හදිස්සියි…. දකුණු පළාත් සභාව හදිසියේ රැස්වේ
ආණ්ඩුකාර වරයාට පැවරී ඇති බලතල යටතේ හදිසි රැස්වීමක් කැදවීමට තීරණය කරයි.
දකුණු පළාතට මේ වන විට බලපා ඇති හදිසි තත්ත්වය නිසා දකුණු පළාත් සභා සැසිවාරය කල් දමා තිබුණ ද මෙම මස 12 වන දින හදිසි දකුණු පළාත් සභා රැස්වීමක් කැදවීමට තීරණය කල බව දකුණු පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා පවසයි.
07 දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය, දකුණු පළාත්ට මේ වන විට බලපෑ ඇති උණ තත්ත්වය නිසා පළාත් මන්ත්‍රීවරුන් ද මේ සම්බන්ධයෙන් මගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ ඉල්ලීම් සහ දකුණේ මෙව වන විට පවතින තත්ත්වය සලකා බලා ආණ්ඩුකාර වරයාට පැවරී ඇති බලතල යටතේ මෙසේ දකුණු පළාත් සභා හදිසි රැස්වීමක් කැදවීමට තීරණය කර බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.