සිරිලිය ඩිෆෙන්ඩරය නඩු භාණ්ඩයක් වෙයි // තාජුඩින් ඝාතන නඩුව

තාජුඩින් පැහැර ගැනිමට මෙම ඩිෆේන්ඩර් රථය යොදා ගත් බව

හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා විසින් 2011/8/11 සිරිලිය ව්‍යාපෘතිය සදහා මුදා හැර තිබුණ ද එම ව්‍යාපෘතිය සඳහා කිසිම අවස්ථාවක රථය ලබා නොදුන් බවටත් මෙම රථය යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිය පුද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇති බවටත් කරුණු වාර්තා වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ.රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගෙන ඇති බව කියන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත සිරිලිය සවිය ව්‍යාපෘති කටයුතු සදහා පරිත්‍යාග කරන ලද ඩිෆෙන්ඩර් රථය තාජුඩීන් නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (3) නම් කළේය.

යෝෂිත රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව 2012 වර්ෂයේ දෙසැම්බර් මස මැද භාගයේ දී සී.එස්.එන් මාධ්‍ය ජාලයේ අලෙවි විධායක ඩීන් නැමැත්තා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ගරාජයකින් මෙම රථය කළු පැහැ ගැන්විම සිදු කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා ‍කර තිබිණ.‍

2015 ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 20 හෝ 21 යන දිනක දී ජනාධිපති ලේකම් කාර්යාලයේ කුලසේකර නැමැත්තාගේ නිවසේ දමා ගොස් තිබු බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දන්වා තිබිණ.සැකකටයුතු ඩිෆේන්ඩර් රථ දෙකක් හෝමාගම හබරකඩ ඇති බවට 2016/3/3 රහස් පොලිසියට ලද තොරතුරක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබේ.

ඩබ්ලිව්.පී.කේ .ඊ 3671 හා ඩබ්ලිව්.පී.කේ.ඒ 0642 දරණ ඩිෆේන්ඩර් රථ දෙක සම්බන්ධයෙන් 2015/2/18 විමර්ශන ආරම්භ කර ඇත.

රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ගේ නමට රථ ලියාපදිංචි වි ඇති බවත් 2015/2/20 සිරිල් සෙවන හබරකඩ හෝමාගම ලිපිනයේ කළුපැහැති ඩිෆේන්ඩර් රථය රහස් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවත් මෙම රථය 2011 මැද භාගයේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ දැනුම් දිමෙන් සුදු පාට ඉවත් කර නිල වර්ණය යෙදු බවත් එය විජයකුමාරතුංග මාවත පොල්හෙන්ගොඩ කොළඹ 5 රිලයබල් මෝටර්ස් නැමැති ස්ථානයෙන් සිදු කර ඇති අතර නැවත 2012 දෙසැම්බර් මැද භාගයේ දී ඩින් නැමැත්තාට දුන් උපදෙස් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ ගරාජයකින් කළු වර්ණය ගැන්වු බවට අධිකරණ වාර්තාවේ සදහන්ය.

ජනපති කාර්යාලය මඟින් ඉන්ධන ඇතුළු නඩත්තු සදහා ගෙවිම් සිදු කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගණය අසල හැව්ලොක් පෙදෙසේ දී 2012/5/17 අළුයම් කාලයේ දී වාහනයක් තුළ දී පිලිස්සි මිය ගිය රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩින් මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය වු බව පවසන රහස් පොලිසිය තාජුඩින් පැහැර ගැනිමට මෙම ඩිෆේන්ඩර් රථය යොදා ගත් බවට සාධාරණ සැකයක් මතු වි ඇති බැවින් එම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස මේ ඩිෆේන්ඩර් රථය නම් කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පාටවෙනස් කිරිම සම්බන්ධ නඩුවේ නඩු භාණ්ඩයක් ව තිබෙන ඩිෆේනඩර් රථය තාජුඩින්‍ නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කළේය.

මේ ඩිෆෙන්ඩර් රථය දැනට රුපියල් ලක්ෂ 50 කබැදුම්කරයක් මත 2016/5/4 වන දින අධිකරණය විසින් රතුකුරුස සංවිධානයේ නියෝජිතයෙකු වෙත මුදා හැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *