කුපාඩිකම් වලට ගාල්ලෙන් පාඩමක්.

ගාල්ල මහ නගරසභාවේ බලය අල්ලන්න සිදුකළ මෙහෙයුම  හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා අගයයි.

 

ගාල්ල නගර සභාවේ බලය පොහොට්ටුව ලබා ගැනීම, දේශපාලන කුපාඩිකම් කරපු අයට හොද පාඩමක් බවත් තවත් වසරක් පමණ යන විට එසේ දේශපාලන කුපාඩි කම් කල අය දේශපාලන කුණු කූඩයට යන බවත් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ 25 දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,

ගාල්ලේ ශ්‍රීලනිප සංවිධායකගේ වැඩ නිසා තමයි මේ වගේ තත්වයක් ශ්‍රීලනිපයට ඇති වුනේ. මෙයා තව ටික කාලයක් හිටියාම වෙන්නේ ශ්‍රී ලනිපයට මරණාධාර සමිතියකටවත් ඉදිරිපත් කරන්න අපේක්ෂකයින් නැතිවෙන එකයි. මම අභියෝග කරනවා මේ ගැන. අපි පසුගිය ඡන්දයේ ශ්‍රී ලනිපය ගාල්ලේ ඡන්ද 5500 ක් විතර ගත්තේ එජාපයට බැනලා. එජාපය විවේචනය කරලා. අපේ පොදු සතුරා එජාපය. ඉතින් එහෙම කරපු අයට පුළුවන්ද එජපය එක්ක ආණ්ඩු හදන්න. අපේ මන්ත්‍රීවරුන්ට තිබුණා පෙහොට්ටුවේ අය සමඟ මේ සභාව පිහිටුවන්න. නමුත් සංවිධායක එජාපයට යන්න ඉන්න හින්දා එයාලා එක්ක ඩීල් දාලා සභාව පිහිටුවන්න ගියා. මේ දේශපාලන කුපාඩිකම්වලට එහා ගිය උපක්‍රමශීලීත්වයක් භාවිතා කරපු පෙහොට්ටුවේ අය ගාල්ල නගර සභාවේ බලය ඇල්ලුවා. මම පෙහොට්ටුව ගැන ආඩම්බර වෙනවා මේ කුපාඩි ගේම් වලට අහු නොවී උපක්‍රම ශීලීගේම් එකක් ගැහීම ගැන. අද වෙන කොට මනුෂයි, වජිරයි නටපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. අද විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිගේ වාහන රාජ්‍ය දේපල පිට යයි කියලා බයට වෙන්න ඇති එක පවුලකට විතරයි දෙන්නේ.  හැබැයි කෙහොම උනත් මේ නියෝජ්‍ය නගරාධිපතිවෙන්න සහය දක්වපු අයට පසුගිය කාලයේ ලොකු දුෂණ චෝදනා තිබුණා. මොනවා වුනත් මේ සභාව කෙහොම පිහිටුවත් මේ සභාව කරගෙන යන එක ලේසි නෑ. ඒකේ වැරැද්ද තියෙන්නේ මේ ඡන්ද ක්‍රමයේ. මේ ඡන්ද ක්‍රමයේ ඇතිවුන විකෘතියක් තමයි මේ අදටත් බලපාලා තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *