ජීවිතයත් මරණයත් අතර සටනින් ජයගත් ජ’පුර පසිදුගේ කථාව

ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ පසිදු ඉෂාන් සිල්වා සිසුවා මේ වසරේ මාර්තු 6 වන දින විශ්ව විද්‍යාල භූමියේදී ටයරයක් හිසට පෙරලීම නිසා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 98 ක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් ප්‍රතිකාර ලබමින් සිට නිවසට පැමිණ ඇත. එහෙත් ඔහු තව දුරටත් වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත පුර්ණ සුවය ලැබීම සදහා නිවසේ රදවා අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබයි.

අප අද දින නිවසට යන විට නිවසේ වෙනම කාමරයක ආරක්ෂිතව රදවා ඇති පසිදු තම සොයුරු ගේ උපකාරයෙන් නැවත පුර්ණ සුවය ලැබීම සදහා සටනක් දෙන බවට සාක්ෂි ඉතිරි කරමිනි තම යෞවන ජීවිතයේ මේ මුහුණදුන් අනපේක්ෂිත අනතුර නිසා සදාකාලික අබධිතයෙකු නොවී නැවත පසිදු ජීවිතය ජයගන්නට මහත් වෙහෙසක් ගනිමින් ඇත එදා රාත්‍රියේ මත්පැන් නිසා මනස විකුර්තිවු ජේෂ්ඨ සිසුන් කිහිප දෙනෙකු සිදුකල නරුම ක්‍රියාව තවමත් පසිදුට කියා ගැනීමට නොහැකිය එහෙත් පසිදු ජීවිතය ජයගන්නට කරන උත්සාහය අගය කල යුතුය දින 98 රෝහලක අඩක් මත තම යෞවන ජීවිතය ගෙවූ ඔහුට තවත් කාලයක් නිවාස තුල සිට පුර්ණ සුවය ලැබීමට සිදුව ඇත අපි පසිදු ඉෂාන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමු

ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන්ගේ බැජ් පාටිය අතරතුර මෙම සිසුවා ජේෂ්ඨ සිසුන්ගේ කැදවීමකට අනුව විශ්ව විද්‍යාලයේ එම සාදය පැවැත්වෙන තුන්වන මහල වෙත ගොස් ඇත අනතුරුව එම සිසුවා ඇතුළු සිසුන් තිදෙනෙකු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ මත්පැන් පානය කරමින් සිටි ජේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේ තිබූ විශාල ටයරයක් පසිදු පහලට බසින් සිටින අවස්ථාවේ පහලට පෙරලා ඇත එම ටයරය පසිදුගේ ගෙල සහ හිස ප්‍රදේශයේ වැදීමෙන් සිහිසුන්ව වැටී ඇත අනතුරුව පසිදුව රෝහල් ගතකර කරන ලදී ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව වෛද්‍ය වරුන්ගේ දැඩි කැපවීම මත මෙම සිසුවා වෙත පියවි සිහිය ලබාදෙමින් ජීවත් කිරීමට සමත් වන ලදී

මෙම සිද්ධියෙන් පසු ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී ඉන් සිසුන් පස්දෙනෙකුට ඇප හිමි වූ අතර තවත් සිසුවෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී මෙම සිදුවීම පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුයේ විශ්ව විද්‍යාල තුල කියාත්මක අමානුෂික නවක වදයයේ තවත් බිල්ලක් ලෙස පසිදු ඉෂාන් සිසුවා පත්වූ නිසාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *