මහින්දගේ විපක්ෂ නායක දූරයට එරෙහිව TNA ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන්

පසු ගියදා විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට දෙමල ජාතික සන්ධානය තීරණය කර තිබේ.ඒ සම්බන්ධයෙන් ඔවුන් මූලිකව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ඔහු දරන ලද සන්ධාන මන්ත්‍රි ධුරය අහෝසි වන නිසා විපක්ෂ නායක ධුරයට පත් කල නොහැකි බවයි.එජනි සන්ධාන නායකයා වන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස ඇමති ධුරයක් දරන නිසා සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබා දිය නොහැකි බවට ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම සියලු මාධ්‍ය මගින් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගන්නා ආකාරය දුටු බවත් එවන් තත්වයක් තුල මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් විපක්ෂ නායක දුරයේ කටයුතු කිරීමට නොහැකි බැවින් මෙම නඩු විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරය දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්දැයිද අධිකරණයෙන් ඉල්ලා සිටීමටද දෙමල සන්ධානය තීන්දු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *