ජපුර සරසවියේ දී බරපතල තුවාල ලැබූ පසිදුගේ පියා කියන සංවේදී කථාව
සරසවියට මත්පැන් පිටතින් ගෙනෙන බව පීඨාධිපති කීවා
ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ගෙන් ඇහුවා ඔබ තුමාගේ අවසරය ඇතිවද මේක පැවැත්වුණේ කියල එතුමා කිව්වා අවසරය ඇතුව කියලා මම ඇහුවා අරක්කු ගේන්නත් අවසරය දුන්නද කියලා එතකොට කීවා ඒවා පිටින් හොරෙන් ගෙනත් තියෙන්නේ කියලා දරුවා සිකුරාදා අලුයම 1.30 ට පමණ යාලුවත් එක්ක බෝඩිමට යන්න පිටත් වෙලා තියෙනවා යාලුවත් එක්ක එතකොට ඉහල මහලේ පාටි දාපු ලොකු ළමයි විශාල ටැක්ටර් ටයරයක් පඩිපෙළ දිගේ පහලට එවලා ඒක දරුවාගේ ඇගේ වැදිලා පහලට විසිවෙලා ඔලුව වැදිලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පසිදු හිරුෂාන් සිසුවාගේ පියා විසින් මෙම අදහස් පලකරන ලදී
අනතුරට ලක්වෙලා කළුබෝවිල මහ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුලත් කරලා තියෙනවා පැය ගානක ඔපරේෂන් එකක් දරුවාගේ කළා දරුවා දැනට ඉන්නේ මැෂින් එකෙන් වෛද්‍යවරු කියන්නේ මැෂින් එක ගලවුවොත් දරුවා මැරෙනවා කීවා දරුවට මෙහෙම දෙයක් කරගන්නද මම දුක් මහන්සි වෙලා දරුවට ඉගැන්නුවේ මේ ගැන කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ විශ්වවිද්‍යාලයෙන් කිව්වා පොලීසියට යන්න කියලා පසුව මේගැන මිරිහානේ පොලීසියට පැමිණිලි කළා තවම කිසිම තැනකින් අපිට සාධාරණයක් සිදුවුණේ නැහැ ජනාධිපති තුමා කීවා නවක වධය නතර කළා කියලා ඒත් නවක වධය දෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ