නියම එක්සත් ජාතික පක්ෂය වන්නේ සමගි ජන බලයයි!!

සමගි ජන බලය ගම්පහ දිස්ත්‍රික් නායක එඩ්වඩ් ගුණසේකර

ඔහු මේ බව ප්‍රකාශ කළේ මිරිගම සමගි ජන බලවේගයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය
සමගි ජන බලය ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා වැඩිදුරටත් මෙසේ සදහන් කළා

එකසිය එකක් ඉවත් කරනවා කියලා. අකිල විරාජ් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා දැනට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක පිස්සු කතාවක්. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයක් අනුව තමයි.. අපි සජිත් ප්‍රේමදාස මහතාව සන්ධාන නායකයා හැටියටත් අගමැති අපේක්ෂකයා හැටියටත් සන්ධානයක් තුළින් අපි නාමයෝජනා බාර දුන්නේ සන්ධානයෙන් අපි නාමයෝජනා භාර දීල තිබෙනවා අවසාන කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මා සහභාගි වුණා. නාමයෝජනාවලට කලින්.

කවුරුත් පැහැදිලිවම තීරණයක් අරගෙන තිබුණා සන්ධාන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව. අගමැති අපේක්ෂකයා සජිත් බව. ඉතින් එතුමා යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරු හිටපු නියෝජ්‍ය ඇමතිවරු හිටපු රාජ්‍ය ඇමැතිවරු ඇතුළු මන්ත්‍රීවරු හැත්තෑවකට ආසන්න ප්‍රමානයක් නාමයෝජනා භරදුන්නා.සමගි ජන බලය යටතේ. නියම එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ එතැන.අද මෙි වෙද්දි ආණ්ඩුව තමයි දැන් අලියගෙන් ඡන්දය ඉල්ලන අය මෙහෙයවන්නෙ.

දැන් රාජපක්ෂලා බංකොලොත් වෙලා ඉවරයි. වැඩ බැරි පාලකයෝ බවට පත් වෙලා ඉවරයි. කලිනුත් මේ රටේ මිනිස්සුන්ට යමක් කරන්න බැරි කියපු පොරොන්දු ඉටු කරන්න බැරි රජයක් බවට පත්වෙලා ඉවරයි. අද රාජ්‍ය නිලධාරීන් රටේ සාමාන්‍ය මිනිස්සු ගොවියන් කම්කරුවන් ඇතුළු සෑම කෙනාම අද පීඩාවට පත්වෙලා ඉවරයි. ඒකෙන් ගැලවෙන්න මේ රටේ අගමැති වෙන්න ඉන්න සජිත් මහතාගේ ගමනට තමයි මේගොල්ලෝ පීඩා කරන්නේ. විවිධ අන්දමේ පහර එල්ල කරන්නේ.

ඒකට එක්සත් ජාතික පක්ෂය පාවිච්චි කරනවා අපි සමග එකතු නොවු එක්සත් ජාතික පක්ෂයේ විවිධ දූෂණ වලට ඇතුළු වු පිරිසක් එකතු වෙලා තිබෙනවා. අපේ පක්ෂයට අපි එහෙම අය ඇතුල් කරන්නේ නැහැ ඒ පිරිස ලව්වා අපිට මඩ ගසන්න පටන් අරගෙන තිබෙනවා විවිධ කරන්න සූදානම් වෙලා ඉන්නවා

මා රටේ ජනතාවට කියන්නේ අපි දැන් ඡන්දය ඉල්ලන්නේ ටෙලිෆෝනයෙන්, සජිත් මහතාගේ නායකත්වයෙන්. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ගත් තීරණයක්.. අපිට එලවන්න හරි අපිව තියාගන්න හරි තීරණය වන්නේ මේ ඡන්දයෙන් පස්සේ. රටේ ජනතාව ඒ තීන්දුව දෙයි. කාවද? එලවන දේශපාලකයින් කියලා.

අනිවාර්යෙන්ම අලියාගේ ඡන්දය ඉල්ලන්න මේ රටේ කිසිම මිනිහෙකුට කොයි ගමටද? කොයි ගෙදරට ද? යන්න පුළුවන් කියලා මං අසනවා. ඒකයි මට තිබෙන ප්‍රශ්නය.අලියගෙන් ජන්දය ඉල්ලන්න සජිත් ප්‍රේමදාස කණ්ඩායමක් යොදවා තිබියදි කාටද යන්න පුළුවන්. එහෙම පුලුවන්නම් අපි ඡන්දෙ ඉල්ලන්නෙ අලියගෙන්. අපි අලියගෙ පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්. එහෙම බැහැ එහෙම යන්න බැහැ එහෙම නායකත්වයක් නැහැ

අද අපි ගම්පහ දිස්ත්‍රික් නායකයා හැටියට ඒ සටන මෙහෙයනවා. ගම්පහ දිස්ත්‍රික්යේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගන් එක්සත් ජාතික පක්ෂයට එක් උනේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ හැටියට ඉතුරු වුනේ එක්කෙනයි. සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය ඒකයි රටේ ජනතාව තේරුම් ගත්ත ඔය පක්ෂයේ මහලේකම් වරු මොන කතන්දරේ කීවත් රටේ මිනිස්සු ඉල්ලන්නේ මේ ආණ්ඩුව කරන වැරදි වැඩට වලට එරෙහිව සජිත් අගමැති කරවිමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *