Covid- 19 මර්ධනයට සෞඛ්‍ය සේවාව වසර දෙකක් සුදානම් කරන්න

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි

Covid- 19 මර්දන ක‍්‍රියාවලිය වඩා විද්‍යාත්මක ප‍්‍රවේශයකින් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවාවේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සහ ගැටලූ විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ දසවැදෑරුම් යෝජනාවලිය සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් රජයට ඉදරිපත් කර ඇත.මේ අනුව,  සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා මෙසේය. කොවිඩ්-19 #Covid- 19 ඇතුළුව ලක්වැසියන් මුහුණදෙන විවිධාකාරයේ සෞඛ්‍ය අර්බුධවලට සාර්ථකව මුහුණ දීමට හැකිවන ආකාරයෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව හා වෘත්තීය අභිවෘධිය සහතිකවන පරිදි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ අත්‍යවශ්‍ය ප්‍රතිසංවිධාන සහ සවිබල ගැන්වීම් ප්‍රමාණයක් ඉදිරි වසර කීපය තුල සිදුකල යුතුව ඇත. ඒ වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ලෙස අපල ලොව පුරා ඇති දැනුම සහ අත්දැකීම් ද සැලකිල්ලට ගත් විද්‍යාත්මක වැඩපිලිවෙලක් සකස් කිරීමට සහ එය ක්‍රියාත්මක කරවාගැනීම වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට අප සූදානම් වී සිටිමු.

එහි පළමු පියවර ලෙස මෙම ඒකාබද්ධ යෝජනාවලිය ඔබ වෙත ඉදිරිපත් කරමු.

1. සෞඛ්‍යය සේවාව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන ඖෂධල උපකරණ සහ යටිතල පහසුකම් (Drugs, Devices, Eqipments, Logistics and Infrastructure) හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර (රාජ්‍යයන්, සංවිධාන සහ ආයතන)  සහයෝගය ලබාගෙන කටයුතු කළ හැකි විධිමත් සංවිධාන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

2. මේ මොහොතේ වැඩි අවදානමකට මුහුණ දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍යය, ගුණාත්මකභාවයෙන් ඉහලරැසම්මත ප්‍රමිතියෙන් යුතු පුද්ගල ආරක්ෂක උපකරණ රජය විසින් සැපයිය යුතුය.

එමගින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට රෝග පැතිරීම මෙන්ම ඔවුන් මගින් රෝගය ප්‍රජාව තුළට ව්‍යාප්ත වීම ද වළක්වා ගත හැකිය. ඒ පිළිබඳව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ  සහ මෙම වෛරසයට දැනට සාර්ථකව මුහුණ දුන් රටවල මාර්ගෝපදේශවලට අනුකූලව පුද්ගල ආරක්ෂක උපකරණ භාවිතය විධිමත් කළ යුතුය. සෞඛ්‍යය කාර්යය මණ්ඩල මුහුණ දෙන #කොවිඩ්-19 #Covid- 19 වෛරසය ආසාදනය වීමේ අවදානම ඇති සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවය අනුව වරින් වර #කොවිඩ්-19 #Covid- 19 සඳහා වූ PCR පරීක්ෂණ වලට භාජනය කළ යුතු බවට යෝජනා කරමු.

3. පුද්ගල ආරක්ෂක උපකරණ සහ අනෙකුත් උපාංග ඉදිරි කාලය තුළදී විශාල වශයෙන් අවශ්‍ය විය හැකි බැවින් ඒ සඳහා විධිමත් සැපයීම් ක්‍රමවේදයක් සකස් කළ යුතුය. දැනට පවතින වෛද්‍ය සැපයුම් අංශයේ ධාරිතාව ප්‍රමාණවත් පරිදි ඉහළ දැමීම සඳහා එම ආයතනයේ භෞතික හා මානව සම්පත් ප්‍රමාණය ඉහළ දැමිය යුතු අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව වෙනත් අමාත්‍යාංශවලද සහය ලබාගෙන වෙනම සැපයුම් කාර්යාංශයක් ස්ථාපිත කළ යුතු බව යෝජනා කරමු.

4. එම කාර්යය සඳහා රජයෙන් මුදල් රෙගුලාසිවලට යටත්ව අමතර මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුය. එම කාර්යාංශය මගින් අවශ්‍ය පුද්ගල ආරක්ෂක උපකරණ හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීම තහවුරු කළ යුතුය. විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලටල අනෙකුත් කාර්ය මණ්ඩලවලට සහ ජනතාවට අවශ්‍ය පුද්ගල ආරක්ෂක උපකරණ ආනයනය කිරීම ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමල නිෂ්පාදනය කිරීම එම ආයතනයේ වගකීම් විය යුතු බවට යෝජනා කරමු.

5. මෙම #කොවිඩ්-19 #Covid- 19 වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට දැඩි අවදානමක් යටතේ සේවය කිරීමට සිදුවේ. දැනට සෞඛ්‍ය කාර්යය මණ්ඩල විශාල ප්‍රමාණයක් නිවෙස් වලටරැ ගම් වලට යා නොහැකිව නිල නිවාස වල හෝ වෙනත් නවාතැන් වල නැවතී රාජකාරි කරනු ලබයි.

නිවෙස් වල  සිට පැමිණෙන අයද පොදු ප්‍රවාහන සේවාව අඩාලව ඇති තත්ත්වය හමුවේ බරපතළ ප්‍රවාහන දුෂ්කරතාවයකට මුහුණ දී ඇත. ඒ සඳහා ඔවුන්ට විශාල අමතර වියදමක් දැරිමට සිදුව ඇත. රජය මගින් යම් ප්‍රමාණයක් ප්‍රධාන මාර්ග වලට බස්රථ සපයා තිබුණ ද ඒවා ප්‍රමාණවත් නොවේ. මේ සියලූ තත්ත්වයන් සලකා බලා ඔවුන්ගෙන් තෘප්තිමත් සේවාවක් ලබා ගැනීම සඳහා අවශ්‍යතාවය අනුව ඔවුන්ට ආහාර, නවාතැන් හා ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත්ව සිදුකළ යුතු බවට යෝජනා කරමු.

6. සෞඛ්‍යය සේවාව තුළ විශාල කාර්ය මණ්ඩල හිඟයක් පවතින අතර #කොවිඩ් වසංගතයට පෙර කාලයේ සාමාන්‍ය රාජකාරිවලට අමතරව විශාල පැය ගණනක් අමතර රාජකාරි/අතිකාල සිදුකිරීමට බලකෙරී තිබුණි. ඒ සඳහා ලැබුණු දීමනා වැටුපෙන් සැලකියයුතු කොටසක් බවට පත්වී තිබුණි. පවතින ඉහළ ජීවන වියදම  සහ ණයබර හමුවේ සෞඛ්‍යය කාර්යමණ්ඩලද දැඩි ආර්ථික අපහසුතා මැද රාජකාරි ඉටු කල නමුත් #කොවිඩ්-19 #Covid- 19 වසංගතය හමුවේ කාර්ය මණ්ඩලවල සේවාවේ ස්වභාවය වෙනස්වී ඇති බැවින් වැටුප් ගෙවීමේදී අවම වශයෙන් පසුගිය ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස වල සම්පූර්ණ වැටුප් වල (මූලික වැටුප සහ අනෙකුත් සියලුම දීමනා) මධ්‍යනය ගණනය කර එම වැටුප එම දුෂ්කර කාලය අවසන් වන තුරු  ගෙවන ලෙස යෝජනා කර සිටිමු.

7. මේ  දක්වා අප රටේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශයේ සහ සායන වල අධික තදබදයක් පවතී. දියුණු සෞඛ්‍ය සේවාවක් ඇති රටවල බිම් මට්ටම දක්වා විහිඳුණු ‍ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සෞඛ්‍යය ආයතන (Family care unit/ GP Centres/Polyclinic) පද්ධතියක් පවතී. එම ආයතන මගින් රෝගීන් හඳුනා ගැනීම, ප්‍රතිකාර, අත්‍යවශ්‍ය යොමු කිරීම් සිදු කිරීම, බෝනොවන රෝග තත්ත්වයන්වලට ප්‍රතිකාර ලබන රෝගීන් ට දිගුකාලීනව ප්‍රතිකාර සිදුකිරීම (1st Contact, Continuity of care and Holistic care) සිදු කරනු ලබයි.

 මෙවන් තත්ත්වයක් අප රටේ නොමැති අතර එම නිසා අප රටේ රෝහල් තුළ රෝගීන්ගේ තදබදයක් පවතී. මෙම තත්වය හමුවේ #කොවිඩ්-19 #Covid- 19 මර්දන මූලධර්මවලට අනුව බාහිර රෝගී අංශය සහ සායන පවත්වා ගෙන යාම විශාල අභියෝගයකි.

එම නිසා #කොවිඩ්-19 #Covid- 19 මර්දන මූලධර්මවලට අනුව බාහිර රෝගී අංශය සහ  සායන පවත්වාගෙන යාමට හැකි වන ආකාරයට සෞඛ්‍ය පද්ධතිය පුළුල් කළ යුතුය. ඒ සඳහා ගම් මට්ටමින් නව ප්‍රතිකාර  ඒකක ආරම්භ කිරීම (ඒකක 8000ක් පමණ අවශ්‍ය බව අපගේ තක්සේරුවයි), දැනට පවතින ප්‍රාදේශීය රෝහල් සහ ‍ප්‍රාථමික වෛද්‍ය ඒකක වල භෞතික සහ මානව සම්පත් වැඩි කිරීම මගින් ඒවායේ ධාරිතාව වැඩි කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය භාවිතා කිරීම ඉහළ දැමීම ආදිය මගින් එම ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සිදු කළ යුතු අතර අවශ්‍ය අවස්ථාවලදී පරිත්‍යාගශීලීන්ගේ සහ ස්වේච්ඡා සංවිධානවල සහාය ලබාගත යුතු බවට යෝජනා කර සිටිමු.

8. #කොවිඩ්-19 #Covid- 19 වසංගතය තවදුරටත් පැතිර යන තත්ත්වය තුළ දැනට සෞඛ්‍ය සේවාව සමග ඒකාබද්ධව සේවය කරන ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සෞඛ්‍යය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතු අතර මෙම වසංගත  රෝගය පිළිබඳව ඔවුන්ගේ දැනුම ඉහළ දැමීම  සඳහා කටයුතු කිරීමෙන් ඔවුන් මෙම රෝගයට ගොදුරුවීම සහ ඔවුන් මගින් ප්‍රජාව තුළට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගත යුතු බවට යෝජනා කරමු.

9. නිරෝධායනය ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සිදු කළ යුතු අතර එය අර්ථාන්විතල නිරෝධායන පනතට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන මූලධර්ම වලට අනුකූලවනසේ නිරෝධායන ක්‍රියාවලියේ දැනට පවතින දුර්වලතාවයන් මග හරවාගත යුතුය.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මාර්ගෝපදේශ අනුව නිරෝධායනය සිදුකළ යුතු හොදම ක්‍රමය තනි තනි පුද්ගලයන් සනීපාරක්ෂක පහසුකම් සහිත (යාබද නාන කාමර සහිත) කාමරවල තනි තනිව නිරෝධායනය කිරීමයි.

නිරෝධායනය කරන පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ආහාරල ජලය සහ අනෙකුත් දෑ එම කාමර වලට සැපයිය යුතුය. එවැනි කාමර පහසුකම් සපයා ගැනීම සඳහා සංචාරක මංඩලයේ අනුමැතියලත් හෝටල් කාමර 35,000ක් පමණ ඇති බව අවධාරණය කරමු. එම ව්‍යවසායකයින් සමග සාකච්ඡා කර සාධාරණ ක්‍රමවේදයකට අනුව එම ආයතන නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි බවට යෝජනා කරමු.

10. දිනෙන් දින #කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යව ඉහල ගියහොත් රෝග ලක්ෂණ රහිත හෝ අවම රෝග ලක්ෂණ සහිත අසාදිතයන්ව සමාජයෙන් වෙන්කර නිරීක්ෂණය (isolation and observation) ස‍ඳහා රජයේ රෝහල් පද්ධතියෙන් පිටත ස්ථාන ලබා දීමට කටයුතු කරන මෙන් යෝජනා කරමු. ඒ සඳහා යොදාගත හැකි පුද්ගලික රෝහල් සතු කාමර 5,000ක් පමණ ඇති අතර හෝටල් වැනි ආයතනද භාවිතාකල හැක. පුහුනුවලත් හෙදියන් සහ වෛද්‍යවරුන් ඔවුන් නිරීක්ෂණය සඳහා යෙදවිය හැක. ඒ ආකාරයට ස්ථානගතකර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වන යම් #කොවිඩ් ආසාධිතයකුගේ තත්වය උත්සන්න වුවහොත් ඒ සඳහා වෙන්කල රජයේ රෝහල්වලට ඇතුලත් කල හැක.

මෙමගින් දැනට #කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති එහෙත් මීට කලින් සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතාකල වාට්ටු සහ රෝහල් ඉන් මුදවා ගැනීමටත් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන #කොවිඩ් නොවන රෝගීන් ආරක්ෂාකර ගැනීමටත්  ඔවුන්ට පෙර පරිදි ප්‍රතිකාර කිරීමටත් අවස්ථාව ලැබේ.

ඉදිරි කාලයේදී #කොවිඩ්-19 #Covid- 19 රෝග පාලනය සඳහා වසර 2 ක කාලයක් සඳහාවත් අවම වශයෙන් සූදානම් විය යුතු බව අප ප‍්‍රකාශකර සිටිමු. ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ ඉහත සඳහන් කරන ලද ගැටලූ විසඳන ලෙසත්, සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වෙනස්කම්වලදී ඉහත සඳහන් යෝජනාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙසත් ඉල්ලා සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයෝ නිකුත් කල නිවේදනයක දැක්වේ.

මෙහි සමාජිතයෝ මෙසේ ය.

01. නීතීවේදී සමන්ත කෝරලේ ආරච්චි සභාපති සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය.

02. වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

03. වෛද්‍ය කේ.පී.ආර්.එස්. ගුණරත්න ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීගේ සංගමය.

04. හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා හෙද සංගමය.

05. දීප්ති ජයතුංග සභාපති සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය.

06. රේණුකා ලියනගේ ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා වාට්ටු ලිපිකාරින්ගේ සංගමය.

07. සොයිසා ගුණතිලක සභාපති සමස්ත ලංකා රෝහල්  ඕවර්සීස්වරුන්ගේ සංගමය.

08. අරුණ ශාන්ත ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා දුරකතන ශිල්පීන්ගේ සංගමය.

09. වෛද්‍ය එම්.ජේ.එන්. බණ්ඩාර ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය.

10. මහින්ද ගුරුගේ ප‍්‍රධාන ලේකම් සමස්ත ලංකා සුවසේවා සංගමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *