එජාපයට සමගි බලවේගය සමග එකතුවෙන්න පුළුවන් // සජිත් කියයි

ජනතාව ප්‍රතිෂේප කළ කුණු තැවරුණු  නායකයන් කිහිප දෙනා හැර එජාපයට හා එහි සමාජිකයන්ට ද සමගි ජනබලවේගය සමඟ එක්වෙන්නට තමා ආදරයෙන්,ලෙංගතුකමින් ගෞරවයෙන් ආරාධනා කරන බැව,සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

සජිත් ප්‍රේමදාස මහතා එසේ වැසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහය 910) ආවාරණය වන පරිදි ආගමිත ස්ථානවල ආගමික නායකයින් හමුවීමෙන් පසුව පැවැති ජනහමු රැසක දීය. එම රැස්වීම් 20 වන දින දවස පුරා ගාල්ල දිස්ත්‍රික්යේ විවිධ ආගමික ස්ථානවල දී පැවැත්විණි.

ඉඳුරන්නාවිල ඩි.එස් සේනානායක ගම්මානයේ පිළිරුව අභියස දී පැවැත් වු ජනහමුව සංවිධානය කර ති‍බුනේ එජාප ගාල්ල දිස්ත්‍රික් භික්ෂු පෙරමුණේ සභාපති සපුගස්යායේ ධම්මපාල හිමියනගේ ප්‍රධානත්වයෙනි.

විපක්ෂ නායක සමගි ජන පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

පසුගිය මහ මැතිවරණයට අප මුහුණ දුන්නේ කිසිදු ශාඛා සමිතියක් නොමැතිව ජනතවාගේ එක්රාහි විම තුළ අප ලංකා ඉතිහාසයේ කෙටි කාලයකින් ආරම්භ කළ මාස කිහිපයක් තරම් වු පක්ෂයකින් අප විශාල ජයග්‍රහනයක් ලැබුවා. දුරකථනය ලාංජිනය දැවැන්ත ප්‍රගතියක් මේවන විට තිබෙනවා. අපි මේ ඉදිරි සති අට දහයතුළ (8, 10) තුළ  දී ගමින් ගමට ගොස් ක්‍රියාකාරින් හමුවි දිනමු නම් වු මැතිවරණ කමිටු සකස් කරමින් සමගි ජන පෙරමුනේ මුල්ම අඩිතාලම සකස් කරමින් ගමන් කරනවා.

එයට දැවන්ත වු ජනතා සහයෝගයක් මෙව්න විට දැකිය හැකිව තිබෙනවා.ජනතාව දැන් මහ මැතිවරණයටත් වඩා වැඩි පිරිසක් අප සමඟ එක්වෙන බව මේ සමිතිවලට එන සභභාගිවුන පිරිස දෙස බැලිමේ දී පෙනි යනවා.

සමගි ජන බලවේගයේ නිර්මල බෞද්ධ ප්‍රතිපත්තිය නිර්මල බෞද්ධ ප්‍රතිපත්තිය තුළයි සියලුම සිදුකරන්නේ. ක්‍රියාත්මක කරන්නේ.කිසිදු ආගමිකට ජාතියකට ගරහන්නේ නැතුව හතුරුකම් කරන්නේ නැතිව පක්ෂය රට තුල ක්‍රියාත්මක කරනවා.එකමුතු කමින්,සංදියාවෙන්,සහෝදරත්වයෙන් කටයුතු සිදු කරනවා.රටේ ජාතික ආරක්ෂාවට මුල්නැත දෙනවා. රටේ ඕනෑම කෙනෙකුට අප සමඟ එක්වන්නට හැකියි.

නුතන දේශපාලනයේ දි වැදගත් වන්නේ පක්ෂයේ නම හෝ ලාංජනය නොවෙයි.මේ රටේ පැරණි පක්ෂවලට පැරණි සමහර පක්ෂ නායකයන්ට ජනතාව සතුව ලෙංගතු කමක් තියනවා.ආදරයක් ගරුතවයක් තිබෙනවා.

නමුත්,මේවර මහමැතිවරණයේ දී සිදු වුයේ කුමක් ද ? ආණ්ඩු බලය හා විපක්ෂයේ බලය ජනතාව ලබාදුන්නේ අලුත්ම ජනතා බලවේග දෙකකටයි.එයට හේතුව නුතනයේ දී දේශපාලනය තුළ සම්ප්‍රදායක පක්ෂ හා ලාංජනවලින් බොහෝ දෙනා ඈත්ව සිටිනවා.එයට හේතුව වුයේ බොහෝ කාලයක් දේශපාලනය කළ ද මහජනතාවට සිදු වු සේවාව ප්‍රමාණවත් නොවු බව ජනතාව තේරුම් ගැනීමයි.

අපි හිටපු තැනැක් එජාප ස්වර්ණමය යුග ගණනාවක් තිබුනා. ඩී.එස් සේනානායක කාලයේ සිට රණසිංහ ප්‍රේමදාස යුගය රට සමාජය වඩාත් හොඳින් තිබුනා ඊට පසුව රට අගාදයට පත් උනා.එජාප අප සමඟ එක්විය හැකියි. නමුත් ජනතාව ප්‍රතිහේෂ කල අපවිත්‍ර වු කිහිප දෙනාට නම් සමගි ජන බලවේගයේ දොරටු කිසිදු දිනකයක දී විවෘත්ත වන්නේ නෑ.ඒ ආදි ජරාව ගා ගත්තු එජාප එකි කිහිප දෙනා කිසිදු දිනක දි අපි අපේ පක්ෂයට බඳවා ගන්නේ නෑ.නමුත්,ගමේ සිටිය අහිංසක එජාප සාමාජිකයන්ට නම් අපි අපේ සමහි ජන බලවේගයේ දොරටු විවෘත් වෙනවා.ඒ අයට කිසිදු වාරණයක් නෑ.ඒ පාක්ෂිකයන්ට අප සමඟ එක්විය හැකියි.එජාපයට ගිය අහිංසක ජනතාවට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එන්න කියලා.ඒ අයත් සමගි ජනබලවේගය සමඟ එක්  කරනවා.සමගි ජන බලවේගයට මේ සිදුකරන දිනවුම වැඩ සටහන යටතේ ඒ පිරිසත් අපි එක් කරනවා.ඒ පිරිස එකතු කරගෙන දිග ගමනක් යනවා. අපේ සාමාජික ඉලක්කය ඒ ආකාරයට වර්ධනය කරගෙන දැවැන්ත ඉලක්කයක් දක්වා ගමන් කරනවා යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *