න පුළුවන් නමුත් පිටුපස්සේ තිඛෙනවා කන්නගර මැතිදුන් අපෙක්ෂා නොකරන ලද කථාවක් ඊට පස්සේ තව කථාවක් තිඛෙනවා.
1924 හැන්සාඩ් වාර්තාවකින් කන්නගර මහතාගේ එක උද්දූතයක් පමණක් මම ඔබට කියන්නම්.
රටක අභිවෘද්ධිය හා එහි ශිෂ්ටාචාර්ය සාර්ථකත්වය වු කලි එහි ජන සංඛ්‍යාව හෝ ධන ප්‍රමාණය හෝ ව්‍යාපාර නොව එමගින් බිහිවන ජනතාවගේ ගුණාත්මක භාවයයි. මෙ සඳහා තමයි අධ්‍යාපනය ජනතාවගේ ගුණාත්මක භාවය කියන කාරණය මෙ අරගලය ශිෂ්ඨ නුතන විචාරත්මක නිදහස්කාමි පුරවැසි පිරිසක් ගොඩ නැගිම පිළිබඳ කන්නගර මැතිතුමාගේ අරගලය අපේ නිදහස් අරගලයත් එකක් බැදිලා අනිකුත් දේශපාලන ව්‍යාපාර අනිකුත් ප්‍රසිද්ධ දේශපාලඥයෝ රටේ දේශපාලන නිදහස ගැන කථා කලා එය වැදගත් බව ඇත්ත.

හැබැයි ඒ නිදහස පිළිබඳ කථීකාව ඇතුලේ අධ්‍යාපනයේ අති විමුක්තිකාමි හරය ගැන කථා කරපු චින්තකයා තමයි කන්නගර මැතිතුමා. උප්ප්‍රරාසය වන්නේ. රටේ දේශපාන නිදහස පිළිබඳ කථා කරපු සමහර දේශාපන නායකයන් අද්‍යාපනයේ තිඛෙන චින්තනය විමුක්ති කාමය නොසලකා හරපු එකයි ඒ නිසා කන්නගර මහතා ඉතා තරුණ වියේදීම දකිනවා. අපිට දේශපාන නිදහසක් ලැබුණත් වැඩක් නැහැ අධ්‍යාපනය ඔස්සේ තාර්කිකව හිතන්න පුළුවන් නිදහස් චින්තකයෙක් නුතන පුරවැසියෙක් ලංකාවට හදා ගත්තේ නැත්නම් කියන එක. අන්න ඒ කාරණය තමයි. ගුණාත්මක භාවයට කියන යටතේ කථා කරන්නේ. ඒ නිසා ඔහු තව තැනකදි කියනවා. මෙන්න මෙහෙම.

සියල්ලන්ටම සමාන අවස්ථා සහිත විශව සාධාරණ අධ්‍යාපනයක් ප්‍රජාතන්ත්‍රවාදි රටත් පිහිටුවා ලීම අපේ අරගලය විය යුතුයි කියලා. ඒ අරගලයේ පලයක් විදිහට තමයි අපිට මේවා ලැඛෙන්නේ. නමුත් ආවාසනාවකට අර ඔනෑම අරගලයක පලය අපි එකට කියන්නේ ස්භාවිකකරණය වෙනවා කියලා. එහෙම වුනාම අපි හිතනවා එක අරගලයක ගැටලූවක් නොවෙයි කියලා.

මම කිවා නිදහස් අධ්‍යාපනයෙන් අපි වාගේ අයට සමාජ වරප්‍රසාද ලබා දිලා තිඛෙනවා වුනත් එය කඩා වැටෙමින් තිඛෙනවා කියලා. එය ඉතා ක්‍රමික වාගේම ක්‍රමවත් පෞද්ගලිකකරණයේ අක්‍රමණයට ලක් වේලා තියෙනවා.
අපේ නිදහස් අධ්‍යාපනය අතිසයින් පුළුල් වුනේ නැතිනම් ප්‍රථම පන්තියට හෝඩියට ඉල්ලූම් කරන සියලූ දෙනාට ඉඩ දෙන්න බැහැ විදුහල්පතිතුමා එක දන්නවා. අපි මෙක ඛෙහෙවින් පුළුල් කරන්න ඔනෑ. අනිත් එක තමයි මධ්‍ය විද්‍යාලයත් අතුලූව කන්නගර උරුමය ආදි ශිෂ්‍ය විවුහයේ ග්‍රහණය කියන කාරණය. ඒ ආදි ශිෂ්‍ය විවුහයේ එය පාලනය කරනවා. කෙහෙන්ද එන්නේ දරුවෝ කාටද පාලනය කරන්න පුළුවන් කියලා. ඒ දොර දෙන්නේ නැහැ. අපි එළිපියට නොකියක ජනප්‍රිය පාසල් හැම එකක්ම මුදල් තැන්පත් කරන්න ඔනෑ ලක්ෂ ගණනින්. එක කන්නගර මහතා හිතපු කාරණයක් නොවෙයි. ඒ වාගේම මධ්‍ය පන්තික දරුවන්ට ශිෂ්‍යත්වය අවශ්‍ය නැහැ හොඳ පාසලකට දරුවා ඇතුලූ කරන්න. ඒ වරම තිබිය යුත්තේ එහෙම එන්න බැරි අයටයි.

අපේ දොරටු පාලක පන්තිය රකිනවාද විනාශ කරනවාද කියලා කල්පනා කර යුතුයි. ඒ දොරටු පාලකවරු ඇති වි ඇත්තේ අවශතා සිමීත නිසා බව අපි දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ රජ්‍ය අයෝජනය කරන්න ඔනෑ කියලා නිදහස් අධ්‍යාපනයට. අපිට තව අවුරුදු ගාණයක් යන කම් කන්නගර මැතිතුමා ගැන කථා කරමින් ඉන්න පුළුවන්. හැබැයි කන්නගර චින්තනය යළි මතු කර ගැනිම කියලා කියන්නේ දෙවැනි අධ්‍යාපන නිදහස් විප්ලවය ඇති කරනවා කියලා කියන්නේ අපි දැනට වැටිලා තිඛෙන මෙ වල හරි විදිහට තේරුම් ගැනිමයි. ඒ පමණක් නොව අපේ ඒ වල පයින්න අපි දායක වේලා තිඛෙන්නේ කොහොමද කියලා කල්පනා කිරිම පවා ඉතා හොඳ ආත්ම පරික්ෂාවක් දැන් ඔය පෞද්ගලිකකරණයයි දොරටුපාලක වරුන්ගේ ග්‍රහණයයි. ඒ පමණක් නොවෙයි පාසල් පද්ධතියට තිඛෙන අර්බුදය කන්නගර චින්තනය වෙත අපි යලි යා යුතු තව දෙයක් තිඛෙනවා ඒ තමයි අධ්‍යාපනයේ තිඛෙන ගුණාත්මක කඩා වැටිම.

කන්නගර මැතිතුමා කිවානේ මිට කලින් ගුණාත්මක පුරවැසියෙක් හදා ගන්න ඔනෑ කියලා කන්නගර මැතිතුමාගේ අධ්‍යාපනයේ ඒ මානය ඒ පැතිකඩ සම්පුර්ණයේනම විනාශ තියෙන්නේ අපේ පාසල් අධ්‍යාපනය අද ඒ ගැන මම විස්තර කන්නේ මෙහෙමයි.

අපේ අධ්‍යාපනය සම්පුර්ණයෙන් යටත් වේලා තියෙනවා. උපයෝගිතා තර්කණයට ඒ කියන්නේ අපේ අධ්‍යාපනයේ අගය මයින්නේ ඒ අධ්‍යාපනයෙන් පස්සේ අපිට ලැඛෙන්නේ මොකද්ද කියන එක සලකලා. අද මම මෙතන කතා කරනකම් අපේ අධ්‍යාපන පද්ධතියේ ජයග්‍රහණ හැටියට මෙ විදුහලේ වුනත් පෙර කථා වලදි කිවේ දිසාපතිවරු, රජයේ උසස් නිලධාරින්ගේ නම්. ඒ තනතුරු නාම නමුත් මෙ අධ්‍යාපන ක්‍රමයෙන් ලංකාවේ විශිෂ්ඨ කවියා බිහි කරලා තිඛෙනවා කියාල කිය වුනේ නැහැ.

ඇයි ඒ උප දිසාපතිවරු, දිසාපතිවරු, වෛද්‍යවරු ඉතා වැදගත් අය හැබැයි අධ්‍යාපනයේ අගය මයින්නේ ඒ වාගේ තනතුරු නිර්මාණය කිරිමෙන් නම් එකට අපි කියන්නේ කරණිය තර්කණය කියලා. මෙ කරණිය තර්කණයට එරෙහිව වටිනා කම් පිළිබඳ තර්කණය වෙනුවෙන් තමයි කන්නගර මහතා තර්ක කරලා තිඛෙන්නේ. එතුමාට තිබුණු සිමා සහිතකම් සමග. එතුමා ඒ කාලේ විසි වැනි සිය වසේ හිටපු සමහර අධ්‍යාපන දර්ශනිකයන් චින්තකයන් ලංකාවට ආවා ඒ ගොල්ලන් එක්ක කන්නගර මැතිතුමාට තිබුණා සංවාදයක් ඒ නිසා අධ්‍යාපනයේ හරය අධ්‍යාපනයේ අන්තර්ගතය ගැන විභාග කොපමණ පාස් වෙනවාද කියලා කියන එක නොවෙයි. අධ්‍යානයෙන් හදන ගුණාත්මක පුරවැසියාගේ ගුණත්ම භාවය ගැන හිතලා තිඛෙනවා එතුමා.

දැන් අපෙ රටේ තිඛෙන්නේ මෙන්න මෙහෙමයි. උපයෝගිතා තර්කණයේ ඵලය කුමක්ද ? හෝඩියට එනවා ළමෙයක් ප්‍රථම පන්තියට ආපු ළමයින්ගෙන් වෛද්‍ය පිඨියට ගිය ළමයින් තමයි අපි සලකන්නේ සීයට සීයයක් අධ්‍යාපනය සාර්ථීක වු අය විදිහට අපේ මනස හැදිලා තියෙන්නේ එහෙමයි. අර උපයෝගිතා තර්කණය අපේ විඥාණයට ඇවිත් තියෙනවාද කියලා කියනවා නම් පළමු පන්තියට ආපු දරුවන්ගෙන් සියට සියක් සාර්ථීක අධ්‍යාපනය නිමා කරපු අය විදිහට සලකන්නේ වෛද්‍ය පිඨියට ගිය අය.

වෛද්‍යවරයා බිහි විමත් කවියා බිහි විමත් අධ්‍යාපනයේ සියට සියක් සාර්ථීක විම ලෙස සලකන්නේ නැති අධ්‍යාපන ක්‍රමවේදයකින් ඇති ඵලය කුමක්ද ? වෛද්‍ය වරයෙක් බිහි වෙන එක හොඳයි හැබැයි අපේ රටේ වෛද්‍යවරු වෛද්‍ය වෘත්තිය ඉදිරියට ඇවිත් තියෙන්නේ ඒ මගින් අනිකා සුවපත් කිරිම නිසා නොවෙයි ඉක්මනට ලොකු කාරෙක් ලොකු ගෙයක් හදා ගන්න පුළුවන් නිසා එක තමයි කියන්නේ අධ්‍යාපනය කරණිය තර්කණය කියලා.

අධ්‍යාපන පද්ධතියෙන් බිහි වන කවියා සියට 25 ක් 30 සාර්ථීක වෛද්‍ය පිඨියට යන්න බැරි වු කෙනෙක් විදිහයට යන්න බැරි කෙනා සලකන්නේ අර තමයි ඉක්මනට ගෙයක් දොරක් වාහනයක් ගන්න බැරි නිසායි. මෙක තමයි අධ්‍යාපනය කරණිය තර්කණයට ලක් වුනාම ඇති වන ගැටලූව. සහ විපාකය. අපේ අධ්‍යාපන ඇතුපේ ඉදන් රමණිය කවි පොතක් පල කරන මනුෂයාත් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ බිහි වු සියට සියක් සාර්ථීක වැදගත් පුරවැසියෙක් විදිහට සලකන සමාජයක් අපි හදන්න ඔනෑ. ඒ විදිහට වටිනාකම් දෙන පාසල් පද්ධතියක් ගුරුවරු කොටසක් අපිට ඉන්න ඔනෑ. මෙවැනි එකක් නොවෙයි කන්නගර මහතා බලාපොරොත්තු වුනේ යැයි පවසමින් දේශණය අවසන් කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *