දකින මිනිසාගේ නොදකින පැත්ත

කම්බි කොටුවේ 20 වසරක ජනතා සාක්ෂිය

වැඩ කරන මිනිසා නිහඬය. දශක තුනකට ආසන්න මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඔහු නමින් ඩුලිප් විජේසේකරයි. දේශපාලනයට වඩා එය සමාජ සේවයක් කියා නම් කළොත් නිවැරදිය.

වැඩ කරන විට සතුරන් ද වැඩිය. වත්මන් දේශපාලනය තුළ, විශේෂයෙන් මනාප සටන තුළ බොරු ප්‍රචාර අනන්තය.මේ වැඩ කරන මිනිසාට එල්ල වූ චෝදනාවක් වූයේ , පසුගිය 2019 වසරේ පාර්ලිමේන්තුවේ එක් වචනයක් වත් කතා කළේ නැත යන්නයි.

කවදත් ජනතාවට සත්‍ය හෙළි කරන LankaABCnews අපි එහි ඇත්ත සොයා, ගියෙමු

අතීතයේ සිට ශ්‍රී ලාංකීය දේශපාලනයේ දොම්පේ මැතිවරණ කොට්ඨාශය සුවිශේෂී නිල් බලකොටුවකි. වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු ) බලකොටුවකි . එම තත්ත්වය ඇතිවීමට දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ උපන් කමිබි කොටුවේ රාළහාමි වැනි ප්‍රදේශයට විශාල මෙහෙයක් කළ දානපතියකුගේ සේවාව ද හේතු වන්නට ඇත.

කම්බි කොටුවේ රාලහාමිගේ දේශපාලනය( සමාජ සේවය) දැන් කරන්නේ ඔහුගේ පුත් ඩුලිප් විජේසේකරයන්ය… කම්බි කොටුවේ රාලහාමිගේ නිහඬ සමාජ සේවය නවතා දමනු ලැබුවෙි 88 / 89 භීෂණ සමයේ ය. ඒ ආකාරයෙන්ම අද ඩුලිප් විජේසේකරයන්ගේ සේවය ද නිහඩ කරන්නට විරුද්ධවාදීන් බොරු ප්‍රචාර ගෙන යති .

2017 වසරේදී පාර්ලිමේන්තුවට ඩුලිප් විජේසේකරයන් පත්වුයේ එක්සත්
ජනතා නිදහස් සන්ධානය යටතේය.

එහි පාර්ශ්ව දෙකක් නියෝජනය කළේය. ඒ පොහොට්ටුවේ කණ්ඩායම හා ශ්‍රි.ල.නි.ප මෛත්‍රී කණ්ඩායමයි.එකම පක්ෂය නිසා කාලය වෙන් වුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. ජනපති මෛත්‍රී කණ්ඩායම නියෝජනය කළනියෝජිතයින් වැඩි කාලයක් ලබා ගැනීම නිසා පොහොට්ටුවේ කණ්ඩායමට ලැබුණේ සුළු වේලාවකි.

එබැවින් ඩුලිප්ට ලැබෙන්නේ ඉතා සුළු කාලයකි.ඔහු එය පොහොට්ටුවේ කථික
මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේ ය.

එසේ ඔහු අනිවාර්යයෙන්ම කතා කරන අයවැය විවාදයේදී පොහොට්ටුවේතරුණ මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් කළේය. ඒ ” අයියේ අය්යගෙ කාලයත් මටලබාදෙන්න යන අහිංසක ඉල්ලීමයි” පියා මෙන් පරිත්‍යාගයට මුල්තැන දෙනඔහු, ඊට එකඟ විය. ඉහත සඳහන් කරුණු මුල්කරගෙන පාර්ලිමේන්තුවේදී එමවර්ෂයේ කතා කිරීමට ඔහුට නොහැකි විය.නමුත් එවකට විරුද්ධ පක්ෂයේ සිටිමින් ඔහු සිය සමාජීය සේවාවන් දිගටම කළේය.

ඒ අනුව LankaABCnews වෙත හෙලි වූයේ , ඔහු කතා නොකර සිටියා නොව,
එම කාලය ඔහු පරිත්‍යාග කළා යන්නයි.

සියලු ජනතාවට සත්‍ය හෙළි කරන්නට අප ඔහුගේ හඩින් එය අසා දැන ගනිමු.

විශේෂයෙන් මට තියෙන චෝදනාවක් තමා කතා කරනවා අඩුයි කියලා. මමකතා කරන්නේ අවශ්‍ය වෙලාවට.පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතුකළ අවධියේ අයවැයට විතරයි කතා කලේ. අමාත්‍යවරයා විදිහට උත්තර දෙනවා. අයවැයේදී කතාබහට අවශ්‍ය සිද්ධි වලට උත්තර සපයනවා. ඒ වගේම 2008 පාර්ලිමේන්තුව නියෝජනය කරපු දවසේ ඉඳලා හැමදාමත් අයවැය
වෙනුවෙන් කතා කලා. ඉගෙනගෙන තිබෙන්නේ කෘෂිකර්මය. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විෂය කතා කරන දවසට හැමදාමත් මා කතා කරනවා.

ඒ වගේම පසුගිය 2019 වසරේ කතා කළේ නැහැ කියලා ඔය චෝදනාවට ලක්වෙලා තියෙන්නෙ. ඒකටත් මට විනාඩි 10 ක කාලයක් තමයි වෙන්කර තිබුනේ.අපේ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඇවිල්ලා “අනේ අයියේ වෙලාව දෙන්න පුලුවන්ද?” කියලා ඇහුවම මා බොහෝ සද්භාවයෙන් මගේ කාලය පරිත්‍යාග කළා. ඒක තමයි ඔය කතා කළේ නැහැ කියලා අවුරුද්දක් තුළ චෝදනාවට ලක්වෙලා තිබුණේ .ඒ වගේම පැමිණීම පිළිබඳවත් චෝදනා තිබුණා. මනාප ක්‍රමයත්එක්ක තරඟකාරිත්වයක් තිබෙනවා. ඒ හින්දා නොයෙක් නොයෙක් අය අපේ අඩුපාඩු ඉස්මතු කරලා පෙන්වනවා.

අපේ දේශපාලන ගමනට බාධා කරන්න නොයෙක් පහර ගහන්න කරුණු කාරණා හොයන අය ඉන්නවා. ඒ ගොල්ලන්ට සුබ පතනවා. මම කිසිම වෙලාවක වෛර කරන්නේ නැහැ කිසිම කෙනෙකුට. මොකද මගේ පියා පැහැදිලිවම දේශපාලන ඝාතනයකට ලක් උනා. අපි ඒවාට හවුල් වුණ, සම්බන්ධ වූ සියලුදෙනා ගැනම දන්නවා. හැබැයි දවසක අඹ මල් රේණුවකවත් කිසිම දවසක අපි වෛර කරලා නැහැ. පලි අරගෙන කටයුතු කරලා නැහැ. ඒක මගේ ජීවිතේ තුළ බැඳිල තියෙන දෙයක්. කතාකරන්නේ නැහැ වගේම, මේ පාර්ලිමේන්තුවෙ ජනතා මුදලින් වරප්‍රසාද අරගෙන ඒවායින් වැජබෙනවා කියලා පෙන්නන්න තමයි එදිරිවාදීන් හදන්නෙ. ඒවාට උත්තර දීලා තියෙනවා.

මගේ පැමිණීමත් දුර්වලයි කියලා එක්තරා මාධ්‍ය ආයතනයක පුවත්පතක පල කරලා තියෙනවා. ඒ දැන්වීම් දවස් ගානේ ගියා හැබැයි සොයා බැලූ විට, සියයට අසූවකට වඩා පැමිණි මන්ත්‍රීවරු කීපදෙනා අතරින් මා ඉහළින්ම ඉන්නවා.හැමදාම අපි උපරිම වෙලාව ඉන්නවා. අවශ්‍ය වෙලාවට ඡන්දයක් ආවොත් එයට සහයෝගය දීලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා . හැබැයි මා පැමිණීම
අතින් ඉතාම ඉහළින් සිටින මන්ත්‍රීවරයෙක් බව ඔප්පු කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *