කථානායකගේ වගකීම පක්ෂ සාමාජිකත්වය සෙවීම නොවේ

ගැටළුවක් ඇත්නම් අධිකරණය තීරණය කළ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තිබේද නැත්ද යන කරුණ අධිකරණය තීරණය කළ යුතු බවත් ඊට කථානායක ලෙස තමා මැදහත් වීමට අවශ්‍ය නොවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.පක්ෂවල තිබෙන අර්බුධ තමන්ට අදාල නොවන බවත් යම් මන්ත්‍රීවරයෙකු පක්ෂ සාමාජිකයෙකු ද නැද්ද යන්න සම්බන්ධයෙන් මුලින්ම තීරණය කරන්නේ එම දේශපාලන පක්ෂයේ ලේකම් වරයා විසින් බවත් තව දුරටත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් අධිකරණය තීරණය කළ යුතු අතර ඊට කථානායක ලෙස තමා මැදහත් වීමට අවශ්‍ය නොවන බවද කථානායක වරයා සර්ව පාක්ෂික සමුළුවේ නියෝජිතයින් සමග කථානායක කාර්යාලයේ පැවති හමුවක දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මේ බව කියා තිබේ.

ආර්.සම්බන්දන් මහතා සැමවිටම පරිණත ගෞරවනීය නායකයෙකු ලෙස රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු වන නමුත් ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් විපක්ෂ නායක ධූරය පිළිබඳව සිය තීරණය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළ බව කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කර ඇත.තමා පසුගිය කාලය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරුකරන පුද්ගලයෙකු වශයෙන් කටයුතු කලබව සදහන් කරන ලදී එම අවස්ථාවන් වලදී තමා ගත් තීන්දු වලින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ප්‍රසාදයට පත්වූ බව සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *