ඉමදුව ආදාහනාගාරය නිසා මන්ත්‍රිවරු  මරාගන්නට යයි. (විඩියෝ  සහිතයි)

ඕයි පිං මන්ත්‍රී බහිනවා බිමට, ඕව කරන්න මෙතන බෑ,

 

ඉමදුව ප්‍රා දේශීය සභාවට අයත් අදාහනාගාරයේ මිළ ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉමදුව ප්‍රා දේශීය සභා සභාපති ඒ.වී සරත් කුමාර මහතා විසින් 19 දින පැවති ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීමට ගෙන ඒමත් සමඟින් සභාවේ ඇති වුයේ උණුසුම් තත්වයකි. ඉමදුව සභාව 19 දින ඉමදුව ප්‍රා දේශීය සභා ශ්‍රවනාගාරයේ දී සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම යෝජනාව සදහා අදහස් දැක්වීමට නැඟී සිටි අවස්ථාවේ දී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මන්ත්‍රීවරයා උද්වේගකාරීව අදහස් දැක්වීම නිසා සභාව උණුසුම් විය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා,

මේ සභාවේ තීන්දු තීරණ ගන්නේ තනිවම. මේ සදහා අපිට සහයෝගය දිය නොහැකියි. වීථි පහනක් ඉල්ලුවාම දෙන්න බෑ කිව්වා. මම මගේ අතේ සල්ලි වලින් දාන්නම් කිව්වාම එකත් බෑලු. සභාපතිවරයා දේශපාලනයක්ලු කරන්නේ අපි ඉල්ලුවාම කිසි දෙයක් දෙන්නේ නෑ. මේවට විතරක් සහයෝගය ඉල්ලනවා. අපි මන්ත්‍රීවරුන් විදියට අයිතිවාසිකමක් ඉල්ලන්නේ. ඒවා දෙන්න බෑලු. මේක සභාවක් ද? මෙහෙම ද සභා කරන්නේ.

සභාපති ඒ.වී සරත් කුමාර මහතා,

මේ කරුනාකරලා වාඩි වෙන්න.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා,

නෑ මම වාඩි වෙන්නේ නෑ මොනවා කරන්නද?

සභාපති ඒ.වී සරත් කුමාර මහතා,

මම සභාපති කියන්නේ වාඩි වෙන්න.

ඒ අවස්ථාවේ දී, නෑ මම වාඩි වෙන්නේ නෑ කියමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මන්ත්‍රී වරයා මේසට උඩ තිබු වතුර බෝතලයට හා නාම පුවරුවට පයින් ගසා මේසය උඩට නඟිමින් නැවත වතාවක් සභාපතිවරයා හා උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ඒ අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද සභාපතිවරයා ට සහය දෙමින් අදහස් දක්වන්නට වීම නිසා සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්,

ඕයි පිං මන්ත්‍රී බහිනවා බිමට, ඕව කරන්න මෙතන බෑ, ඡන්ද 300 ක් අරගෙන මෙතන එනවා පාට් දාන්න, සභාවේ විනයක් තියනවා, සභාවේ සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා. කියමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයාට විරෝධය දැක්වීය,

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා,

මහින්දගේ කර පිටින් පිනට ආපු මන්ත්‍රීවරු නෙවේ අපි. අපි ඡන්ද අරගෙන ආවේ.

ඒ සමඟම නැවත සභාව උණුසුම් වු අතර සභාවේ ඇති වුයේ එකම කාලගෝට්ටියකි.

සභාපති ඒ.වී.සරත් කුමාර මහතා,

මෝඩයෙක් තිරිසනෙක් වගේ හැසිරෙන්න එපා. ඔබතුමා මන්ත්‍රීවරයෙක්.වීරයෙක් වෙන්න එපා. මේ මුදල වැඩි කරන්නේ සභාවට වැඩ කරන්න මම රුපියලක්වත් හොරකම් කරපු මිනිහෙක් නෙවේ.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්,

මෙයාව එලියට දාන්න.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා,

පුළුවන් දෙයක් කරන්න. මගේ කට නවත්වන්න බෑ. කොහේද සභාවට වැඩ කරලා තියෙන්නේ. කරපු වැඩක් පෙන්වන්න බලන්න.

සභාපති ඒ.වී.සරත් කුමාර මහතා,

එලියට බැහැලා බලනවා වැඩ කරපුවා. ඕවට එන්න එපා. මම මෙතන නෙවේ නම් ඔබතුමාට සලකන්නේ මෙහෙම නෙවේ. ඒ නිසා කට පිරිස්සමින් කතා කරන්න.

කසේ නමුත් පසුව ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති ජේ.කේ.ඩී. ජයවික්‍රම මහතා පැමිණ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා මේසයෙන් බිමට බැස්සීමෙන් පසුව මේ සදහා ඡන්දය විමසු අතර එහි දී මේ යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක්ද, විරුද්ධව 02 යි ද ලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ එජාපයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ජවිපෙ හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා මේ සදහා විරුද්ධව ඡන්ද ය ලබා දුන් අතර මේ යෝජනාවට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 11 දෙනා සහ එජාපයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදුනි.ඒ අනුව අදාහනාගාරයේ මිළ ගණන් වැඩි කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 09 කින් සම්මත විය

වීඩියෝව මෙතනින්

https://www.youtube.com/watch?v=UJC62-m1jOY&feature=youtu.be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *